අනුරුධ ඇමතිගේ නාමෙන් පිඳුම් | ලද |
වීර විකුම් පෑ නරනිඳු පහස | විඳ |
සිංහල පොරණෙ තුන්වැණි අග නුවර | සොඳ |
අනුර පුරය නමැඳිමි ඔබෙ දෙපා | වැඳ |
| |
නගරය මැදින් මල්වතු ඔය ගලා | බසී |
හමනා මඳ පවන් වැව් හා පොකුණු | පිසී |
ඉසුරුමුණියෙ පෙම් යුවලත් දකිනු | රිසී |
යන්නට අ'පුර අකමැති නම් කවුරු | කිසී |
| |
එක් පසෙකින් නුවරවැවේදසුණ | පෙනේ |
අනෙක් පසින් තිසා වැවේ සිසිල | දැනේ |
මහා කනදරා නාච්චාදූ වැව් | පොරණේ |
මහා රජවරු කල විස්කම් වල | ඵලනේ |
| |
ජය සිරි මහා බෝධිය මහා මෙවුණා | වේ |
ලෝවා මහා පායත් පසෙකින් දිස් | වේ |
රත්නමාලි සෑ රජුනගෙ වට මළු | වේ |
පිය මැන යන්න ආසාවක් හිත ඇති | වේ |
| |
සමාධි බුද්ධ ප්රතිමාවේ ඉදිරි | පිට |
වාඩි වෙලා දැහැනට සම වැදුණ | විට |
ශුද්ධ නගරෙ පිස හමනා සුළඟ | මට |
ළඟා කරයි මනසින් තව් | තිසාවට |
| |
ශුද්ධ නගරෙ යන විට නටබුන් | අතර |
මගේ සිතත් අතීතයට යයි | නිතර |
පොරණේ රජුන් කල කී දෑ වී | නතර |
බලා සිටිමි ඇති නම් නොම වෙයි | මිතුර |
| |
වැවකින් හොඳින් දිය නා පිරිසිදු | වීලා |
අටමස්ථානේ සිත් සතොසින් වැඳ | පුදලා |
මිහින්තලේ කන්දත් තරණය | කරලා |
කර ගමු පිනක් යන තැනකට සෙත | සදලා |
All the photos have been taken from the web. | |
අනර්ගයි අයියා
ReplyDelete