Pages

Thursday, 6 February 2014

තාත්තේ ඔබට සුභ උපන් දිනයක්......!

පසුගිය පෙබරවාරි තුන් වැනිදාට යෙදුනු මා ආදරණීය පියාණන්ගේ උපන් දිනය වෙනුවෙනි......



දස මසක් මගේ බර නොඳැරුවටතාත්තේ
අප සැමගේ දිවි බරම වැටුනෙ ඔබෙ කරමතේ
මව් කිරට වහං වී කිරි වුනේ ලෙයගතේ
අපව උණුහුම් කලේ ගැලූ දහඩිය වතේ
   
හිම ශිඛරෙ ශීත නෑ උණුසුමින් ඔබෙ සුසුම්
ඔබේ එක වදනකින් පිපෙයි අප හදකුසුම්
සෙවනැල්ල යට ඔබේ සිසිලසයි හරි නැවුම්
ළඟ සිටින විට දැනෙයි රැකවරණෙ අති උතුම්
   
ජීවිතේ සියළු බර සොම්නසින්ඉසිලුවා
ආදරේ අඩු නැතිව අප සැමට පැතිරුවා
කාගෙවත් හොඳම මිස දොසක් නොම පැවසුවා
කාටවත් ණය නොවී දිවි ඔරුව පැදැවුවා
   
දිවි මඟේ සැදෑ යම ගෙවනවා අදදිනේ
ඔබේ ගුණ සුවඳ කඳ වැඩිවෙමින් මට දැනේ
හැමගෙන්ම හොඳක්මයි ඔබ නමට පිටවුනේ
අපෙත් ආයුෂ රැගෙන අප ළඟම ඉනුමැනේ
   

34 comments:

  1. මගෙනුත් සුබ පැතුම්..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දන ඔබට!!

      Delete
  2. චන්දන අයියෑ අප්පච්චිට නිදුක් නිරෝගී චිර ජීවණය පතමි !!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මධූ මලේ!!

      Delete
  3. අපෙනුත් සුබ පැතුම්

    ReplyDelete
  4. මගෙනුත් සුබ පැතුම් අයියේ http://omageheena.blogspot.co.il/2013/07/blog-post_31.html මේ මගේ තාත්තගේ උපන්දිනේ දා ලියපු එක

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නඟේ! ඔයා ලියපු එක ටිකක් බැලුවා. දුක හිතෙනවා. වෙලාව මදි
      දැන් වැඩට යන්න ලෑස්ති වෙනවා. පසුව කියවන්නම්.

      Delete
  5. ගුණේගේ පියාට නිදුක් නීරෝගි සුවම පතමි... පින්තුරේ දැක්කම මට මතක් උනේ ලාවට වගේ අරූන් ඩයස් වගේද කියල...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දේශක තුමා! තාත්තා හරි හැන්ඩියා. තරැණ කාලේ හිංදි නළුවෙක් වගේ. අරැන් ඩයස් වගේද මන්දා. උඩු රැවුල නිසා වෙන්න ඇති. මේ පිංතූරෙනම් 2005 ගත්තු එකක්. දැන් නම් වයසයි. ඒත් ෆෝන් එකෙන් කථා කරන කොට මට මැවෙන්නේ ඒ තරැණ තාත්තව. ඒ තරැණ කට හඬ මචං. මම හිතන්නේ උඹලටත් උඹලගේ තාත්තලා ගැන එහෙම හිතෙනවා ඇති....
      උඹට ජය!

      Delete
  6. ම්ම්ම්.....සතුටුයි මචෝ....
    තාත්තාට නිරෝගිමත් දිවියක් පතමි....
    අදටත් පියා සමග මිතුරෙකු හා සමව විසීම කියල වැඩක් නැහැ බන්.
    අම්ම නංගිලා තුන් දෙනයි,මල්ලිලා දෙන්නයි එක්ක ...
    තාත්ත එදා ඉදන් අද වෙනකම් මා එක්කමයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෙන්ජි මචෝ! තාත්තලාගේ ඇස් කඳුළින් තෙත් නොවුනට එයාලා අපට කොච්චර ආදරේද?
      මමත් තාත්තා කෙනෙක් උනාම මට ඒක වැඩි වැඩියෙන් හැඟුනා.
      උඹට ජය!!

