Pages

Saturday, 8 November 2014

කොක්‍නි ඇක්සන්ට්......



1995 අග භාගයේදී එංගලන්තයට පැමිණි මා උතුරැ ලංඩනය ආසන්නයේ පිහිටි වොට්ෆඩ් පුරවරයේ මා ප්රිය බිරිඳ හා දරැදෙදෙනා සමඟ ජීවත් වෙමි. 

වොට්ෆඩ් නගරයට ඒමට පෙර ලංඩනයේ කොලින්ඩේල් නම් පෙදෙසේ වාසය කළෙමි. 

බහු ජාතීන්ගෙන් පිරි ලංඩනයේ අඩුවෙන්ම ඇත්තේ ඉංග්රීසි ජාතිකයින් යැයි කියූවොත් එය අතිශෝක්තියක් නොවේ. මන්ද බැලූ බැලූ අත පෙනෙන්නේ යම්විටෙක කළු ජාතිකයෙකි. එසේත් නැතිනම් ඉන්දියානු හෝ පකිස්ථානු වැනි ආසියතිකයෙකි. නැතිනම් අරාබිකරයේ වැසියෙකි. මෑතක සිටනම් පෝලන්ත හෝ රැමේනියානු වැනි නැගෙනහිර යුරෝපීය වැසියෙකි.

එංගලන්තය යුරෝපීය සංගමයට බැදුණු පසු ඔවුන් වැඩි වැඩියෙන් එංගලන්තයට ඇදී ආහ.

වෘතියෙන් සිවිල් ඉංජිනේරැවකු වන මට ඉදිකිරීම් කර්මාන්තයේදී මේ සියලුම ජාතීන් සමඟ වැඩකිරීමේ අවස්ථාව උදාවුණි.

මීට අවුරැදු දහයකට හෝ පහළොවකට පෙර ගොඩනැඟිලි,මංමාවත් හා රථගාල් වැනි ඉදිකිරීම්වල ශ්රම හමුදාව වූයේ බොහෝවිට අයර්ලන්ත ජාතිකයිනි. ඔවුහු බොහෝ දෙනෙකු පාහේ අවුරැදු 20 හෝ 30පෙර දකුණු අයර්ලන්තයේ සිට ලංඩනයට සංක්රමණය වූවන්ය. 

සැමවිටම ඉංග්රීසියෙන්ම කතා කල ඔවුහු කිසිවිටෙක ඔවුනගේ මව් භාෂාව පාවිච්චිකලේ නැත. අමුතුම උරැවකට ඉංග්රීසි වචන උච්චාරණය කළ ඔවුන්ව තේරැම් ගැනීමට මුල් කාලයේදී මට මහත් වෙහෙසක් දැරීමට සිදුවිය. 

වේල්සයේ හා ස්කොට්ලන්තයේ වැසියන්ද අප සමඟ වැඩකළහ. ඔවුහු නොපෙන්නුවාට සෑම විටම වාගේ ඉංග්රීසින් හෙළා දුටුවහ. එංගලන්තයේම වැඩකොට ලැබෙන දෙයින් යැපෙමින් ඔවුනගේ රටටම ආවැඩූහ.

ඉංග්රීසි ජාතිකයින් බොහෝවිට කළමනාකරණ අංශයේ රැකියාවන්හී යෙඳුණු අතර මඩ අතපතගාන රැකියාවලින් බැහැරව සිටියහ. කම්කරැ රැකියා කළේ අඩු ඉංග්රීසි ජාතිකයින් කිහිප දෙනෙකි.

කෙසේ වෙතත් බොහෝ ඉංග්රීසි ජතිකයින්ගේ කොහෙන් හෝ අයර්ලන්ත ජාතික කොනක් තිබිණි. ඒ තරමටම යුඟ ගණනාවක් තිස්සේ ඔවුහු මිශ්රව සිටියහ. 

අයර්ලන්ත ජාතිකයින් හැඳින්වූයේ "පැඩීස්(paddies)" යන අනවර්ථ නාමයෙනි. එංගලන්තයේදී අයර්ලන්ත දෙමාපියන්ට දාව උපන් ළමුන් plastic paddies යනුවෙන් හැදින්විණි.

