Pages

Thursday 5 November 2015

මගේ දිනපොත - ප්‍රවේශය



මෙතෙක් කල් මා ආ දිවි ගමනේ ලද අත්දැකීම්, ලෝකය හා එදිනෙදා හමුවන නානාවිධ මිනිසුන් ගැන මට සිතෙනදේ හා විශේෂයෙන්ම මා දැඩිව ආදරය කරන සාහිත්ය හා කලාව පිළිබද දෑ, දිනපොතක අනුසාරයෙන් ලියා පළ කරන්නට මට සිතී තිබුණේ බොහෝ කලක සිටය. 

ඒ මා අසූවේ දශකයේදී කියැවූ හා හදවතටම සමීප කරගත් සුනිල් මාධවයන් ලියූ " සත්යවාදියෙකුගේ දිනපොත හා " අනුර හෑගොඩයන් ලියූ " ගොඩයාගේ කොලම" වැනි තීරු ලිපි කියැවීමෙන් ලද පන්නරය හා උත්තේජනය නිසා යැයි මට සිතේ. 

එහෙත් එය කල් නොයවාම වහ වහා කළ යුතුයැයි හදිසියේ සිතුණේ කාරණා කිහිපයක් නිසාවෙනි. ඉන් පළමු වැන්න නම් සුනිල් මාධවයන් සමඟ කතාබහ කරන්නට මා ලද අවස්ථාවයි. අනෙක් කරුන නම් මුහුණු පොතේ මා ලියන දෑ කියවා තුටුවන මුහුණු පොතින්ම හමුවූ සහෘදයන්ගේ දිරි ගැන්වීමයි. ඔවුන් මා වෙත එවන සුන්දර වදන් වැලයි. එමෙන්ම හිතේ දිනපතාම එක්කාසුවෙමින් කැරලිගසන සිතිවිලි මුදා හැරීමේ දොළදුකයි. අනෙක් කාරණය නම් ලිවීමට ඇති පිස්සුවයි. උනයි. 

මෙයට ප්රවේශය ලෙස සුනිල් මාධවයන් විසින් එතුමාගේ " සත්යවාදියෙකුගේ දිනපොත" ග්රන්ථයේ ලියූ පෙර වදනින් කොටසක් උපුටා දක්වන්නට මට අවසර. 

" යුද්ධයේ මහා විනාශයට මුහණ දෙමින් මරණයේ බියකරු හඬ හදවතට කොඳුරද්දී ඈන් ප්රෑන්ක් දැරිය ලියූ දිනපොත මෙන් මගේ මේ දිනපොත අනාගතයේදී මහා සාහිත්ය විප්ලවයක් නොකරනු ඇත. බුද්ධියේ මහා ශ්රේෂ්ඨත්වයෙන් ප්රාන්ස් කෆ්කා ලියූ දිනපොත මෙන් මෙය කිසිදා බුද්ධිමතුන් අතරට නොයන බවද මම දනිමි. දිළිඳුකමේ හා නිර්ධනභාවයේ පාහර ජඩ පෑගීමට ලක්වූ කැරොලිනාගේ දිනපොත මෙන් මෙය මානව හිතවාදීන්ගේ මනසට යොමු නොවනු ඇත. "

එමෙන්ම මගේ දිනපොත සත්යවාදී මාධ්යවේදියකුවූ සුනිල් මාධවයන්ගේ දිනපොත මෙන් හා ප්රවීණ සාහිත්යධර අනුර හෑගොඩයන්ගේ කොලම මෙන් ජනතාව සෙනෙහසින් වැළඳ නොගන්නා බවද මම දනිමි. එහෙත් එක් අයෙකු හෝ මේ සටහන් කියවා සතුටක් ලබයිද ,එක් අයෙකූ හෝ මෙය බලා තමනුත් යමක් ලියන්නට පෙළබෙයිද ,එයින් මට සැනසීමක් හා සතුටක් ලැබිය හැක. 

එසේනම් මෙතැන් පටන් ඉඩ ලැබෙන අයුරින් මගේ දිනපොත ඔබ වෙත ගෙන එන්නට අවසර. 

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

18 comments:

  1. සතුටුදායක අාරංචියක්. කියවීම පිපාසයක් වී අැති විටක . හරවත් යමක් නැති තැන. මුහුණු ෙපාත වසා දැමුවා. සුභ පැතුම් අයියා.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි ඔබට

      Delete
  2. ඉඩ ලද සෑම මොහොතකම කියවනව චන්දන අය්යෙ

    ReplyDelete
  3. අනේ වාසනාවන් ලියාගන ගියාගන ලියාගන යං

    ReplyDelete
  4. ලියමු ලියමු අයියේ..

    ReplyDelete
  5. අපිටත් වැදගත් වේවි ගොඩක්..........

    ReplyDelete
  6. අනුන්ගෙ දිනපොත් කියවන එක නරක වැඩක් වුනාට ඔන්න ඔහේ කියවමු. තවත් ප්‍රසිද්ද දිනපොත්
    ඈන් ෆ්‍රෑන්ක්ගෙ දිනපොත
    වැම්පයර්ගෙ දිනපොත
    විම්පි කිඩ්ගෙ දිනපොත

    ReplyDelete
  7. බෙදා හදා ගන්න වටිනා අත්දැකීම් ගොඩක් තියෙන ඔබ වැන්නෙක් එය ලියා පල කිරීම ඉතාමත් අගේ කරනවා.. ආසාවෙන් කියවන්න බලන් ඉන්නවා. ජය!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිත්‍රයා මා ගැන කළ ඇගැයීමට

      Delete
  8. සුභ පැතුම්. දිගටම ලියමු..

    ReplyDelete