Pages

Tuesday 8 July 2014

ඇඹිලිපිටිය සහ එම් ජී......



පසුගිය වකවානුවේ කාරණා ද්විත්වයක් හේතුවෙන් ඇඹිලිපිටිය කාගේත් කතා බහට ලක්වුනි.

ඉන් පළමු කාරණය වනාහී අඟනුවර ඇතුළු රටේ අනෙකුත් ප්රදේශවලට දුම් බීම සඳහා කංසා එසේත් නැතිනම් ජනවහරට අනුව 'සූස්ති' සඳහා අවශ්යය කළමනා සපයන ප්රදේශය වශයෙනි.

අනෙක් කාරණය වූයේ ඒ 88/89 අඳුරැ යුඟයේදී ඇඹිලිපිටියේදී සිදුවූ අමානුෂික ශිෂ්යය ඝාතනයයි.

මේ කාරණා දෙකින්ම ඇඹිලිපිටිය කාගෙත් කතා බහට ලක්වූවත් ඒ ප්රසන්න ආකාරයට නොවේ.

මේ අතර එම් ජී යන නාමයද දකුණු ඉංදියාවේ ඉතාමත්ම ප්රබලව වැජැඹුණු යුඟයක් විය. ඒ එම් ජී රාමචන්ද්රන් නම්වූ දකුණු ඉංදියානු සිනමා නළුවා නිසාවෙනි. 'එම් ජී ආර්' නමින් පතල වූ ඔහු සිනමාවේ මෙන්ම දේශපාලන කරලියේද පිනුම් ගැසුවේය. එහෙත් ඔහු පිළිබඳවත් ජනතාව අතර එතරම් ප්රසාදක් නොවීය.

මේ අතරේදී තවත් එම් ජී කෙනෙකු පසුගිය සතිඅන්තයේ ඇඹිලිපිටියෙන් මුළු සිරිලකම කතා කරන චරිතයක් බවට පත් විය. ඒ නවක සංගීත අම්බරේ නව සඳක් ලෙස කිරැළ පළදිමිනි.

ඔහුගේ නම එම් ජී ධනුෂ්කය. ඒ එම් ජීගෙත් මේ එම් ජීගෙත් වෙනසවූයේ මේ එම් ජී මහා පොළොවේ පය ගසා ජීවත් වීමය. ගිනි කාස්ටකයේ පොළව සමග ගැටී තම දරැවන් රැකි උතුම් ගොවි රජෙකු ඔහුගේ පියා විය. 

දෙරණ නාලිකාව සහ ඒ විද්වත් සංගීතයෙන් පිරිපුන් විනිසුරැ මඬුල්ල මේ එම් ජී සොයා නොගන්නට ඔහුත් තවත් කැලයේම පිපී කැලයේම පරව යන කැලෑ මලක් වන්නට ඉඩ තිබුණි.

පළමුකොටම ඔවුනට මගේ හදපිරි උත්තමාචාරය.

දැන් අප, අපේ කතා නායකයා දෙසට
හැරෙමු.

ඔහු අපගේ දිවංගත බයිලා චක්රවර්තී එම් එස් ප්රනාන්දුගේ ගීතයන්ට නව ජීවයක් කැවීය. එතරම්ම හොඳින් එම් එස්ගේ ගීත ගායනා කරන වෙනත් අයෙකු මෑත භාගයේදී සිටියාදැයි සැක සහිතය.

"මම එන්නේ ඩුබායි රටේ ඉඳලා" " රන් වන් වත බබළන්නේ වැනි එම් එස්ගේ ගීත කෙතරම් නම් මනරම්ව හා විශිෂ්ට අයුරින් ඔහු ගැයීද?
ඒ පමණක් නොවේ එච් ආර් ජෝතිපාල, මිල්ටන් මල්ලවආරච්චි හා මිල්ටන් පෙරේරා ඇතුළු වෙනත් ඕනෑම ගායකයෙකුගේ ගීත ඉතා අපූරැවට ගායනා කිරීමට ඔහුට හැකිවිය.

ඔහුට වාසනාව ළඟා කරදුන් ගීතය වූවේ " හිස් ටින් එකක් වාගේ අපේ මේ ජීවිතේ මල්ලී" ගීතයයි. එය නීල් රෑපසිංහගේ දැන් මතකද චිත්ර පටයට එච් ආර් ජෝතිපාලයන්, මිල්ටන් පෙරේරා හා අල්හාජ් මොහිදින් බෙග් යන ගායක ත්රිත්වය විසින් එම් කේ රොක්සාමිගේ සිත් සතන් පැහැර ගන්නා කන්කලු තනුවකට ගයන ලද ගීතයකි. 

එම ගීතය කෙතරම් හොඳින් ඔහු ගැයූවාද කියතොත් අති මහත් ප්රේක්ෂක පුතිචාර ගලා එන්නට විය.

එදා සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගනයේදි අවසාන මහා තරගයටද එම් ජී එම ගීතය ගැයීය.

එහි මුල් පෙළවල අසුන්ගෙන සිටියේ එසේ මෙසේ පිරසක් නොවේ. දශක ගණනාවක් පුරාවට රිදී තිරය හා වේදිකාව ගායනයෙන්, සංගීතයෙන් හා රංගනයෙන් දිග්විජය කළ කලා කරැවන් සමූහයකි. 