      Delete
  7. තාත්තාට නිරෝගී සුව සහ දිගායු පතමි!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි නංගී! ඔයාව සඳුන් සෙවනටත් ඉතාමත්ම ආදරයෙන් පිළිගන්නවා..

      Delete
  8. මටනම් පෙනේනේ තාත්තා සිංහයෙක් වගේ වාඩිවෙලා ඉන්නවා කියලා. දැන් වයසට ගියා උනත් එහොල්ලෝ වැඩ කලේ යෝධ ශක්තියකින්. උඹේ ආදරණීය තාත්තාට ශුබ උපන් දිනයක් පතනවා .

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත තිලකේ! එයාලා හැමදාම අපේ ජීවිතයේ පතාක යෝධයෝ. මේ ෆොටෝ එක තාත්තලා 2005 නංගිව බලන්න කැනඩාවට ගිය වෙලාවේ ගත්තු එකක්. උඹට ජය!!

      Delete
  9. Replies
    1. ස්තූතියි මචං! කොහේද බං අන්ත්‍රස්දහං වෙලා හිටියේ. පෝස්ටු මොකුත් දැක්කේ නෑ.

      Delete
    2. මේ සති අන්තේ ලිපියක් පලකරනවා. වෙන වැඩ වලට හිරවෙලා හිටියා.

      Delete
  10. අපේ තාත්තත් උපන් දිනය මේ මාසයේම සමරනවා....හිතුනොත් යමක් ලියන්නම්....ඔබේ පියතුමාට දීර්ඝායුෂ පතමි....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිරා මලේ! මොනවා හරි ලියපං එතකොට තාත්තා සතුටු වෙයි...

      Delete
  11. නිදුක් නිරෝගී අනාගතයක් ප්‍රාර්ථනා කරනවා අයියේ තාත්තට..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි දිනේෂ් මල්ලී!!

      Delete
  12. අපෙනුත් සුභ පැතුම් චන්දන අයියගෙ තාත්තට..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි උමේෂ් මල්ලිටත්!!!

      Delete
  13. චන්දනගේ පියාට චිරං ජයතු කියා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං! ඒවගේම උඹව සඳුන් සෙවනට ඉතාමත් සෙනෙහසින් පිළිගන්නවා.....

      Delete
  14. අඩෝ ලොකු ගුණසේකර මහත්තයා මාර හැන්ඩියෙක් නේ බන්...අපි මොක්කුද කියලා හිතුනා!

    එතුමාට නිදුක් නිරෝගී සුවය හද පතුලින්ම ප්‍රාර්ථනා කරනවා!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මචං! හරි හැංඩියා තරැණ කාලේ. මට මතකයි ඉස්සර තාත්තා ටවුමට යන්නේ නැශනල් එක ඇඳලා, කොණ්ඩේ ක්‍රීම් දාලා පීරලා ජැංඩියට. ජීවිතය හොඳට විඳපු මිණිස්සු මචං... හිතේ මොකුත් නෑ.... පොට්ටනි ගහපු සල්ලිත් නෑ.... හොඳ හිත විතරයි.....

      Delete
  15. අපෙනුත් සුබ පැතුම්... නිදුක් නිරෝගී අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තුෂානි! ඔබව සඳුන් සෙවනට ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා...

      Delete
  16. Replies
    1. ස්තූතියි දූලා! ඔබව සඳුන් සෙවනට ඉතාමත්ම සෙනෙහසින් පිළිගන්නවා! ජය!!

      Delete