Pages

Thursday 5 December 2013

සොඳුරු ගාන්ධර්වයාණෙනි........

 
Photo Credit: selfdignity.blogspot.com

අද උපන්දිනය සමරණ අප සදාදරණීය අමරදේවයනට උපහාරයක් පිණිස.....

සංගීත අම්බරේ පෑ සුපුන් සඳය ඔබ
ලඹ සවන් පිනා ලූ අමා ගී දහරඔබ
ගතින් මහළුව ගියද සිතින් තිරිහංය ඔබ
හැමදාම දිලෙනු මැන අපේ ආයුෂත්ලැබ
   
කොළොම් තොට මහළු නැත අවන්හලඑලෙසමයි
හන්තානේ කඳු මතින් හැමු පවන් සිසිලසයි
අඩවන්වු දෙනෙතකින් ගැලු කාන්තිය සුවයි
අපට ඇති සරණ නම් ගී පොතයි මී විතයි
   
දශක අටකටත් වැඩි ඔබෙ සොඳුරු දිවි පෙවෙත
මියුරු කට හඬින් ඔබ සුවකලා බිඳුනු සිත
හොඳින් අස්වැද්දුවා සත් සරින් පුරන් කෙත
සඳා වාසනා ඔබ සනසන්න සියළු සත


Photo Credit: ravayanews.wordpress.com

සොඳුරු ගාන්ධර්වයාණෙනි ඔබට දීර්ඝායුෂ ලැබේවා!!!!
  

27 comments:

  1. ආ අදද උපන්දිනේ ? දන්නෙත් නෑ.. ඔහුට සුබ උපන්දිනයක් හා දීර්ගායුශ පතනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෙන්නා මේ පැත්තේ ආවට! එතුමා අපේ ජාතික වස්තුවක්! එවැනි දක්ෂයෙක් කාළයකට උපදින්නේ නෑ.

      Delete
  2. මේ කවි ටික අමරදේවයන්ට උපහාරයක්ම වේවා ! ලස්සන කවි ටිකක්..
    අමරදේව මහත්මයාට නිදුක් නිරෝගී චිර ජීවණය පතන්නෙමු !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මධූ මලේ කවි රස වින්ඳට! ඔව් අපි ඒ උත්තමයට දිගාසිරි පතමු!!!

      Delete
  3. දීර්ඝායුෂ අමරදෙවයාණෙනි.... ඔබට සුබ ඇතුම් සඳුන් අයියේ, සඳුන් අයියට මතකද අපි ජිම් එකට අමරදේව මාස්ටරුයි ,රූකාන්තයි ගෙන්නලා කරපු ෂෝ එක. ඒ කාලේ හිටියද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පව්ලූෂා මලේ උඹේ දාබරිත වඳන් වලට. නෑ මලේ එතකොට අපි අවුට් වෙලා. ඒත් මම ඒක යූ ටියුබ් එකේ බැලුවා. රෑකා අමරදේව රජතුමණි කියලා ඒකෙනේ කියන්නේ. උඹට මතකද සනත් නන්ධසිරි ගායක තුමාට සිංදුව කියා ගන්න බැරි තරමට කොල්ලෝ හූ කියපු දවස. ඒත් එක්කම කපුගේ මහත්තයට
      වැඩිවෙලා වේදිකාවේ පිස්සු කෙලපු දවස. ඒත් කොල්ලෝ එදා හ්ම් කිව්වේ නෑ. ඒතරම් ගෟරවයක් සැබෑ මිනිස්සු වෙනුවෙන් කොල්ලන්ට තිබුනා. කපුගේ දවසක් පැල නැති හේනේ කියන කොට ජිම් එකේ ඉඳි කට්ටක් වැටුනත් ඇහෙන ගානට තිබුනා උඹට මතකද??

      Delete
    2. ////// නෑ මලේ එතකොට අපි අවුට් වෙලා. ///////

      පවුලූශා......උඹ පොඩි පැංචෙක් බං කොල්ලෝ....:DD

      Delete
    3. අරූ ඔව් අරූ ....(ලජ්ජත් එක්ක )

      කපුගේට කවදාවත් කැම්පස් එකෙන් හූවක් අහන්න වෙන්නෙනෑ , මොකද කවදාවත් පේරාදෙණි ෂෝ වලදී ඒ මහත්තයා සල්ලි ගත්තේ නෑ. සඳුන් අයියාට මතකද දන්නේ නෑ එක දවසක් හවසක වූස් වලේ සමාජවාදී ශිෂ්‍ය සංගමෙන් තිබ්බ කපුගේ සැන්දෑව , මතකනම් එකේ නිවේදකයා කවුද කියලා , ඒ වගේම අරුණැල්ල නැවතුනාට පස්සේ ආපහු පටන් ගත්තේ E/ 98 කණ්ඩායම , ඊටපස්සේ E/99 (අපි) සහ E/00 කණ්ඩායම් ඔක්කොම සංවිධානය කරපු අරුණැල්ල ප්‍රසංග හැම එකේම නිවේදකයා (නයෙක් අරින්නේ හරිද) ඒ තමයි මම . ඒ කාලේ මගේ වැඩේ ඕක තමයි කෝස් එක කලේ පාට් ටයිම්. වීදි නාට්‍යය කළා 3rd year එකේදී. ෆැකල්ටිය පැත්තේ නොයා මාස තුනක්ම. කැම්පස් එකෙක් ඔයා කියපු එක ඉවෙන්ට් එකක්වත් අතාරපු එකෙක් නෙවෙයි මම