මේ කෙසේවෙතත් ගොඩනැඟිලි හා ඉදිකිරීම් අංශයේ 90% ක් පමණම ඉංජිනේරැවන් අපේ පුංචි ශ්රි ලංකා මාතාවගේ දරැවන් වීම අපට ඉතාමත්ම ආඩම්බර විය හැකි කරැනකි.

එමෙන්ම වෙලහලදාමේ හා ඉන්ධන පිරවුම් හල් පාලනයේද සැලකිය යුතු ප්රමාණයකට ශ්රී ලංකාවේ නියෝජනය තිබිණි. විශේෂයෙන්ම දමිළ ජාතිකයින් වෙළදාම් ඉතා සරැවට කළහ.

නැගෙනහිර යුරෝපීයයන්ගේ ආගමනයත් සමඟ තත්වය වෙනස් විය. ඉදිකිරීම් අංශයේ කම්කරැ හමුදාව පෝලන්ත,රැමේනියානු,ඇල්බේනියානු හා ලිතුවේනියානුවන්ගෙන් පිරී ගියේය. මේ පිළිබඳව ඉංග්රීසි හා අයර්ලන්ත ජාතිකයින් අකමැතිවූවත් අඩු පඩියක් දී වැඩය කරගත හැකිවූ නිසා නැගෙනහිර යුරෝපිකයින්ටම රැකියා අවස්ථා හිමිවිය.

රියදුරන්,රෝහල් සේවකයින් පමණක් නොව මෙකී නොකී සෑම අංශයකම ඔවුහු සේවය කළ අතර විශාල වෙළහෙළදාම් පවා ඔවුන් සතු විය.

එමෙන්ම එංගලන්තයේ විශේෂයෙන්ම ලංඩනයේ එක් එක් පෙදෙස් විවිධ ජන කොටස් සඳහා ඉබේම වෙන්විය.

ලංඩනයේ වෙම්බ්ලි,ඊලින්ග් හා සවුත්හෝල් වැනි පෙදෙස් ඉන්දියානු ජාතිකයින්ගෙන් ගහන විය. දකුණු ලංඩනය හා විල්ස්ඩන් ,නීස්ඩන් හා හැක්නි කළු ජාතිකයින්ගෙන්ද ඊස්ට හැම් ,බාකින් හා ඉල්ෆඩ් වැනි පෙදෙස් පකිස්තානුවන්,බංග්ලාදේසීන් හා ශ්රී ලාංකිකයින්ගෙන්ද පිරැණි.

ඉදිකිරීම් අංශයේදී මා කතා බහ කල බොහොමයක් ඉංග්රීසි, අයර්ලන්ත ,වේල්ස් හා ස්කොට්ලන්ත ජාතිකයින්ගේ පවුල් ජීවිත බොහෝවිට අවුල් හෝ සංකීර්ණ විය. වැඩිප්රමාණයක් පළමු හෝ දෙවැනි විවාහයෙන් දික්කසාදවී දෙවැනි හෝ තෙවැනි සහකරැ සමඟ විසූහ. 

බොහෝදෙනෙකු අවුරැදු ගණන් එකට සිට ළමුන්ද හදමින් ජීවත් වුවත් විවාහ වී නොතිබුණි. සමහරෙකු මැදි වයසේදී හෝ මහලු වයසේදී විවාහ උත්සව පවත්වා විවාහ වූහ. සමහරැන්ට වෙන වෙන විවාහ වලින් හෝ සහකරැවන්ගෙන් ලැබුණු දරැවන්ද සිටියහ.

සැවොම නිවාස ගත්තේ බැංකුවලින් මෝගේජ්(mortgage ) ලබාගෙනය. එය කරගැනුමට බැරි උදවිය කුලී ගෙවල විසහ. හොඳටම පෝසත් කෙනෙකුට හැරෙන්නට ගෙයක්දොරක් සාදා ගැනීම සිහිනයක්ම විය.

මොවුන් කතා කල භාෂාවද වාසය කරන පෙදෙස අනුව වෙනස් විණි. ලංඩන් වාසීන් කතා කළේ අමුතුම උරැවකටය. එය "කොක්නි ඇක්සන්ට් " එක නමින් හැදින්විණි.