ඔව්හූ කුල්මත් කිරීම සාමාන්ය ජනතාව කුල්මත් කිරීම මෙන් පහසුකාරියක් නොවේ මන්ද ඔහුවු මේ සෑම කළා අංගයකින්ම කෙළ පැමිණියෝ වීමය.

එහෙත් අපේ එම් ජී ඒ අසීරැ කාරිය මනාවටම කළේය. නළුවෝ අත්පුඩි තැලුවෝය. සමහරැ තම අසුන්වලම හිදිමින් රංගනයන් කළෝය. 

මුළු ශාලාවම එකම හඬකින් ගිඟුම් දෙන්නට පටන් ගති. ඒ "එම් ජී! එම් ජී යන නාමයයි.

අපේ එම් ජීගේ අහිංසක පියා සතුටු කඳුළු වගුරවමින් මේ ආශ්චර්ය්ය දෙස දෑස් දල්වා බලා සිටියේය.

සැමගේ පැසසුම් මධ්යයේ ඒ සුබ මොහොත උදාවිය. මෙවර සිහින කිරැළ හිමි කරගන්නේ එම් ජී ධනුෂ්ක යැයි නිවේදක තමෝ ප්රකාශ කරනවාත් සමගම මුළු ශාලාවම ප්රීති ඝෝෂාවෙන් පිරී ඉතිරී ගියේය.

එම නිවේදනය කණ වැකුණු සැණින් අපේ එම් ජී තම පියා වෙත දිව ගියේය. ඒ දසුන් දුටු සැමගේම ඇසට තුටු කඳුළක් එකතුවූයේ නිරායාසයෙන්මය.

සංගීත අම්බරයට පෑයූ මේ නවතම සඳේ සහන් එළියෙන් අව් කාස්ටකයට කරවී තිබණු එම් ජීගේ පියාගේ වත මඬල හා අදුරැ යුඟයෙන් කළු ගැහුණු ඇඹිලිපිටිය ඒකාලෝකවනු දක්නට ලැබුණි.

දයාබර එම් ජී , ඔබගේ කළා දිවිය හිස් ටින් එකක් වාගේ නොවී දිනෙන් දිනම සාර්ථක වී , අපේ සංගීත ලෝකයට අනඟි නිර්මාණ ඔබගෙන් බිහිවේවායයි අවංකවම හද පිරි සෙනෙහසින් යුක්තව ප්රාර්ථනා කරමි. 



70 comments:

  1. අන්න ඔිකට තමයි කියන්නේ බොක්කේ කුනු නෑ කියලා. ඇයි දන්නවද එහම කියන්නේ උඔ ඌව අගය කරලා ලිපියක් ලියපු නිසා.

    ReplyDelete
    Replies
    1. අපි ජාති,ආගම්,කුල හා වත් පොහොසත්කම් නොසලකා අගය කළ යුතු අය අගය කළ යුතුයි. ඒ අවසාන දහ දෙනාම දක්ෂයි. අපේ සංගීතයට යමක් කරන අය ඒ අතරෙ ඉදී කියලා මම හිතනවා. ඔබට බොහොම ස්තූතියි!

      Delete
  2. තවත් අජිත් බංඩාර කෙනෙක් නොවේවායයි පතමු චන්දන

    ReplyDelete
    Replies
    1. මගේ කොමෙන්ටුවත් මෙයමයි ,

      Delete
    2. මගේ පැතුමත් එයයි

      Delete
    3. යේස්... තවත් ශිහාන් කෙනෙක් වේවා....!! :D

      Delete
    4. ඔව් මචං එහෙම වෙන එකක් නෑ. දෙරණින් ආපු අවසාන පස් දෙනාම අති දක්ෂයෝ. දැනටමත් සමහරැ සංගීත අධ්‍යක්ෂනය වැනි කාර්‍යය කරනවා. අනගතයට මොවුන්ගෙන් සේවයක් වෙයි.
      බස්සියේ තවත් ශෙහාන්ලනම් අපට එපෝ.

      Delete
    5. ශිහාන් මගේ ෆේවරිට් :D

      Delete
    6. අනේ ශිහාන් අයියා....උයා බැඩලද????......

      Delete
  3. මමත් අද බැලුවා ඔහු ගායනා කරන " හිස් ටින් එකක් වගේ" කියන ගීතය ඔරිජිනල් සින්දුවේ ගතියම තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඔව් මැලේ රාළ එම් ජීට හොඳින් ඕනෑම සිංදුවක් ගයන්න පුළුවන්. ඒ වගේම තමයි රංගනයත්.
      මුල් පස් දෙනාම හරිම දක්ෂයි. ඒක අපේ රටේ ඉදිරි කාලයේ සංගීතයට හොඳ පිටු වහලක් වේවි.

      Delete
  4. ෆයිනල් එකේ ඉන්න ඕන තව එක්කෙනෙක් හිටියා චමිල මධුෂාන්..
    කොහොම නමුත් එම්.ජී. කියන්නෙ ඔය රියැලිටි ප්‍රෝගෑම් එකේ විශාල වෙනසක් කරපු මනුස්සයෙක්..

