මෙතෙක් කල් මා ආ දිවි ගමනේ ලද අත්දැකීම්, ලෝකය හා එදිනෙදා හමුවන නානාවිධ මිනිසුන් ගැන මට සිතෙනදේ හා විශේෂයෙන්ම මා දැඩිව ආදරය කරන සාහිත්ය හා කලාව පිළිබද දෑ, දිනපොතක අනුසාරයෙන් ලියා පළ කරන්නට මට සිතී තිබුණේ බොහෝ කලක සිටය.
ඒ මා අසූවේ දශකයේදී කියැවූ හා හදවතටම සමීප කරගත් සුනිල් මාධවයන් ලියූ " සත්යවාදියෙකුගේ දිනපොත හා " අනුර හෑගොඩයන් ලියූ " ගොඩයාගේ කොලම" වැනි තීරු ලිපි කියැවීමෙන් ලද පන්නරය හා උත්තේජනය නිසා යැයි මට සිතේ.
එහෙත් එය කල් නොයවාම වහ වහා කළ යුතුයැයි හදිසියේ සිතුණේ කාරණා කිහිපයක් නිසාවෙනි. ඉන් පළමු වැන්න නම් සුනිල් මාධවයන් සමඟ කතාබහ කරන්නට මා ලද අවස්ථාවයි. අනෙක් කරුන නම් මුහුණු පොතේ මා ලියන දෑ කියවා තුටුවන මුහුණු පොතින්ම හමුවූ සහෘදයන්ගේ දිරි ගැන්වීමයි. ඔවුන් මා වෙත එවන සුන්දර වදන් වැලයි. එමෙන්ම හිතේ දිනපතාම එක්කාසුවෙමින් කැරලිගසන සිතිවිලි මුදා හැරීමේ දොළදුකයි. අනෙක් කාරණය නම් ලිවීමට ඇති පිස්සුවයි. උනයි.
මෙයට ප්රවේශය ලෙස සුනිල් මාධවයන් විසින් එතුමාගේ " සත්යවාදියෙකුගේ දිනපොත" ග්රන්ථයේ ලියූ පෙර වදනින් කොටසක් උපුටා දක්වන්නට මට අවසර.
" යුද්ධයේ මහා විනාශයට මුහණ දෙමින් මරණයේ බියකරු හඬ හදවතට කොඳුරද්දී ඈන් ප්රෑන්ක් දැරිය ලියූ දිනපොත මෙන් මගේ මේ දිනපොත අනාගතයේදී මහා සාහිත්ය විප්ලවයක් නොකරනු ඇත. බුද්ධියේ මහා ශ්රේෂ්ඨත්වයෙන් ප්රාන්ස් කෆ්කා ලියූ දිනපොත මෙන් මෙය කිසිදා බුද්ධිමතුන් අතරට නොයන බවද මම දනිමි. දිළිඳුකමේ හා නිර්ධනභාවයේ පාහර ජඩ පෑගීමට ලක්වූ කැරොලිනාගේ දිනපොත මෙන් මෙය මානව හිතවාදීන්ගේ මනසට යොමු නොවනු ඇත. "
එමෙන්ම මගේ දිනපොත සත්යවාදී මාධ්යවේදියකුවූ සුනිල් මාධවයන්ගේ දිනපොත මෙන් හා ප්රවීණ සාහිත්යධර අනුර හෑගොඩයන්ගේ කොලම මෙන් ජනතාව සෙනෙහසින් වැළඳ නොගන්නා බවද මම දනිමි. එහෙත් එක් අයෙකු හෝ මේ සටහන් කියවා සතුටක් ලබයිද ,එක් අයෙකූ හෝ මෙය බලා තමනුත් යමක් ලියන්නට පෙළබෙයිද ,එයින් මට සැනසීමක් හා සතුටක් ලැබිය හැක.
එසේනම් මෙතැන් පටන් ඉඩ ලැබෙන අයුරින් මගේ දිනපොත ඔබ වෙත ගෙන එන්නට අවසර.
චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය
සතුටුදායක අාරංචියක්. කියවීම පිපාසයක් වී අැති විටක . හරවත් යමක් නැති තැන. මුහුණු ෙපාත වසා දැමුවා. සුභ පැතුම් අයියා.
ReplyDeleteබොහොමත්ම ස්තූතියි ඔබට
Deleteඉඩ ලද සෑම මොහොතකම කියවනව චන්දන අය්යෙ
ReplyDeleteගොඩක් ස්තූතියි!
Deleteඅනේ වාසනාවන් ලියාගන ගියාගන ලියාගන යං
ReplyDeleteස්තූතියි මචං
Deleteලියමු ලියමු අයියේ..
ReplyDeleteස්තූතියි මල්ලී
Deleteඅපිටත් වැදගත් වේවි ගොඩක්..........
ReplyDeleteගොඩක් ස්තූතියි!
Deleteජය ෙව්වා
ReplyDeleteස්තූතියි මචං
Deleteඅනුන්ගෙ දිනපොත් කියවන එක නරක වැඩක් වුනාට ඔන්න ඔහේ කියවමු. තවත් ප්‍රසිද්ද දිනපොත්
ReplyDeleteඈන් ෆ්‍රෑන්ක්ගෙ දිනපොත
වැම්පයර්ගෙ දිනපොත
විම්පි කිඩ්ගෙ දිනපොත
ස්තූතියි
Deleteබෙදා හදා ගන්න වටිනා අත්දැකීම් ගොඩක් තියෙන ඔබ වැන්නෙක් එය ලියා පල කිරීම ඉතාමත් අගේ කරනවා.. ආසාවෙන් කියවන්න බලන් ඉන්නවා. ජය!
ReplyDeleteස්තූතියි මිත්‍රයා මා ගැන කළ ඇගැයීමට
Deleteසුභ පැතුම්. දිගටම ලියමු..
ReplyDeleteස්තූතියි ඔබට!
Delete