බර්මින්ග් හැම්,මැන්චෙස්ටර් හා ලිවර්පූල් වැසියන්ට තිබුණේ වෙනස්ම උරැවකි.

නිව්කාසල් වැසියන්ගේ කතා කිරීමේ විලාසය ඊට හාත්පසින්ම වෙනස්විය.

සැවොම පාහේ fu....ing යන වචනය නිතර භාවිතා කළහ. එය බොහෝවිට පාවිච්චි කලේ විශේෂන පදයක් වශයෙනි. උදාහරණයක් ලෙස ඉතා ලස්සන දෙයකට fu....ing beautiful යැයි කීහ. ඒතරම්ම මේ වචනය සමාජයේ එක් කොටසක් අතර පාවිච්චි වුණි.

රැජිනගේ ඉංගීසි කතා කල "පොෂ් "පිරිස මේ වචන නිතර භාවිතා නොකළහ.

ක්රිකට් ක්රීඩාවේ උපත එංගලන්තයේ සිදුවූවත් බොහෝ පිරිස ප්රිය කළේ පාපන්දු ක්රීඩාවටයි. පුවත් පත්වල අවසාන පිටු සේරම පාහේ පාපන්දු ක්රීඩාවේ පුවත් වලින් පිරැණි.

පබ්(pub) නමින් හැදින්වූ බාර්වලට වැදී පාපන්දු තරග නරඹමින් බීර තොල ගෑමට බහුතරය ප්රියකළහ. විස්කි බ්රැන්ඩි වැනි hard liquor පාවිච්චිය බොහෝ අඩුවිය. බොනවිට එකා බීර පයින්ට් දහය පහළව බිව්වේ ජලය පානය කරන්නාක් මෙනි.

කොයිදේ කළත් බ්රිතාන්ය වාසීන් ඉතාමත්ම නීතිගරැක වූහ. නීතියට හා පොලීසියට ඉතා බය පක්ෂපාතීත්වයෙන් කටයුතු කළහ. 

කිසිවිටෙක බීමතින් රිය පැදැවූයේ නැත. මත්පැන් පානය කල විට පොදු ප්රවාහන සේවාවන් හෝ කුලී රථයක සේවය ලබා ගති. 

හැමවිටම පෝලිම් ක්රමය අනුගමනය කළහ. ඕනෑම විටෙක තම වාරය එනතුරැ පෝලිමේ සිටියහ.බසයකට දුම්රියකට ගොඩවීමේදී සංසුන්ව රථයෙන් බසින්නන්ට ඉඩදී පෝලිමේ සිට රථයට ගොඩවූහ.

මහා මාර්ගයේ රථවාහන පැදවීමේදි කිසිවිටෙක මාර්ග තීරැ කැපුවේ නැත. අදාළ තීරැවේ වාහන පැදවූ අතර වාහනයේ නළාව කිසිවිටෙක හඬවනු නොඇසිණි. හෝනය නාද කරනු ලැබුවේ යම් කෙනෙකු සංඥාවක් නොදා වාහනය නැවැත්තුවොත් හෝ අතුරැ පාරකට හැරවුවහොත් වැනි රථවාහන හා මාර්ග නීති රීති උල්ලංඝනය කල විටෙක පමණි.

මේ අතර සියලු ජන කොටස්,වර්ණ,ආගම් හා ඇතිහැකි/නැතිබැරි අය අතර සමානාත්මතාවයට බෙහෙවින් ගරැ කළහ. කායික හා මානසික දුබල පුද්ගලයන් සඳහා රථගාල් වල කොටසක් වෙන්වුණි. ඔවුන් සඳහාම සැකසූ වැසිකිළි හා ඇතුල්වීමේ හා පිටවීමේ පහසුකම් සැපයිණි.

සේවා ස්ථානවල කිසියම්ම හෝ ආකාරයකින් සමානාත්මතාවය බිඳෙන දේවලට ඉඩ අහුරා තිබිණි. බෙහෙවින් මුදල් වියදම් කරමින් සේවකයින්ට ඒ පිළිබඳ දැනුම හා උපදෙස්ද ලබා දීමද නිරතුරැවම සිදු කෙරැණි. 