    ReplyDelete
    Replies
    1. ඒක හරියටම හරි සංචාරකයා. චමිල කැපුනම මට අදහගන්නට බැරිවුනා. ඔහු තමයි ජන වහරෙ එන සංගීත ශෛලයන් තරගයට ගෙනාවේ. මතකද අද ඉපැදුණු නැවුම් ලොවට ගීතය ඔහු ගයපු අපූරැව. ඒ වගේම තමයි පාරට කිට්ටුව ගීතය.
      ඒක හොඳින් අල්ලගෙන විශ්මිත ඉදිරියට ආවා.
      ඒත් අවසාන සති කීපයේ චමිලට කැපී පෙනෙන සිංදු කියාගන්න බැරිව යම්කිසි පසු බෑමකට ලක්වුනා කියලා මට හිතෙනවා.

      Delete
  5. Ohuta subapethum,mama hithnne ema geethya thibune "Baduth ekka horu" film ekekiyali.ranjan.

    ReplyDelete
    Replies
    1. රන්ජන් මල්ලී මම මේ චිත්‍රපටයේ විස්තර YouTube එකේ මේ සිංදුවත් එක්ක තිබිලා හොයා ගත්තේ. මමත් හරියට දැනගෙන හිටියේ නෑ. අපේ අරෑ ගෙන් හෝ රවී අයියගෙන් තමයි අහන්න ඕනේ. ඒ ගැන පොඩි සෝදිසියක් දාන්නම්. ඔබට ජය!

      Delete
    2. චන්දන හරි. දැන් මතකද තමයි. සේනාධීර රූපසිංහ, ඇන්තනි සී පෙරේරා, බන්දු මුණසිංහ තමයි සෙට් එක.

      Delete
    3. ස්තූතියි අරෑ මචෝ! හරියට එක එක
      වැඩ බං. එහේ මහේ දුවන ගමන් තමයි පිළිතුරැත් කොටන්නේ. කියවන්න පොත් හා බ්ලොග් පෝලිමයි.

      Delete
  6. ටි.වි වැඩිය බැලිල්ල නම් නෑ එත් මේ හිස් ටින් එකක් වගේ එක නම් අරූ ලින්කුවක් දලා තිබිලා බැලුවා ,හොද නිර්මාණ ටිකක් මේ යන ඇඩිලි කලාවෙන් මිදිලා මොහු කරොත් හොදයි ...

    ReplyDelete
    Replies
    1. ඒක තමයි සහෝදර.. අපිත් බලාගෙන ඉමුකෝ. ඔහොම බිහිවුන කිහිප දෙනෙක් නම් වැඩ ටිකක් කරගෙන ඉන්නවා.

      Delete
  7. මගේ දැක්ම මීට වෙනස්. මගේ ඩ්‍රීම් ස්ටාර් හර්ෂ දනෝෂ්. තාම අපේ ජනතාව රියැලටිය නෙමෙයි ඡන්දේ දෙන්නේ. මේවා ඇත්තටම සිම්පති වෝට්ස්. අවසන් තුන් දෙනාගෙන් ටැලන්ටඩ්ම් එකා තුන් වෙනියා වෙච්ච එකා. කොහොම හරි අර සක්කිලියට හම්බ නොවුන එක නම් ළොකු දෙයක්. මොකෝ ඌ තමයි හිටපු නොම්මර එකේ කුහකයා. ඒ අතින් නම් ජනතාවට මගේ ප්‍රණාමය හිමි වෙනවා. බුද්ධිමත් ප්‍රේක්ෂකයෝ ඇති උන දවසක හර්ෂ දනෝෂ්ලා ජය ගනීවී. මතක තියා ගන්න මේ ඔක්කෝම ටැලන්ටඩ්. එම් ජී අවතක්සේරු කිරිමකුත් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. හර්ෂ හොඳයි මචං. හරිම දක්ෂයි. ඒත් ඒ රොක් ආරේ අපේ කමක් තියෙනවද? පුද්ගලිකව මමත් චිත්‍රාල් හා ඉන්ද්‍රචාපා වැනි දක්ෂයින් ප්‍රියකරනවා. ඒත් ලාංකීය ලකුණ නැතිවෙනවටත් මම කැමති නෑ. බයිලත් අපේ නෙමේ තමයි. ඒත් එම් එස්ලා ඒක අපේ කළා. කාලයක් යනකොට රොක් ආරත් අපේම වෙයි.
      හර්ෂට වරදින්නේ නෑ. ඔහු දිගු ගමනක් යාවි. මටනම් දුක චමිල ගැන. මිනිහා දෙකට එයි කියලා මම හිතුවේ. අර යාග හෝම කලාව මිනිහයි තරගයට ගෙනාවේ.

      Delete
    2. උපේක්ෂා ගොඩක් ස්තූතියි සඳුන් සෙවණට ගොඩ වැදුනට. ඔයාටත් කියන්න තියෙන්නේ මාතලන්ට ලියූ ටිකමයි. ජය!!

