Pages

Thursday 31 October 2013

හේනේ පැලේ තනි වී.......



Photo credit: agridept.gov.lk

 Photo credit: ironkettlefarm.com



පසලොස්වක ගෙවී දෙදොහයි ගත වූයේ
කිරි සඳ එළියේ අඩුවක් හෙම නෑ ආයේ
එනමුත් මගේ හද තුල ඇති සිත් යායේ
අමාවකයි නිතරම හොල්මන්පෑයේ
   
කුරහං පීදිලා සුලඟේ ළෙලදෙනවා
වට්ටක්කා වැලෙත් ලොකු ලොකු ගෙඩිඑනවා
වැටකොළු පතෝලත් මැහි වල වැජඹෙනවා
මෙදා කන්නේ මගෙ අටු කොටුඉතිරෙනවා
   
දහවල භෝග පක්ෂින්ගෙන් රැකගන්න
රෑ තුන් යමේ වණ සතුනවපන්නන්න
සීතල හිමේ මගේ මේ දුක දුරුවෙන්න
මේ තනි හිතට කවි සිතිවිලි පූදින්න
   
ඔබ කැන්දන් ඇවිදිල්ලාසුන්දරියේ
මේ පෝයට එක සතියයි ගතවුයේ
ගෙදර ඇඳේ ඉන්නා විට ඔබතනියේ
හේනේ පැලේ කෙලෙසක සැනසෙම්දරැයේ
   
කිසි දින නොදැණුනා මෙතරම්සීතලයක්
ගිනි මැල ගසා ඇති මුත් එහි නෑ අඩුවක්
ඔබ ළඟ යහනේ වැතිරී ඉන්නටපිරියක්
ඇතිවී හිත හඬයි වෙන මා කරනු කුමක්
   
හේනට නොආවොත් අටු කොටු හිස් වෙනවා
ඔබේ ගෙල රනින් වැසුමට මට බැරි වෙනවා
ආදර සිනා වා තලයට මුහුවෙනවා
රැවුලයි කැඳයි රැකුමට පැල වෙතඑනවා
   
කුරහං කපන තුරු මැණිකේඉවසන්න
එලවළු ටිකත් ළඟදිම හැක ගෙට ගන්න
ඒ හැම විකුණලා මසුරංඋපයන්න
වණ සතුරනේ මෙහාට නෑවිත් ඉන්න
   
ඩිංගිත්තක් මගේ ඇහැ පියැ වුනවිටදී
ඔබ මුව කමල සිහිනෙන් හද තුල උපදී
දෙණියේ ලිඳෙන් නා ගෙන හෙටදහවලදී
මා එමි පතිනියේ ඉනු හොඳැහින්කන්දී
   
   
Photo credit: flixya.com

12 comments:

  1. සරු එළවලු හා සරු කවි රස වින්දා

    ReplyDelete
  2. ස්තූතියි තිලකේ!!!

    ReplyDelete
  3. සෑහෙන කාලෙකින් හතරපද කවි සෙට් එකක් කියෙව්වේ,,, දැන් කට්ටිය ලියන්නෙම නිසදැස්මයි නෙහ්...
    ඒක ට්‍රෙන්ඩ් එකද මන්දා.

    ReplyDelete
    Replies
    1. මේ පැත්තේ හක්කලං කොරාට උබට ස්තූතියි මලේ!!

      Delete
  4. කෝ මගේ කමෙන්ටුව ?

    ReplyDelete
    Replies
    1. කොමෙන්ටුව ලැබුනා ඔබට ස්තූතියි!!

      Delete
  5. ෆලෝවර් ගැජට්ටුව දාන්න පුලුවන් නම් හොඳයි.. එතකොට දිගටම එන්න පහසුවක්..
    මේ තියෙන ගැජට්ටුව නෙමේ ෆලෝවර් එක.. මේ ජී ප්ලස් ගැජට්ටුව නෙහ්..

    ReplyDelete
    Replies
    1. මට ඒක දාගන්න හැටි පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්ද? මම ට්‍රයි කලා. ඒක හොයා ගන්න බැරි උනානේ.

      Delete
    2. මේ ටියුට් එක බැලුවා නම් හරි !

      http://www.southernspeakers.net/2013/02/adding-followers-gadget-in-blogger-post.html

      Delete
    3. බොහොම ස්තූතියි මධුරංග! මම ෆලෝවර්ස් ගැජට්ටුව දා ගත්තා.

      Delete
  6. චන්දන........උඹ දිගටම ලියපන්.... අපි එන්නම් කියවන්න.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මචං! මට ලොකු දහිරියක් උබගේ කමෙන්ටුව..

      Delete