ඉංග්රීසි ජාතිකයින් ලිංගික ක්රියාකාරකම් ගැන විවෘතව කතා කරති. පාසල් වල පවා ඒ ගැන ඉගැන්වීම් හා සාකච්ඡා විෂය මාලාවට ඇතුළත් කොට ඇත.

ඒ නිසා තරැණ පරපුරට ඒ ගැන අපේ රටේ දරැවන්ට මෙන් කුතුහලයක් නැත. බොහෝදේ කිරීමට නිදහස ඇත. 

මහ මඟ ගෑනු දරැවකුට නිදහසේ ඇවිදයාමට අපේ රටට වඩා මෙහි ඉතා හොඳ වටපිටාවක් ඇත. එහෙත් මේ අසීමිත නිදහසින් හොඳ මෙන්ම නරකද ලැබීම විස්මයට කරැණක් නොවේ. ලොව ලාබලතම මව්පිය යුවළ බිහිවූයේද එංගලන්තයෙනි. කොයිදේ වුවත් මොළය කල්පනාවෙන් නොකළොත් සිදුවන විපාකනනම් මෙයයි.

මෙහි කවුරැන් හෝ තමන්ගේ රැකියාව ප්රසිද්ධියේ කීමට මැලි නොවෙති. මම කම්කරැවකු එහෙමත් නැතිනම් පෙදරේරැවකු කියා ඔවුන් පවසන්නේ ආඩම්බරයෙනි. එමෙන්ම ඔවුන්ටත් වාහනයක් පවිච්චිකරමින් දොස්තරයෙකු,ඉංජිනේරැවකු හෝ ඉහල විධායක නිලතල දරන්නකු මෙන්ම සැපවත් දිවියක් ගත කළ හැක. 

මේ රටේ පවත්නා නොයෙකුත් බදු නිසා මුදලක් ඉතුරැකිරීමට අපහසු වුවත් ලැබෙන පඩිය නැණවත්ව වියදම් කළහොත් හොඳ සැපවත් දිවියක් පහසුවෙන් ළඟාකරගැනීමට දොරටු විවරව ඇත.

රජය සියට දෙසීයක පමණ බදු මුදක් ඉන්ධන, ගුවන් තොටුපළ ගාස්තු වැනි දේ වලින් අයකර ගනී. 

ඉන්පසු ආදයම් බදු,වාහන බදු, වාහන යෝග්යතා සඳහා ගාස්තු වරිපනම් ගාස්තු ආදී නොගෙවා බැරිම දේ ජනයාගෙන් ලබා ගනී.

එහෙත් වාහන පද්ධතිය හා දුම්රිය සේවය ඉතාමත්ම ඉහළය. බස් හා දුම්රිය බොහෝ විට තප්පරයටම නිවැරදි වෙලාවට ධාවනය වේ. 

හදිසි අනතුරකදී පොලීසිය, ගිනිනිවන හමුදාව, ගිලන් රථ තප්පරයෙන් එතනය.

මේ රටේ ඡන්දය පවත්වන ආකරයත් හරිම අපූරැය. ඡන්දයට ඉදිරිපත්වන්නන් තාප්ප බිත්ති වනසමින් පෝස්ටර් නොගසති. වේදිකාවල ගිරිය පුප්පා කෑ නොගසති. තම ප්රතිඵත්ති මාලාව තැපෑලෙන් ඡන්ද දායකයන්ට යැවේ. විද්යුත් මාද්යතුළින් ජනතාවට කරැනු පැහැදිලි කෙරේ. වාද විවාද කෙරේ. ඡන්දය දවස වෙනදටත් වඩා සාමකාමීය. පොලිසිය අහලකවත් නැත. ඡන්ද පොළ කියා ඊතලයකින් පෙන්වන පාසලට හෝ දේවස්ථානයට මිනිසුන් එකා දෙන්නා ගොඩවී තම ඡන්දය පාවිච්චි කර නිවෙස් කරා ඇදෙති. මහජන මුදල් නාස්තියක් මිනී මැරැම් ගිනි තැබීම් බෙහෙතකට නැත.

අධ්යපනය හා සෞඛ්ය සේවය ඉතාමත්ම ඉහළය.