      Delete
    3. රොක් ඉස්සර අපිට හුගක් ඈතයි ... ඒත් ඉන්ද්‍රචාප ගේන ශෛලියේ අපේ කමකුත් මට දැනෙනවා. මම හරි ආසයි ඒකට (පුද්ගලික මතය) ප්‍රංශ , හාඩ් රොක් හැම දෙයකම ගැලපිල්ලක් හිතන්න පුළුවන්... සංගීතය විශ්ව භාෂාවක්! ඒකෙ කොහෙද රටක්..

      මම හිතන්නේ ඔබ කියන්නේ රන්වල ලගේ ශෛලිය වෙන්න ඕනේ... ඔව් ඒකෙ අපේ ජන සංගීත ටච් එක තියෙනවා. හැබැයි අර රොක් ටච් එකෙනුත් වර්ණවත් බවක් තියෙනවා නේද? ඇයි අපිට ඒක නිදහසේ විදින්න බැරි? ජන සංගීතය ආරක්ෂා කරනවා කියන්නේ අරව විසිකරලා නෙවෙයි (මගේ පුද්ගලික මතය)
      ඔහොම බැලුවම අපේ දැන් සංගීත ලෝකයේ පතාකයෝ ඉන්දියාවේ රාගධාරී සංගීතය තමයි ඉගෙනගන තියෙන්නේ. ඊට වඩා වෙනස් එක්ස්පෙරිමට් කලානම් ඒ කේමදාස ශුරින් විතරයි.

      ඔව්.. කාලයක් යනකොට හැමදේම මික්ස් වෙනවා, වලක්වන්න බැහැ. ඒකට ඉඩදෙන එක හොදයි නොගැලපෙන තැන් වලින් පාර හරස් කරලා බැමි බැඳලා, පස්සේ ගිහින් ඔක්කොම වගා විනාස කරන්න කලින්.

      ටැලන්ට් එක බැලුවොත් - විශ්මිත
      සිම්පති බැලුවොත් - එම් . ජී
      දෙකම බැලුවොත් - තුන් වෙනියා උන එකා

      පළවෙනියගෙයි , ඉතිරි උන්ගෙයි තෑගිවල වෙනස දැක්කම මට එකෙන්ම හිතුන මුන් මේක දිනන්න ඕනෙම තුරුම්පුවත් අදින්න ලැස්ති ඇති කියල. ලංකාවේ මොකක් කලත් අන්තිමට කෙලවර වෙන්නේ නරක විදියට. ඒක මගුලක්, පිරිතක්, බණක් විතරක් නෙවෙයි... කොහෙන් හරි කොපියක් අරගෙන තමන්ගේ කරලා හැදුවත් එච්චරයි!

      American Idol is superb..

      Delete
    4. ඔබේ අදහසට මම ගරැකරනවා උපේක්ෂා. අපි හැමදේමකම මූලික අදහස විතරයි පිට රටින් කොපි කරන්නේ. නමුත් මෙහෙයවන්නේ පිලිපදින්නේ අපේ විදිහට. ඒක නිර්මාණයකට හොඳයි.
      සංගීතයට ජාතියක් රටක් කියලා බේදයක් නෑ තමයි. ඒත් අපිටත් ලාංකීය ලකුනක් තියාගෙන හැමදේම කලොත් හොඳයි කියන එක මගේ හැගීම.
      සංගීතය පැත්තෙන් කේසදාස මාස්ටර් වගේම සුනිල් ශාන්ත, අමරදේව අපේම සංගීතයක් බිහි කළා.
      කවුරැහරි කමක් නෑ හොඳ වැඩක් කරනවනම්. මොකද මේ ඔක්කොම අපේ ලංකා මාතාවගේ දරැවෝ නිසා.

      Delete
  8. මේ සුපර් ස්ටාර් වැඩ සටහන නම් බැලුවේ නෑ මචෝ , ඒත් මේ නවක ගායකයා ගැනත් ලියාපු උඹ ගැනත් ලොකු සතුටක් ඇති වුනා.

    ReplyDelete
    Replies
    1. මටත් කියන්න තියෙන්නේ තිලක කියපු දේමයි. මමත් බැලුවේ නෑ.

      Delete
    2. ස්තූතියි තිලකේ. ඒක බලපං. හොඳ දක්ෂයෝ හිටියා.
      උඹට නැවතත් ස්තූතිකරනවා හිතේ මියයමින් හා මධු සාදයන්හිදී පමණක් එලියට ආ මගේ සිතිවිලි අකුරැ කරන්නට බ්ලොග් ලෝකයට හා කවි පිටුවලට මා යොමු කළාට! ජයෙන් ජය!

      Delete
    3. හෙන්රි වෙලාවක් තිබුනොත් බලපං. උඹට අපරාදේ නොබැලුවෙ කියලා හිතෙයි. ජය!

      Delete
  9. ඔබගේ මේ සටහන කියෙව්වාමයි මට මේ වැඩ සටහන බලන්න හිතුනේ. ඔහු බොහෝම දක්ශයිනේ. රඟපාන ඉන්න්බිඟි දම දමා ගයන විලාශය දැක්කම මෑත කාලයේ අඬාගෙන සින්දු කියන ගායකයෝ දැකලා එලා වෙලා හිටි මටත් ආස හිතුනා මේ තරු වැඩ සටහන් බලන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබට! ඒ වගේම සඳුන් සෙවණටත් ඉතාමත්ම ආදරෙන් පිළිගන්නවා!

