Pages

Tuesday 24 December 2013

නත්තල් අසිරිය......


මම දන්නවා අපේ ලංකාවේ බොහෝම ස්රද්ධාවත් කිතුනු බැතිමතුන් ඉන්නවා. ලෝකයෙත් සිටිනවා. මේ ඔවුන් ගැන නොව මට එංගලන්තයේදී නත්තල පිළිබඳ දැණුන අදහසක් පමණයි. 

ඔබ සැමට සුභ නත්තලක් වේවා! ලොවෙහි සාමය රජ වේවා!!!


ගස් වල කොළ හැලී අතු පමණක්රැඳුනා
ඒ මත හිම ඇලී සුදු පැහැයෙන්දිලුනා
සීතල පවන් වැල් සවනඟ කිතිකැවුනා
නත්තල් අසිරියෙන් සැම හද ඔපවැටුනා
   
උත්සව සමය වෙනුවෙන් පාසල්වැසුනා
තෑගි බෝග ගන්නට මිනිසුන්පිරුනා
නත්තල් ගස් වලට කප්පාදුවලැබුනා
අසරණ කළුකුමා මස් වී ගෙටඇඳුනා
   
නත්තල් සීයා හැම නිවසෙම දිස්වූවා
නත්තල් ගසින් සාලය හැඩ වැඩවූවා
පිනි මුව පැටව් රංචුව සබයටආවා
මුළු පරිසරය නෙක පැහැයෙන් ඔපවූවා
   
පල්ලිය දිහාවට කවුරුත් නොමඇඳුනා
එහි ඇති කුරුසයේ දුහුවිලි මලබැඳුනා
සාමයේ කුමරු ඇති බවවත් නොමහැඟුනා
එතුමාටත් හොරෙන් සුභ නත්තලගෙවුනා
   

25 comments:

  1. නත්තල විතරක් නෙවෙයි අනෙක් හැම ආගමික උත්සවයක්ම වාගේ සමරන්නේ එහි මූලික හරයට එකඟව නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මලේ හැම උත්සවයකම වෙන්නේ මුදලාලිගේ මඩිය තර වීම. මහේ නම් ජේසු තුමා ගැන කිසිම සඳහනක් නෑ. පුහු ආටෝප විතරයි. උඹට සාමය සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා!!

      Delete
    2. ඔබටත් සුබම සුබ නත්තලක් වේවා සඳුන් අයියේ

      Delete
  2. එංගලන්තයේ නත්තල කවි වලට අකුරු කිරීම කදිමයි.
    >> අසරණ කළුකුමා මස් වී ගෙට ඇදුනා <<
    මෙය හැම ගෙදරකම දක්නට ලැබෙන දෙයක් නේද මචන්.

    ReplyDelete
    Replies
    1. ඇඟැයීමට ස්තූතියි මචං! මුංට ජේසු කෙනෙක් හිටියද ගානක් නෑ. අපේ ගේ ඉසසරහ පල්ලියක් තියෙනවා. වෙනදටත් වඩා පාළුයි! ඒ අතින් ලංකෙවේ ඉන්න කිතුණු බැතිමතුන්ට මගේ ප්‍රණාමය!!

      Delete
  3. නත්තල් කළුකුමා ඇමරිකාවේ, එංගලන්තයේ නත්තලේ, තුති පිදීමේ උත්සවයේ අනිවාර්ය අංගයක් ද කොහේද. පරණ කතා හැම එකකම වගේ තියනවා

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත! ජේසු තුමා ගැන ඇරෙන්න අනිකුත් සියළුම දෙනා ගැන කථා කරනවා.

      Delete
  4. සුභ නත්තලක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඔබව මුලින්ම සඳුන් සෙවනට සෙනෙහසින් පිළිගන්නවා! ඔබටත් සුභ නත්තලක් වේවා!!

      Delete
  5. පල්ලිය දිහාවට කවුරුත් නොම ඇඳුනා
    එහි ඇති කුරුසයේ දුහුවිලි මල බැඳුනා
    සාමයේ කුමරු ඇති බවවත් නොම හැඟුනා
    එතුමාටත් හොරෙන් සුභ නත්තල ගෙවුනා

    මේ කොටස ඇත්තම ඇත්ත .. ඔයාට සුබ නත්තලක්

    ReplyDelete
    Replies
    1. ඇඟැයීමට ඔයාට ස්තූතියි අපූර්වී! තත්වය ඕකයි! ඔබටත් සුභම සුභ නත්තලක් වේවා!!