අපේ රටට මොවුන්ගෙන් උගතහැකි පාඩම් නම් රාශියකි. එහෙත් ඒ හොඳදේ වෙනුවට මේ රටේ වැරදිදේම අප බදා වැළඳ ගැනීම අපේ අවසානාවය. මේ රටින්ම අධ්යාපනය ලැබු අපේ රටේ පාලකයන් මේ රටේ බොහෝ ඇති හොඳ පුරැදු හා ක්රමවේද ලංකාවේ ක්රියාත්මක නොකිරීම අපේම නොලැබීමය.

චන්දන ගුණසේකර එක්සත් රාජධනියේ සිට........ 


30 comments:

  1. ආස්චර්යේ සදා සිහින කවරදා සබැ වෙයිද අපහට

    ReplyDelete
    Replies
    1. ඇනෝ මල්ලී මේ රටේ තියෙන හොඳ පුරැදුවලින් භාගයක්වත් අපි අනුගමනය කරනවානම් ඒ අපේ සිහින සැබෑ කරගන්න තිබුණා.

      Delete
  2. ඕවා අපෙන් හුරු වෙච්චි ඒවා. සෙල්ටික් මියුසික් අහල නැද්ද අනේ..

    ReplyDelete
    Replies
    1. ඔව් දේශකතුමා සුද්දෝ අපෙන් හොඳ දේවල් ඉගෙන ගද්දී අපි එයාලගේ වැරදි දේම වැළඳ ගත්තු එකනේ අවුල.

      Delete
  3. //එහෙත් ඒ හොඳදේ වෙනුවට මේ රටේ වැරදිදේම අප බදා වැළඳ ගැනීම අපේ අවසානාවය. මේ රටින්ම අධ්යාපනය ලැබු අපේ රටේ පාලකයන් මේ රටේ බොහෝ ඇති හොඳ පුරැදු හා ක්රමවේද ලංකාවේ ක්රියාත්මක නොකිරීම අපේම නොලැබීමය.// ජන්මේ ගති නැරේ කියන එක හරියි නේ. වංශකතා අනුව සිංහලයා බිහිවුනේ විජය කියන පාදඩයා සහ හොරු රැලකින් නේ

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද බං, විජය වැද්දොන්ගෙ පියානෙ. භද්දකච්ඡායනාට ළමයි උන්නෙ නෑනෙ :D

      Delete
    2. මහ කලු කියල කියාගෙන ආවට සිංහල කමකුත් නෑ, දන්න දේකුත්, නෑ ඉංග්‍රීසි දන්නෙත් නෑ. මෙන්න මූ දාන කමෙන්ට් //Free service and premium service is best for all field. we haven't any problem. maraya is expert// රජා මරනව හිටු කියල. නිකන් පැට්‍රෝල් පුච්චන හිච්චි එකෙක්

      Delete
    3. Indika,

      ඒ බං...භද්දකච්ඡානා කියන්නෙ විජයගෙන් පස්සෙ රජවෙච්ච පඬුවස්දෙව් ගොයියගෙ වයිපරේනෙ. එතුමිට හිටියා පුත්තු හයයි දුවයි..දුව තමයි උන්මාද චිත්තරා..

      ඔය ළමයි නොහිටියෙ විජය කුවේණි පන්නල දාල මදුරාපුරෙන් ගෙන්නගෙන කසාද බැඳගත්තු කුමාරිට. නමක් ගමක් නම් මම කොහෙවත් දැකල නෑ...

      Delete
    4. @ ඇනෝ....ඌට දන්න සහ පුලුවන් විදිහටනේ ඌ දාන්නේ. අපි කෙනෙකුගේ දන්න සහ නොදන්න ප්‍රමාණය එස්ටිමේට් නොකර ඉන්න එක හොඳයි කියලා තමයි මම හිතන්නේ. ඔය කවුරුත් එහෙමයි බං. හැබැයි සමහර වෙලාවට මකසි පොර ටෝකුත් දෙනවා, ඉතින් අපි අහන් ඉන්නවා. උත්තර දෙන්න තරම් පාණ්ඩිත්වයක් නැති නිසා. මේ දේවල් දිහා උපේක්ෂාවෙන් බලපන්.

      Delete
    5. රවී, ෂරි ෂරි...වැරදීමක්.

      තැන්ක්‍යු මචෝ නිවැරදි කිරීමට!