      Delete
  10. අම්මපල්ල මං ඕව බලලම නෑ...
    මංද මට ඕ ජාතියේ ඒව නොදිරවීමේ රෝගයක් තියේ...
    ඒ හංද වෙන්ඇති...
    කෝමත් සතුටට එක කාැරණයක් තියෙනව...න
    නැද්ද

    ReplyDelete
    Replies
    1. මහේෂ් සහෝදරයා මේ වැඩසටහන් හොඳයි මට නම්. මොකද මේකෙන් ඒ කැලෑ මල් පුබුදුවා ගන්න පුළුවන්. ඊට පස්සේ කොහෙටද යන්නේ කියන එක එයාලා කල්පනාවෙන් තීරනය කරන්න ඕනේ. අවුරැදු කීපයක් ඔවුන් ගහන පදේට නටන්න වෙයි. ඒත් පාඩු නෑ පව් නෑ බං. තමන් ඇත්තටම දක්ෂනම් මිනිස්සු ඉදිරියටත් වැළඳ ගනීවි. මමනම් හරිම විනෝදයක් ලබනවා.
      අපි පොඩි කාලේ රේඩියෝවේ මෙවැනි වැඩසටහන් ගියා. පිබිදෙන ගායක පරපුර කියලා. ඒ දවස්වල ඉඳලම ආසයි.

      Delete
  11. මේ ලද ජවයෙන් සංගීත ලොව ජය කෙහෙළි නංවන්නට හැකියාව ලැබේවා..

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ ඌ ඒක කරයි. නලින් සහෝදරයව සඳුන් සෙවනට ඉතාම ආදරයෙන් පිළි ගන්නවා!

      Delete
  12. මගේත් බුවා දනෝෂ් තමා.. ඒත් ඉතිං මොකා උනත් නිරහංකාරව ඉන්නව නං එච්චරයි.

    සංගීත වලදි ලිස්ට් එකට නේ සිංදු කියන්නේ.. ලතා වල්පොල බඩ වෙලා ඇවිත් අමාරුවෙන් ලිස්ට් එකේ චාන්ස් එක එකනං ඉදිදී, ජෝති ඕක දැකල කුනුහරුප දෙකක් කියල තමා ස්ටේජ් එකට එයාව නග්ගල සිංදු කියල ඉක්මනට යැව්වේ. දැං කාලේ එන ස්ටාර්ල අනේ අපොයි කියල හිතෙනවා ආර්ටිස් ලිස්ට් එකේ වේටින් ඉන්න කොට..

    ReplyDelete
    Replies
    1. මමත් එක සැරයක් සංගීතයත් සංවිධානය කලා අපේ ගමේ...ඔය ලිස්ට් එකට ඇරගැනිල්ල මම එදා හොදට අත්වින්දා....හැමෝම එන්නෙ රට වටේම සංගීත වලට යන්න දාගෙන....

      Delete
    2. ////Anonymous9 July 2014 18:07
      Deshaka, "Latha walpola" nowei Malani bulathsinhala lesa niweradi wiyauthi.Ea kale wenakota lathta babalahambawenakale penala.//////

      දේශා,,,,,මේ ඇනෝ කියන කතාවේ ඇත්තක් තියෙනවා. ඒ වුනාට කවුද ශිල්පිනිය කියන්න මට මතක නැහැ. හැබැයි ලතාට දරුවෝ ලැබෙන්න ඉන්න කාලේ ජෝතිට එච්චර සිවිල් බලයක් තිබුනේ නැති බවයි මගේ මතකය.

      මේ කමෙන්ට් එක ඇනෝ පල්ලෙහා දාලා තිබුනේ. ඌට ගෞරවයක් ලෙස මම මෙතනට ගෙනාවා.

      Delete
    3. ස්තූතියි දේශක, සිරා ,ඇනෝ හා අරෑට! මමත් ඒ ගායිකාව කවුද දන්නේ නෑ. ඒත් හිත හොඳ ජෝති,කපුගේ වැනි අය ඒ වගේ වැඩ කළා කියලනම් විශ්වාසයි.
      මේ හැම මඟුලම මුදලට අපි යට වෙලා නිසානේ. තරගය! තරගය!! මනුස්සකම් හැදිච්චකම් කලාව හැඳි ගෑවිලා ගිහිං. කවදද මේවයින් තොර ලොවක් උපදින්නේ??

      Delete
    4. හරි අරූ සහ ඇනෝ... දැං මතක් උනා.. මාලනී බුලත්සිංහල වෙන්ටෝනේ.. තැන්කුයි.. අන්න එහෙම නේ වෙඩි වගේ ඉන්න ඕන..

