Pages

Wednesday 16 October 2013

බාල නඟා හා පොඩි මස්සිනා වෙත.....


Photo credit: salon.com

බාල නඟේ මහා ගෙදරට තනි රකින
අප මවු පියන්ගේ දුක සැප නිතිබලන
ඔබ මස්සිනා සමඟින් සැමදාකරන
අඟනා මෙහෙය වැනුමට මට නැතවචන
  
ඉන්න නිසා ඔබ මට ඇති බරඅඩුය
දුරු රට වසමි වෙන විකල්පයක් නැතිය
ළඟ සිට මව් පියන් බැලුමට ඇති පිරිය
සිහිනයක්ම පමණකි හැබැහින් බැරිය
  
දෙපා නොමැති පියාගේ වැඩ ඉටු කරමින්
මෑණියන්ගේ දුක සැප හැමවිට බලමින්
දරුවන් දෙදෙනාවත් හරි මඟ යොමු කරමින්
ඔබ දිවි ගෙවයි පින් කන්දක් කරමින්
  
පොඩි මස්සිනේ ඔබවන් අය සුලභ නැත
ඔබ කරනා කාරිය සුළු පටුද නැත
මා ළඟ නැති අඩුව ඔබ පුරවලා ඇත
මම ණය ගැතියි මල්ලියේ වෙන වදන් නැත
  
නුබ තනි වෙලා යැයි කිසිවිට නොසිතන්න
ගතින් ළඟ නැතත් හිත ඔහේ දැනගන්න
දෙමාපියන් හා ඔබ සැම දැක ගන්න
ළඟදිම ගෙදර එමි නංගියේ මා ඔන්න

No comments:

Post a Comment