      Delete
    6. එහෙමමත් කියන්න හොඳ නෑ කළු මල්ලී. ඔය විදේශිකයෝ අපේ රටට එන්න කලින් අපේ තිබුණු සංස්කෘතික,ආගමික හා දේශපාලනික දියුණුව කොච්චරද? අපි කම්මැලි වුණා. අවුරැදු ගනනක් තිස්සේ අපව මොටවුණා. ඒත් ඔළුව උස්සගෙන හිටියා. ඒත් දැන් දැන් සිදුවන පිරිහීම නිසා අපි කොහෙන් නවතීද දන්නේ නෑ.

      Delete
    7. ඇනෝ මලේ මටත් උඹට අරෑ කියපු එකමයි කියන්න තියෙන්නේ. අපි උපේක්ෂාවෙන් බලමු. ජය වේවා!

      Delete
  4. උත්තම වන් ලොව පතලා - එංගලන්ත නමින් යුතු විපුලා
    තුංග සිරින් රැන්දු සකළා - දෙස ලන්ඩන් පුරවර නිමලා
    -- ජොහානා නාඩගම --

    කවදාවත් ගිහිල්ල නැතිවුණත් හොඳ චිත්‍රයක් මවාගන්න හැකිවුනා
    සංයුති, ඇවතුම් පැවතුම් ගැන හිතුවම කොළඹ ඇතුලු ලොව බොහෝ අගනගර වල හරය මේ නොවේදැයි සිතුණා.

    සෝබනලු කොළඹ මේ ගම හැර යන්න මට හිතේ
    එහෙ තියනවාලු දියුණු වෙන්න තියන සාස්තරේ
    -- හතර මහ නිධානය --

    ReplyDelete
    Replies
    1. තිස්ස සොයුර ඔබට බොහොම ස්තූතියි! තව තොරතුරැ ඉදිරියට ගෙන එන්නම්.

      Delete
  5. චන්ද පවත්වන කාලෙට විතරක් අපිව සුද්දට යටත් කරලා තියන්න පුලුවන්නම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත විචාරක මහත්තයා. තව හොඳ දේවල් කොච්චර නම් මේ රටින් අපට ගත හැකිද?

      Delete
  6. //ගොඩනැඟිලි හා ඉදිකිරීම් අංශයේ 90% ක් පමණම ඉංජිනේරැවන් අපේ පුංචි ශ්රි ලංකා මාතාවගේ දරැවන් වීම අපට ඉතාමත්ම ආඩම්බර විය හැකි කරැනකි.//

    ඕහෙ වේලෙන සුද්දො මෙහෙ එනව පොරවල් වෙලා. උන්ට ගෙවන්නෙ අපිට වගේ දෙගුණයක් තුන් ගුණයක්. එකම හේතුව හම!

    ReplyDelete
    Replies
    1. Indika,

      අම්මාපල්ල..ඒකනම් සහතික ඇත්ත. මෙහෙ හුඟක් ඉදිකිරීම් සහ උපදේශක සමාගම්වල ලොකු තනතුරුවල ඉන්නෙ හුද්දො..ඉතිං හමට කෙලිම්ම ෆිෆ්ටි පර්සන්ට් පඩි වැඩිකරනව. ඒකත් කමක් නෑ කියමුකො..බ්‍රිටිෂ් පාස්පෝට් තියෙන පලස්තීන්, ලෙබනන්, ජෝර්ඩන් එවුන්ටත් එහෙමනෙ. කාල වරෙංකො..ඊට් ඇන්ඩ් කම්!

      Delete
    2. ඔව් අප්පේ සමහර පොස්ට් තියෙනවා මෙහෙ හොඳ පඩි ගෙවන . යන්තම් නාඩි වැටෙන සුද්දෙක් වීම තමයි අවශ්‍ය එකම සුදුසුකම.