      Delete
  6. ඔබටත් සුභ නත්තලක් වේවා

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා කෝරලේ මහත්තය!!

      Delete
  7. එංගලන්තයේ නම් නත්තලට පල්ලි යන එක එන්න එන්නම අඩුවෙනවා. ජර්මනියේ ඉන්න බ්‍රිටිශ් කෙනෙක් කිව්වා එහේ පල්ලි නත්තලට පිරෙනවා කියලා. නත්තල සම්ප්‍රදායික කෑම මේසයට සීමාවෙලා. මේ වෙනස මට පේන්නේ නත්තලට විතරයි. අනිත් ආගම්වල අය ඒ ඒ උත්සවවලට පන්සල්. කෝවිල්, යනවා.

    ReplyDelete
    Replies
    1. මම අද පාරේ යනකොට පල්ලි කීපයක්ම දැක්කා. කිසිම විශේෂත්වයක් නෑ. ඒ උනාට ගෙවල් වල සැරසිලි හා කෑම මේසය නම් රජ ගෙදර වගේ. ජේසු තුමා සාමයේ කුමාරයා තනියම.
      ඒ කෙසේවෙතත් උඹට සුභ නත්තලක් වේවා නෙරංජන් අයියේ!!

      Delete
  8. චන්දන ඇතුළු පවුලේ සැමට ප්‍රීතිමත් නත්තලක් හා සුබම සුබ නව වසරක් වේවා !!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෙන්නා ඔබ ඇතුළු පවුලේ සැමටත් සුභ නත්තලක් හා ජයෙන් පිරි නව වසරක් වේවා!!

      Delete
  9. වැරැද්ද රටේ නෙමෙයි...දෙයියන් වහන්සේ ලෝකය මැව්වා කියන අමුම අමු බොරුව පිළිගන්න නූතන සමාජය තව දුරටත් සුදානම් නෑ....ඒ නිසා තමයි ක්‍රිස්තියානි භක්තිකයන් දවසෙන් දවස අඩු වේගෙන යන්නෙ...ඇමරිකාව වගේ රටවල ජනතාව වැඩි වැඩියෙන් බෞද්ධ භාවනා ක්‍රම ඔස්සේ බෞද්ධ ආගම දෙසට එන්නෙ...අන්න ඒකයි තිත්ත ඇත්ත...විශේෂයෙන් තරුණ පරපුර මේ ලෝක මැවූ කථා වගේ පරණ ජෝක් වලට කැමති නෑ...

    ReplyDelete
    Replies
    1. ඇනෝ මල්ලී මමත් ඒකනම් පිළිගන්නවා. ඒත් ආගමක් නැති එනත් ප්‍රශ්නයක්. ඒත් එක අතකින් බලනකොට තමන් හරියට ජීවත් වෙන්න දන්නවාවම් කාටවත් කරදරයක් නැතිව එයාට වෙන ආගමක් ඕන නෑ. එයාගේ සන්තානය තමයි ආගම....

      Delete
  10. චන්දන අයියගේ කවි එක්ක හැරෙන්න නම් අපිට බැහැ... තවත් මේ වගේම කවියට දක්ෂ කීප දෙනෙක්ම ඉන්නවා.. ඔමා , සයුරි ... සයුරි නම් දැන් කවි ලියන්නෙම නැහැ .......

    ඔබටත් පවුලේ සැමටත් සුබම සුබ නත්තලක් සහ ප්‍රීතිමත් නව වසරක් වේවා...!

    ReplyDelete
    Replies
    1. ඇඟැයුමට ස්තූතියි ඒත් හොඳ කවි කාරයන් අතර මම තවම පොඩි අංකුරයක් විතරයි. ඒත් මම උත්සහ කරනවා උඹලා දෙන ශක්තියත් අරගෙන.
      උඹටත් සුභ නත්තලක් මලේ!!

      Delete
  11. ඔව්.. නත්තල වගේම ගොඩක් ආගමික උත්සව වලට වෙලා තියෙන්නේ මේ දේ තමයි..

    ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. මුලින්ම සිතිවිලි සිතූ ඔබව සඳුන් සෙවනට ආදරයෙන් පිළිගන්වා.
      ඔබටත් සුභ නත්තලක් වේවා!!!සුභම සුභ නව වසරක් වේවා!!!

      Delete
  12. සුබ නත්තලක් වේවා අයියේ !!!
    සුබ පතන්න පොඩ්ඩක් පමා උනා !

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුභම සුභ නත්තලක් වේවා මල්ලී!!

      Delete