      Delete
    5. දේශාගෙ කමෙන්ටුව දැකලා මතක් වුනේ මේ ලඟදි කවුද සුපර් ස්ටාර් ගායිකාවක් ප්‍රවීණ ගායිකාවකගෙන් සංගීත ප්‍රසංගයකදි ඇහුවලු "ඇයි ඇන්ටි ඒ සින්දුව කිව්වේ මම ඒක කියන්නනේ හිටියේ" කියලා..මම හිතන්නේ ලතා වල්පොල මහත්මිය හෝ නැතිනම් ඇන්ජලීන් ගුණතිලක මහත්මියට විය යුතුයි..ඒ මනුස්සයා උඩ බිම බලලා ඇහුවලු "ඇයි ළමයෝ මගේ සින්දුවක් මට කියන්න බැරිද" කියලා..ඔන්න ඕක තමයි ඔය ස්ටාර්ලගේ බුන්වත්කම...දැන් ඔය සුරේන්ද්‍රල ඔය තැනට ආවේ ජෝතිට පිං සිද්ධ වෙන්න වුණාට ඒකේ කිසිම ගුණයක් නැහැනේ..තාමත් කියන්නේ ඒ මනුස්සයගේ සිංදු..ඇයි ඔය ලඟදි අවසරයකින් තොරව ජෝතිගේ සින්දු කියලා කැසට් එකකුත් කළේ..ලංකාවේ ඇඳෙන ප්‍රේක්ෂක ජනතාවක් ඉන්න තුරු ඉතින් ඔය සිද්ධි ටික නැවත නැවත සිද්ධ වෙනවා.

      Delete
    6. ඇත්ත තනි තරැවේ ඕක ඒ ලමයින්ගේ විතරක් නෙමේ මුළු ලංකාවෙම වැරැද්ද? දැන් කවුද උගතා කාටද සලකන්න ඕනේ කියලා දන්නේ නෑ. ඉස්සර වැඩිහිටියෙකුට අපි නම කියලා කතා කළේ නෑ. ඉඳගෙන හිටියොත් නැඟිට්ටා. පිදිය යුත්තන් පිදුවා.
      දැන් මුදලට යටවූ සමාජයක වෙසෙන අපගේ ගුණ ධර්ම වළපල්ලට ගිහිං. ඒකට දේශපාලනය හා අපේ අධ්‍යාපන ක්‍රමයත් වග කියන්න ඕනේ.

      Delete
    7. තනිතරුව කියලා තියෙන්නෙ ඇන්ජලින් ගුණතිලක මහත්මියට වෙච්ච වැඩක්....

      Delete
    8. ස්තූතියි සිරා..මට කවුද කියලා නම් හරියටම මතකක් තිබ්බේ නෑ..ඔය ස්ටාර් මම හිතන්නේ අමිලා වෙන්නැති...

      Delete
  13. මමත් එයාගේ ගායන විලාශයට කැමතියි.. දිගු ගමනකට සුබ පතනවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තුෂානි!

      Delete
  14. මචෝ මේ වැඩ සටහනට සම්බන්ද වෙන්න ඕන නිසා. ඇම් ජී තාත්තයි දෙන්නා. කොළඹින් ලේබර් ජොබ් දෙකක් හොයාගෙන තියෙනවා. තුඩාවේ බ්‍රදර්ස් ළඟ ඒත් ඇම් ජී ප්‍රැක්ටිස් අරවා මේවා නිසා. වැඩට එන්නේ ඉඳ හිට නිසා මූට එතනින් ලෙඩ වැටිලා. පස්සෙ හොයලා බැලුවම තමයි මුගේ ටැලන්ට් එක දැකලා තියෙන්නේ. ඊට පස්සේ තුඩාවේ බුදර්ස්ලා මාර බැක් එකක් දීලා තියෙනවා ඇම් ජී ට.

    ටෙනියගේ අළුත් නාට්ටිය ලංකාවේ ඕන තැනක නොමිලේ පෙන්නාන්න ව්‍යාපාරිකයෙක් ඉතිරිපත් වෙලාලු. මොකාගෙ උනත් කමක් නෑ නාට්‍යවාට කරන උතුම් සේවයක්.

    ReplyDelete
    Replies
    1. උඹගේ කෙප්පද කොහෙද? හහ් හහ් හා!!

      Delete
  15. මම දෙරණ ඩ්‍රීම් ස්ටාර් දිගටම බැලුවා. එම්ජී දක්ෂයා කතා දෙකක් නැහැ. මේ සින්දු ආපහු අහන්න සලස්වපු එකම ලොකු දෙයක්. එම්ජීගේ ජනප්‍රියත්වයට එම්ජීගේ තාත්තාගේ නිර්ව්‍යාජත්වය ඉහලින්ම බලපෑවා.

    මම හිතුවේ චමිල මධුෂාන් ගැන. අවාසනාවකට ඌට එස් එම් එස් ලැබුනේ නැහැ. අනිත් එකා හර්ෂ දනෝෂ්. ඒකනම් හිතාගන්න පුළුවන්...මොකද ලංකාව රොක් සංගීතය තවම නිවැරදිව හඳුණාගෙන නොමැති නිසා. ගයානි කෞශල්‍යාගේ කටහඬ හරි වෙනසක්. නහයෙන් අඬන හඬක් නෙමේ.

