Pages

Sunday 20 October 2013

කඳුළු...........






Photo credit: rapgenius.com

ඉපැඳුණ දා පටන් හැම හෙලනා කඳුළු
හද පිරි සෝ සුසුම් ලෝකෙට දෙන කඳුළු
කරුන කිම උවත් සංවේදියිකඳුළු
සමහරු බොරුවටත් වඟුරනවා කඳුළු
   
බිළිඳා කඳුළු වඟුරයි කුස ගිනි විටදී
මවගේ තුටු කඳුළු ඔහු කුස පිරි විටදී
දරුවකු හෙලන කඳුළැල් කොයිමොහොතකදී
උවඳ දෙමව්පියෝ වෙනවා සංවේදී
   
පියාගේ කඳුළු මවගේ මෙන් පෙනුනේනැත
හදවත හඬයි එකසේ පිට පනින් නැත
මව්පිය කඳුළේ අවංක කම පිරී ඇත
කඳුළු වලින් බැඳීම් තර වෙලා යත
   
සතුන්ගේ කඳුළු නොපෙනේ හැමටම එකසේ
හැගීම් බරිත ඔවුනුත් දුක් වෙයි සැමසේ
වාසිය පතා මිනිසුන් වඟුරන රහසේ
කඳුළු අඟය නැත පෙන්වූවත් දුකසේ
   
ළූණු කපන විට වුව ඇස් තෙත්වෙනවා
දූලි වැටුනමත් කඳුළැලිබේරෙනවා
වෙනකකු කඳුළු දුටුවත් නෙතු රතු වෙනවා
නමුත් සැබෑ කඳුළු හදින් නික් මෙනවා
   
ජීවත්වන විටදි පැත්තක් නොබැලුඅය
මිය ගිය දිනේ වඟුරති පියැවුමට ණය
ලෝකයාට පෙන්වන්නට කරනමෙය
විඟඩමක්ම පමනකි හැම දනිති එය
   
කඳුළු එක වගේ පෙනුනත් හැම විටම
පරිස්සමින් හැඳිනිය යුතු වෙයිඅපම
කඳුළෙහි අඟය නැතිවෙන්නට නොම හැරම
වැඟිරිය යුතුයි මොලයට තැන දී සැවොම

14 comments:

  1. කඳුළු කියන්නෙ මිනිස්සුන්ත් එක්ක උපතින්ම බැඳුණු දෙයක්නේ

    ලස්සන පබැඳුමක්

    ReplyDelete
  2. බොහෝමත්ම ස්තූතියි රෙහානි මගේ බ්ලොග් එකට පිවිසිලා මගේ කවි රස වින්දට!! ඔබගේ නිර්මාණත් මම කියවගෙන යනවා. පසුව මගේ අදහස් පළකරන්නම්....

    ReplyDelete
  3. ඔබවන් රචිකාවියකගෙන් හොඳ ඇඟැයීමක් ළැබීම ගැන මට හරිම සතුටුයි....

    ReplyDelete
  4. ඔහොම තම යි. අපි ඉපදුණු දා ඉඳන් කොච්චර නම් කඳුළු හෙළල ඇද්ද?

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොග් එක පැත්තේ ආවට ඔයාට ගොඩක් ස්තූතියි දිලිනි! ඇත්ත තමයි උපන්දා සිට දුකටත් සැපටත් දෙකටම අපි ළඟ ඉන්න කඳුළු සමහරැ අනිසි විඳිහට යොදා ගන්න නිසා එහි ඇති උත්තරීතර ගුණය නැති වෙලා යනවා...

      Delete
  5. මොකද මේ කවි හරියට බීපු එකෙක් වගේ ඇලවෙලා. ඒවා හදාගන්න... අනික කෝ ෆලෝවර් ගැජස්ට්ටුව ඒකත් දාන්න.. කවි කියවනවා හැබැයි ප්‍රතිචාර දෙනවා හොරයි.. දිගටම ලියන්න.. කවි ලිව්වට ඒ බාසාවෙන් කතා කරන එක උචින නැහැ කියලයි මම හිතන්නේ..

    අනික වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න


    Setings - posts & comments - Word Verification - NO

    ReplyDelete
    Replies
    1. ඔබගේ මසුරං වටින උපදෙස් වලට ගොඩක් පිං දේශක තුමා. මම වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කලා. අර followers ගැජට්ටුව දාගන්න විඳිහටත් උදව් කරන්න පුළුවන්ද තරහා නොවී. ඔබට ඉඩක් ලැබුනාම.

      Delete
    2. Design කියන එක උඩ ක්ලික් කරලා Dash Board එකට යන්න එතන වම් පැත්තේ උඩ තියෙන ලිස්ට් එකෙන් Layout කියන එක ක්ලික් කරාම එන page එකේ ඇති Add අ Gadget කියලා .එකේ ක්ලික් කරන්න එකේ More Gadgets කියන එකේ Followers කියන එක add කර ගන්න
      ඔයා ඕන gadget එකක් එතැන් තියෙන ඒවායින් add කරන්න පුළුවන්

      Delete
    3. Settings - Layout - Add a gadget - Select Followers Gadget

      Delete
    4. ස්තූතියි දේශක තුමා. තාම කවි වල ඇලේ මකා ගන්න වෙලාවක් ආවේ නෑ හරියට..

      Delete
  6. http://samakayawate.blogspot.com/2013/09/test.html

    ReplyDelete
  7. කඳුළු එක්ක තමයි අපි ජීවත් වෙන්නේ මුළු ජීවිතේ පුරාම .....එක්කෝ සතුටු කඳුළු, නැත්තම් දුක් කඳුළු ..... ඉක්මනට ෆලෝ කරන ගැජට්ටුව දාගන්න

    ReplyDelete
  8. මේ පැත්තේ ආවට උබට ස්තූතියි ඉවාන් මලේ! ෆලෝවර් ගැජට්ටුව දාගන්න උදව් කලාටත් ස්තූතියි! ජය!!!

    ReplyDelete
  9. පින්තූරේ ටිකක් පුංචියට දාන්න..

    ReplyDelete