Pages

Saturday 8 April 2017

අප හැර ගිය මහා සිනමාවේදී වසන්ත ඔබේසේකරයන් වෙනුවෙනි...




ඉපැදුණු කෙනෙකු දිනයෙක මියැදෙයි කියන
අනියත දහම නැවතත් සිහිකොට දෙමිණ
සිනමා අඹර දිදුලුණු පුන් සඳ පහන
සදහට නිවුණු බව දැනගන්නට ලැබිණ

ඔබ තැනු " දියමන්ති" සදහට දිස්නෙ දෙවයි
කවුරුත් කතා කෙරුවේ  " වෙස්ගත්තො" ගැනයි
" දඩයම" කටුක සත්‍යයකි ඉන් මහද දැවෙයි
" කැඩපත" මවන " ඡායා" වෙන් ඔබව පෙනෙයි

සිනමා රූපයෙන් පළකොට තම මතය
ඔබ පෑ විකුම් වින්ඳේ නැරඹූ නෙතය
වියදම් කොට දමා සතුවූ හැම සතය
නිමැවූ ඔබේ කෘති මියයන්නේ නැතය

ඔබ අද ගොසිනි අප දිනයක යන ගමන
අමතක වෙලා වාගෙයි නාමය මෙදින
නෙතු අග කඳුළු බේරෙයි මහදින් තැවුණ
පතනෙමි සුබ ගමන් සිත සනසා ගමිණ


අද වසන යොවුන් පරපුර ඔබ ගැන නොදන්නා නමුදු ඔබ අපේ ලොවේ නම් සදහටම මහා වීරයෙකි. ඉතිං මහා සිනමාවේදියාණෙනි, ඔබට සුබ ගමන්!



Monday 3 April 2017

කපුගේ සූරීන් නික්ම ගොස් වසර 14 පිරීම නිමිත්තෙනි.



ආදරණීය කපුගේ.....

රත් පැහැ මලින් වැසෙනා එරබදු යායේ
හිත් නොහොඳින්ද කොවුලා නැත හඬ ගෑයේ
සත් සර අසන්නට දෙසවන හැර වූයේ
පැත්තක වැටුණු වෙන තත කඳුළුය පෑයේ

කපුටන් රජව ඇත කොවුලන් නැති වාරේ
පිහිටෙන් ආපු අය ආරේ ගති නෑරේ
සතුටින් සිහිකරමි එනමුදු සිත පෑරේ
සඟවන් ලියමි දෙනෙතින් කඳුලැලි බේරේ

ගුවන් තොටින් මව් බිම වෙත ආ සබඳ
පවන් රොදේ වෙලිලා වෙනතක ගියෙද
සවන් රිදෙයි නොඇසෙන සඳ ගී නිබද
නිවන් පුරට වැඩියෙද සසරෙහි නොඉඳ...?