    අවසන් තුන් දෙනාගෙන් ලහිරු ප්‍රභාත් තමයි මට නම් උඩින්ම හිටියේ. ඒ මොනවා වුනත් මේ සුපර්ස්ටාර් විගඩම්වලට මේ පාර දෙරණ නව අර්ථකථනයක් දුන්නා සහතිකෙන්ම.. එයට නදීක ගුරුගේ බොහෝ සේ ඉවහල් වුනා මට හිතෙන හැටියට. අනිත් එක අතුල අධිකාරීගේ නව සංගීත සංයෝජනා.

    මම සුපර්ස්ටාර් විගඩම අප්පිරිය වෙලා හිටිය එකෙක්. දෙරණ ඩ්‍රීම් ස්ටර් මෙවර ඉතා ඉහලයි.

    ReplyDelete
    Replies
    1. අරෑ මම උඹත් එක්ක 100% ක් එකඟයි. චමිලයා තමයි ජන ගී කලාව තරගයට ගෙනාවේ. ඒත් උගේ පසුබෑමක් තරග අවසානභාගයේදී පෙනෙන්නට වුනා. අපි කොච්චර කිව්වත් දක්ෂකම වගේම වාසනාවත් ඕනෙ බං.
      හර්ෂයගේ රොක් ආර අනාගතයේදී අපේ මිනිසුන් පිලිගනී. මාත් මෑතක් වෙනකං ආසවුනේ නෑ. ඒත් චිත්‍රාල් සෝමපාලගේ ගීතයන් මාව වශී කළා.
      ගයානිටත් හොඳම අනාගතයක් තියෙනවා. අපරාදේ ප්‍රේමසිරි කේමදාසයන් හිටියානම් ඇයගේ හඬින් හොඳ වැඩක් ගන්නවා.
      නදීක ගුරැගේ නියම දැණුම් ගුලාවක්. කතා කරනවා අහගෙන ඉන්න ආසයි. මට වෙඩ්ඩව මතක් වෙන්නේ.

      Delete
  16. මං කැමති වෙලා හිිටයේ අර දංඕවිට කොල්ලාටයි, මහනුවර කොල්ලාටයි, මේ දිනපු පොරත් නරක නෑ.

    ReplyDelete
    Replies
    1. කතන්දර කාරයෝ උන් අවසාන දහ දෙනාම දක්ෂයෝ. අවසාන පහම අති දක්ෂයෝ. උන් හොඳට හිතලා වැඩකරගත්තොත් අනාගතයක් තියේවි.

      Delete
  17. මම එන්නේ ඩුබායි රටේ ඉඳලා//// ඔය සින්දුව සජීවීව ඇම් එස් ප්‍රනාන්දු ගායකයා ගායනා කරපු සභාවක පොඩි එකෙක් විදියට සිරා අසුන් ගෙන හිටියා.

    මේ ගායනා තරු මේ තරග නිමාවෙන් පස්සෙ යම් කාල සීමාවකට ඒ රූපවාහිනී ආයතනයේ ගිවිසුමට හිර වෙනවා. වෙන මාධ්‍ය වල පෙනී සිටීම තහනම්....එතැනින් නිදහස ලැබෙද්දි ඊලග තරුව පායලා.....මෙයාව කවුරුවත් අදුනන්නෙත්නෑ....මේ වැඩසටහනෙන් මෙච්චර කල් දිනපු අයට උනේ ඒ දේ. ගමනක් ගියා කියලා පෙන්නන්න කිසිම කෙනෙක් නෑ. හැමෝම සෝඩා බෝතලේ කැඩුවා වගේ එක පාරටම පායලා නැතුව යනවා....මේ කොල්ලටවත් ඒ දහමින් මිදෙන්න වරම් ලැබේවා කියලා පතන්නම්.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙයි සිරා. දක්ෂයෙකුව යට ගහන්න අමාරැයි. උගේ වාසනා මහිමය අනුව උඩට මතු වෙලා එයි. ඌ ඕනම දුකක්‍ විඳින්න පුරැදු පුතයෙක්...,

      Delete
  18. Deshaka, "Latha walpola" nowei Malani bulathsinhala lesa niweradi wiyauthi.Ea kale wenakota lathta babalahambawenakale penala.

    ReplyDelete
    Replies
    1. ඇනෝ මලේ මමත් හරියට දන්නේ නෑ. අපේ අරෑ අයියා උත්තරයක් දීලා තියෙනවා දේශකගේ කමෙන්ටුවේ. කෙසේවෙතත් මේ පැත්තේ ආවට ස්තූතියි!

      Delete
    2. ස්තුතියි මචං ඒක නිවැරැදි කළාට..

      Delete
  19. මොන හේතුවක් ද මංදා ඔය මනුස්සයා ව මට පෙන්න බෑ..

    ReplyDelete
    Replies
    1. අයියෝ මොණරි ඇයි ඒ. මිනිහා හොඳ නිර්මාණ කරපු දවසට ඔයා කැමති වෙයි.

