Pages

Sunday 8 December 2013

සැබෑ මිනිසකුගේ නික්ම යෑම......


ලොවෙන් සදහටම සමුගත් නෙල්සන් මැන්ඩෙලා  නම් සැබෑ මිනිසාට උපහාර පිණිස......

 
Photo Credit: consortiumnews.com

වර්ණ භේද වාදය නම්අසූචියේ
දුඟඳ නසන් පිපි කුසුමකි පිනටදැයේ
සුදු කළු වෙනස මකනට ඔබ කරන්ගියේ
නිදහස් සටන අප කාගෙත් මතකෙතියේ
   
අවුරුදු විසි හතක් ඔබ හිරබත්කෑවා
දිවියේ යොවුන් කල අඳුරෙහි තනිවූවා
ඔබේ දිවි පසෙක ලා සටනට පනපෙව්වා
ජාතියේ නාමයෙන් හැම දුකඉවසූවා
   
දඟ ගෙදරින් විත් නිදහස දිනූදැයේ
කළු ජනපති විය හැත්තෑ සවෙනිවියේ
සදහට නික්ම යන ඔබ මේ පාළුරැයේ
එක්වී සිහිකරයි සුදු කළු වෙනසනොයේ
   

14 comments:

  1. සුදු කළු වෙනුවට සිංහල දෙමල මුස්ලිම් කියලා ආදේශ කරලා මේ වගේ කවියකින් පුදන්ට පුළුවන් කෙනෙක් අපේ රටේ පහල වෙයිද කවදා හරි.

    ReplyDelete
    Replies
    1. එහෙම කෙනෙක් පහල වෙනවානම් මලේ මෙතුවක් කල් කවියෝ දස දහස් ගනනක් ලියාගෙන පළකරන්න විදිහක් නැතිව හිටපු කවි වලින් පොත් පත්තර විතරක් නෙමේ බිත්ති තාප්පත්‍ වැහිලා යාවි.....

      Delete
  2. සැබෑ වීරයෝ පහල වෙන්නේ කලාතුරකින්.. මේත් ඒ වගේ කලාතුරකින් පහල වුන සැබෑ වීරයෙක්..

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත දිනේෂ් මලේ හිතන්න අවුරැදු 27 ක් ජීවිතේ තරැණ කාලේ හිරේ ලැගලා ඒත් අරමුනේම පිහිටලා හිටපු එක.....

      Delete
  3. නෙල්සන් මැන්ඩෙලා හොඳ උපතක් ලබලා ඇති රටට කරපු සේවය වෙනුවෙන්. කවි ටික ලස්සණ යි!

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත නංගි! ඇවිල්ලා අපේ රටේවත් ඉපදෙනවානම්. කවි රස වින්දටත් ස්තූතියි!!!

      Delete
  4. මෙවැනි පරිනත නායකයින් දකුණු අප්‍රිකාවට විතරක් නෙමේ ලෝකයටම හිඟ යුගයක තමයි අපි ජීවත්වෙන්නේ.....මාග්‍රට් තැචර් විසින් වරෙක ත්‍රස්තවාදියෙක් ලෙස හංවඩු ගැසූවත් මැන්ඩෙලා තම පුහු පෞද්ගලිකත්වය පසෙකලා රාජ්‍යතාන්ත්‍රික නිපුනත්වය ප්‍රදර්ශනය කරපු හැටි නම් අපූරුයි.

    ReplyDelete
    Replies
    1. ෆිඩෙලුත් ගියාට පස්සේ කවුරැත් නැති වෙනවා. අරෑ මහත්මයා මට උඹට අරෑ කියන්න හිතෙන්නේ නෑ. උඹේ නම මට හොයා ගන්න තාම බැරි උනා. මේ පැත්තේ නොවැරදීම එනවට උඹට ස්තූතියි මචං!!

      Delete
    2. නම නෙරංජන් , අරූ නෙවෙයි මූ කිව්වත් අරු අයියා තරහා වෙන්නෙ නෑ , නියම බුලට් කොල්ලෙක් (60 පැන්නට :ද)

      Delete
    3. හා! හා!! විස්තරයට ස්තූතියි උඹට!!! හැට පැන්නා කියලා කිව්වා කියලා උඹව අල්ලා ගනී. උඹට සුභ දවසක්!!

      Delete
  5. හිස නමා ආචාර කරමි...අපේ කාලයේ මා දුටු නියම වීරයෙක්...වචනයේ පරිසමාප්ත අරුතින්ම මහත්මයෙක්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිරා මලේ මේ පැත්තේ ඇවිත් කවි රස වින්ඳට!!

      Delete
  6. මට අයියගේ පෝස්ට් මිස් වෙනවා ... රෝල පිරිලා මගේ...( උපරිම 300 යි නෙව ) සින්ඩි වලට දැම්මද බ්ලොග් එක ..........? ටික දවසක් යනකම් ලින්ක් එක දාන්න අනික් බ්ලොග් වල.....

    ReplyDelete
    Replies
    1. ගනං ගන්න එපා සහන් මල්ලී! මම දන්නවා වැඩත් එක්ක මේවා ඔක්කොටම යන්න වෙලාව නෑ තමයි. කහටක් නෑ මලේ උඹ ඉදලා හිටලා හරි එනවානේ.
      ඔව් මම මාතලන්ගේ සින්ඩියේ හා කැම්පස් සින්ඩියේ මේක එල්ලුවා. පාඨකයෝ යම් රසයක් මා ලියන දෙයින් විඳිනවනම් එයාලා ටික ටික රොක් වෙයි. ප්‍රධානම දේ තමයි හිස කෙළින් තියාගෙන නොසැලී අපේ ගමන යෑම... උඹට ජය!!

      Delete