      Delete
    4. පව්ලූෂා මලේ ඒක නයා ඇරීමක් නෙමේ. දක්ෂතාවයක්. මම නම් යමෙකුගේ දක්ෂතාවයන් ඉහලින්ම අඟය කරන කෙනෙක්. මට පෙන්නන්න බැරි කිසිම දක්ෂතාවයක් නැති අය බොරැවට කැපී පෙනෙන්න දඟලනකොට. තමංගේ මට්ටං තංමට්ටං කිව්වලු. මම ලංකාවට ආපු දවසක ඇත්තටම උඹත් එක්ක සෙට් වෙන්න ඕනේ. උඹට ජය මලේ!!!

      Delete
    5. අනිවා , සෙට් වෙන්නම ඕනේ, මොකද එක ෆැකල්ටියේ හිටියත් අඳුනගත්තෙ දැන්නේ ...ජය වේවා සඳුන් අයියේ

      Delete
  4. කවි ටික ලස්සණ යි, චන්දන අයියේ :) අමරදේව ශූරීන්ට දිගාසිරි පතන්න මමත් එකතු වෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නඟේ ඔයාගේ සුභ පැතුමට!!
      ජයෙන් ජය!!!

      Delete
  5. ඔහුට සුබ උපන්දිනයක් පතමි! 'සියළු' නෙමේ, 'සියලු'.

    ReplyDelete
    Replies
    1. නිවැරදි කිරීමට ස්තූතියි දිලිනි. මම ඒක හදන්නම්. කොහෙද සිංහල අකුරැ හරියට ඉගෙන ගත්තේ නෑනේ. දැන් තමයි තේරෙන්නේ....

      Delete
  6. අමරදේව ශූරින්ට නිදුක් නිරෝගි බව පතමි!!!!!

    උඹේ කවි ටික නම් පංකාදුයි....අපි වරක් ඕමානයට ගෙන්වූවා..බොහෝම ඉස්සර..රසවත් සිද්ධි කීපයක් වුනා..මම පස්සේ ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං ඇඟැයීමට! රසවත් සිද්ධි අපටත් කියපං.මම ආසයි උඹ ලියන ආරට..

      Delete
    2. අරූ, ඔමාන් වලද ඉන්නෙ ? මම ඒත් බැලුවා ඕමාන් ඉඳන් මගේ බ්ලොග් එකට එන්නෙ කවුද කියලා !

      Delete
    3. @සෙන්නා......මම 1987-2001 වෙනකම් හිටියා...දැන් නැහැ. හරිම රසවත් කාලයක්.

      Delete
    4. ඕමානයේ ඉන්න එක් බ්ලොග්කාරයෙක් තමයි හැලපකාරයා.

      Delete
  7. අමරදේව ශූරීන්ට දිගාසිරි....කවි ටික නම් සුපිරි .......

    ReplyDelete
    Replies
    1. ලක්සිත මල්ලී මුළින්ම ඔයාව සඳුන් සෙවනට ඉතාමත්ම සෙනෙහසින් පිළිගන්නවා. ඇඟැයීමටත් ස්තූතියි. නැවත එන්න කියලා සුහදව ආරාධනා කරනවා...

      Delete
  8. මගේ ප්‍රියතම ගායකයා...වතාවක් මට කථා කරන්න අවස්ථාවක් ලැබුනා...මම ලංකාවෙ ඉද්දි එතුමා අවසන් වශයෙන් පවත්වපු ප්‍රසංගයත් ජන ගංගාවක් මැද සෑහෙන කට්ටක් කාලා නැරඹුවා...මේ වගේ හැකියාව තියෙන කෙනෙක් අපේ කලාඅඹරේ තවත් නම් නැත...චිරං ජයතු !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිරා මල්ලී. එතුමා 1998 ලන්ඩන් ආ වෙලාවේ අපේ නෝනගේ නැන්දලාගේ නිවසේ නතර වෙලා හිටියා. එහේ පොඩි පැඳුරැ සාජ්ජයක් දැම්මා. ඉතිං මට එතුමා ඉස්සරහම ඉඳං සිංදු අහන්න අවස්ථාව ලැබුනා. එතුමාගේ පුතා තමයි තබ්ලා ගැහුවේ. දුවත් සිංදු කිව්වා. මට හරිම සතුටු දවසක් එදා...

      Delete
    2. පුතා රංගන දුව සුභානි...ඔයා සෑහෙන වාසනාවන්තයෙක්....මටත් කථා බහ කරන්නවත් අවස්ථාවක් ලැබුන එක ගැන සතුටු වෙනවා...

      Delete
  9. හොඳ උපහාර කවි ටිකක් මචන් . ඔන්න මමත් එකතු වෙනවා අමරදේවයන්ට දිගාසිරි පතන්නට

    ReplyDelete
    Replies
    1. වෙනදා වගේම උඹගේ හෘර්දයාංගම ඇඟැයීමට ස්තූතියි මචං! ඔව් අපි ඔක්කොම එකතුවෙලා සුභ පතමු. ආයිත් දෙවැනි අමරදේව කෙනෙක් නෑ. ඔච්චරම තමයි!!

      Delete