      Delete
  20. හර්ෂ දනෝෂ් අයින් උන දවසෙ හරි පුදුමත් හිතුනා. MG 1st උන එක නම් හොඳයි. Stars ල එපා වෙලා තිබ්බෙ. මේ පාර Dream Star වැඩිපුර Hit වෙන්න මංජුලා සෙවුවන්දිත් බලපෑව. එයාට උනේ එයාගෙ පුද්ගලික තත්වය උලුප්පන්න ගිහින් දකෂකම යට ගිය එක. හැමෝම අන්තිමට පොඩ්ඩ පොඩ්ඩ අනුකම්පාවත් ඉල්ලුව. විශ්මිත පවා. අමිල ඒක කලේ නෑ මං දැක්ක විදියට අන්තිම තුන්දෙනාට හර්ෂ දනෝෂ් හිටියනම් වටිනාකම උපරිමයි. MG ගැන සතුටුයි. ඒ කාටත් බුද්ධිය තියෙනවනම් ඇත්තටම පාරක් හැදිල ඉවරයි මේ වෙද්දි. මංජුලාට පවා. තව දෙයක් මේ වැඩසටහනෙන් පරණ අහල නැති සිංදු ආයෙ කරලියට එන එකත් ලොකුම වටිනාකමක්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ගංගාවේ ගීතය ඔබ හරි. ඒ ඔක්කොම වගේ හරිම දක්ෂයෝ. මංජුලාටත් හොඳ අනාගතයක් තියෙයි. අමිලගේ දක්ෂකම උපරිමයි. ඒත් වාසනාවත් ඕනේ.
      ඔබව සඳුන් සෙවණටත් ආදරයෙන් පිළිගන්නවා! ජය!!

      Delete
  21. හොඳ දක්ෂයෙක් .. හොඳ ලිපියක්....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි රෙහානි!

      Delete
  22. නියමයි චන්දන අයියේ.ඇත්තටම මාත් ඔය තරඟ වැඩිය බලන කෙනෙක් නෙවෙයි.ඉඳලා හිටලා කම්මැලිකමට වගේ රූපවාහිනිය ඉස්සරහා වාඩිවුණොත් මිසක.:)
    මේ ලිපිය කියෙව්වට පස්සේ බැලුවේ ඔය කොටස් යූටියුබ් එකේ.අතිවිශිෂ්ටයි!
    ඔය හිස් ටින් එකක් වගේ ගීතයේ තියෙන දෙබස් කාණ්ඩ පවා ඔහු අපූරුවට කියනවා..මම හිතන්නේ ගායනයෙන් විතරක් නෙවෙයි රංගනයෙන් පවා ඔහුට දුර ගමනක් යන්න හැකියාව තියෙනවා කියලා..ඔබේ ලිපිය හර්දයාංගමයි..ජය!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි තනි තරැවේ! ඔයාගේ ඇගැයීම මට විශාල ශක්තියක්. ස්ටාර් කෙනෙක් වෙන්න එම් ජීට අවශ්‍ය හැම සුදුසුකමම තිබුණා. දුප්පත් කම විතරයි ප්‍රශ්නයකට තිබුනේ. ඔහුට සුබම සුබ අනාගතයක්‍ වෙන්න කියලා පතනවා!!

      Delete
  23. මාතලන් මාමායි පෝස්ට් එක දැකලා මේ පැත්තට ගොඩ උනේ...
    දක්ෂතාවත් එක්ක වාසනාව තියන මනුස්සයා කවද කොහොමහරි උඩට මතුවෙලා එනවා.මෙහෙම තරගයක් තිබ්බෙ නැත්තං එම්ජීලා වගේ ගමේ කොල්ලො ගැන කවුද බලන්නෙ..මෙහෙම නැත්තං සමහරවිට මෙලහකටත් තාම එම්ජී කෙහෙල් වගාව ගැන බලාගෙන නිකම්ම ඉන්න තිබ්බා

    ReplyDelete
    Replies
    1. මල් මල් අඩවිය මුලින්ම ඔබව සඳුන් සෙවණට ඉතාමත්ම ආදරයෙන් පිළිගන්නවා.
      ඇත්ත ඔබගේ කතාව. දෙරනින් එයාලව සොයාගත්තා. දැන් එයාලට තියෙන්නේ ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන හොඳ වැඩක් කරලා පවතින්න. ඒක එයාලටම මිසක් අනෙකෙකුට කරන්න බෑ.

      Delete
  24. ස්ටාර් වැඩසටහන් එපා වෙලා බන්.. මමනම් ඕවා බලන්නෙම නෑ...මෙහෙම එකක් තිබුනත් කියලා දන්නෙ දැන් තමා...

    ReplyDelete
    Replies
    1. සෙන්නා මචං මමත් ඔක්කොම බැළුවේ නෑ. ඒත් අවසන් දහදෙනාගේ ඉදලා බැළුවා. සිරස එකනම් ගන්න දෙයක් තිබුනෙ නැතිනිසා අතහැරලා දැම්මා. ඒත් දෙරනේ හොඳ කොල්ලෝ කෙල්ලෝ හිටියා. උඹ මගෙ ලිපිය දැකලා ඒ ගැන දැනගත්තු එක මට සතුටුයි. ජය සෙන්නෝ!

      Delete
  25. https://www.youtube.com/watch?v=7lIPV9T5mO8
    මම නම් ඉතින් මුකුත් ඔය ගෑන කතා කරන්නෙ නෑ....ඔන්න ලින්ක් එක දෑම්ම ....අහලම බලන්නකො.....

    ReplyDelete