      Delete
    3. ඔය උඹලා කියන කතන්දරේ 1987ත් වුනා ඕමාන් වලදි.. ලංකාවෙන් එන ඉන්ජිනේරුවෝ කාපෙන්ටර්ස්ලා වුනා. එංගලන්තෙන් එන කාපෙන්ටර්ස්ලා එහේ ඉන්ජිනේරුවෝ වුනා. ඒ විතරක් නෙමේ එකම රස්සාවට, බ්‍රිටිශ් පාස්පෝට් තියෙන එවුන්ට එක පඩියකුයි, අනිත් අයට එක පඩියකුයි සම්මත කරගෙන තිබුනා. ඒත් අපේ නැති බැරිකමට අපි ආවා. ඕකයි ඇත්ත කතාව. අපේ එවුන් වැඩකරා. සුද්දෝ ලකුණු දාගත්තා. ඒ ක්‍රමයට විරුද්ධ වෙනවා තියා..ඒ ගැන සිතීම පවා වරදක් වුනා. මම ඉදිරියේ ඔය ගැන ලියන්නම්. මේවා සහතික ඇත්ත.

      Delete
    4. සහතික ඇත්ත ඉන්දික අපේ රටේ සුදු හමයි ඉංග්‍රීසියි වලට පුදුම වැඳවැටීමක්නේ තියෙන්නේ.
      ඒ අතින් මෙහේ වැඩ පුළුවන්නම් ජාතිය ජන්මය හොයනවා අඩුයි.

      Delete
  7. ඉතාම හොඳ විස්තරයක් චන්දන. සීවලී වීරතුංග කියලා මගේ යාලුවෙකුත් වොට්ෆර්ඩ් හිටියා කාලයක්.
    කොක්නි ඇක්සෙන්ට් එක මටත් තේරුම් ගන්න අමාරු එකක්. අක පාරක් කොක්නි ටෙලි සීරීස් එකක් පෙන්නුවා ලංකාවේ. මට සීයට විසිපහයි තේරෙන්නෙ ඒත් හොඳට කණ දීගෙන හිටියොත්.
    ඔය අයිරිෂ් ස්කොටිෂ් වෙල්ෂ් උන් ඉංග්ලිෂ් උන්ට හිනාවෙන එක ලෝකෙ කොතැනත් තියෙන හොඳ සිරිතක්නේ බං. දැන් අපේ කොච්චර තියෙනවද අපිත් එක්ක ඉන්න අනිත් ජාතීන්ට, එතකොට ඉන්දියානුවන්ට එහෙම හිනාවෙන කතා. ඕක නිව් සීලන්ඩ් ඕස්ට්‍රේලියා දෙරටෙත් තියෙනවලු කියලා මට එකෙක් කිව්වා. එතකොට ප්‍රාන්ත, පළාත් වගේ හැම විදියටම බෙදිලා එකිනෙකාට කාඩ් ගහ ගන්නේ. අපේම උන් අපි දකුණේ ඈ, අපි උඩරට ඈ, කිය කියා බෙදිලා කල්ලි හදාගෙන අනිත් උන්ට හිනා වෙන්නේ. ඒවෑ නම් එච්චරම අවුලකුත් නෑ ඉතින් හාස්‍යය සඳහා පමණක් නම්.

    තව මේ වගේ ලස්සන ලිපි ලියාපං බං.

    ReplyDelete
  8. //එහෙත් වාහන පද්ධතිය හා දුම්රිය සේවය ඉතාමත්ම ඉහළය. බස් හා දුම්රිය බොහෝ විට තප්පරයටම නිවැරදි වෙලාවට ධාවනය වේ.

    මෙන්න මෙහෙම දෙයක් ලංකාවේ තියෙනවා නම් අපි වේලාවට ගෙදර....

    ReplyDelete
  9. සුනිල් පෙරේරගෙ සින්දුවක් මතක් වුණා.. :D

    ReplyDelete
  10. හොඳ දේ වෙනුවට වැරදි දේ ම බදාගැනීම....එතන තමයි චන්දන අපේ මිනිස්සු හැමදාම වරද්ද ගන්න තැන

    ReplyDelete
  11. අර අවසානයට කියල තියන දේවල් නම් අපට කවදා දකින්න ලැබෙයිද මෙහෙ.. අපි හරි ශ්‍රේෂ්ඨයි කියල පොඩි කාලෙ ඉඳන්ම බොරු සිහිනයක ගිල්වන එක නම් ලස්සනට දිගටම කෙරෙනවා.

    ReplyDelete
  12. අපිට නුහුරු ඔය පරිසරේ ගැන සජීවී විස්තරයක් ඉදිරිපත් කිරීම ගැන උඹට ස්තුතියි. බ්ලොග් කලාවේ වටිනාකම මේක තමයි. ආ ඉතින් ලබන අවුරුද්දේ උඹ බලන්නට එනවිට පූර්ව දැනුවත් වීමක් වෙලා ඉන්නත් මේක හොඳයි .

    ReplyDelete
  13. ගුණේ....මචං...මම කොලින්ඩේල්, හෙන්ඩන්, එජ්වෙයාර් පැතිවල කාලයක් හිටියා. ඒවා පස්සට ලියන්නම්.

    ඔය කොක්නි කල්චර් එක මාර සීන් එකක්. උන් තුලින් මහා දරුණු ගැන්ග්ස් හැදිලා තියෙනවා. ඒ උප භාශාව ඇතුලේ උන්ට විතරක් තේරුම් ගන්න පුලුවන් යෙදුම් තිබිලා තියෙනවා සමහර ගැන්සි වැඩවලට. කොක්නි කියන්නේ එක්තරා කාලයක උප සංස්කෘතියක්. ඒ කොක්නි "දේශ සීමා" උන් ලන්ඩනය වටා අන් ඔෆීෂියලි වෙන් කරගෙන තිබිලා තියෙනවා. ඒක ඇතුලෙ ඉපදුන එවුන් තමයි කොක්නියෝ. මේ උඹ ලියන්නේ හරි ඉන්ටරෙස්ටින්ග් මාතෘකාවක්. දිගටම ලියපන් ෆේස් බුක් එකේ අවතාර නොවී :D

    කොක්නි කල්චර් එක සහ ඒ උන්ගේ ජීවන රටාව කියවන්න වටිනවා.

    ReplyDelete
  14. චන්දන රටක් සංවර්නය වුණාම ජනතාවට තමන්ට අවශ්‍ය බොහෝ දේ ලබා ගැනීමේ හැකියාව වැඩි වෙනවා. බොහෝ විට ද්වීතීයික අවශ්‍යතාවයන් පවා නිතර ම පිරිමැහෙනවා.. ඒත් නොදියුණු රටවල් වල ජනතාව තමන්ගේ මූලික අවශ්‍යතාවයන්වත් සම්පූර්ණකරගෙන නැහැ. ඔවුන්ට උදේට කෑවාම දවල්ට කන විදිහ ගැන ප්‍රශ්ණයක් තියෙනවා.ඉතින් ඒ ජනතාවගෙන් අපිට එංගලන්තයේ තියෙන ගති බලාපොරොත්තු වෙන්න බැහැ... අපි නම් කියන්නේ ඒ දේවල් රටින් රටට වෙනස් වෙනවා කියලයි....

    ReplyDelete
    Replies
    1. මම මෙතනදි ඔබත් සමඟ එකඟ නෑ සහෝදරයා. ලංකාවේ ජනතාව දුප්පත්. හැමෝටම කාර් එකක් ගන්න බෑ. ඒක ඇත්තයි. ඒත් පෝලිමේ තමන්ගේ වාරය එනතුරැ සිටීම. ආචාරශීලීව කතාකිරීම වැනිදේවලට දුප්පත්කම හේතුවක් වෙන්නේ නෑ. බඩගින්න නම් ටිකක් තරහව උපදනවා තමයි. ඒත් පෝලිමේ සිට බසයකට නගිනවා වගේ දේවල් අපට පුරැදුවන්නට තිබුණා.

      මොකවත් නෙමේ මුල ඉදලම පුරැදුවුණ විදිහ. කැම්පස් එකේ අගේට පෝලිමේ ඉන්න කෙනා එලියට ආවම පෝලිම් කඩාගෙන පොරකනවා. රටේ හැමෝම ඇදේට යද්දි එක්කෙනෙකුට දෙන්නෙකුට කෙලින් යන්න බෑ. මේ දේවල් ආණ්ඩුව,පොලීසිය පාසලත් එක්ක එකතුවෙලා පාසල් මට්ටමින්ම හදන්න ඕන දේවල්. රටින්රටට වෙනස් කියලා හිටියොත් අපි හැමදාම ඔහොමම තමයි.

      Delete