සුනිල් එඩ්මන් හෙට්ටිආරච්චි. උප්පැන්නයේ ඔහුගේ නම සඳහන්වූයේ එසේය. එහෙත් කවුරැත් ඔහු හැදින්වූයේ සුනිල් හෙට්ටිආරච්චි නමිනි. ඔහුට ආදරයට කීවේ ' සුනිල් අයියා' ය. 1937 වසරේ කොළඹ දිස්ත්රික්කයේ නාවලදී උපත ලද සුනිල් හෙට්ටිආරච්චි ලංකාවේ පතල වූයේ විකට නළුවකු වශයෙනි.
ඔහු ගැන මතකය අවදි කරද්දී මගේ මතකය අසූව දශකයේ මුල් භාගයට දිව යන්නේ නිතැතින්මය. ඒ, රෑපවාහිනියේ සංක්රමණයත් සමගම එතෙක් ජනතාවගේ දෘශ්ය මාධ්යවූ සිනමාව , පුංචි තිරයේ නිවසේම සිට නැරඹිය හැකිවූ ටෙලි නාට්ය කලාව මගින් අතික්රමණය කළ යුගය විය.
ඒ දිනවල විකාශනය වූ උසස් ගණයේ ටෙලි නාට්ය අතර " ලා හිරැ දහසක්", " පළඟු මැණිකේ", "මැණික් නදිය ගලා බසී" හා " යශෝරාවය" වැනි ටෙලි නාට්යවලට ලැබුණේ ඉතාමත් ඉහළ ජනතා ප්රසාදයකි. මේ නාට්ය වලට මෙන්ම ඊට පසුව නිර්මාණය වූ කඩුල්ල, වෙද හාමිනේ, දූ දරැවෝ හා දඬුබස්නාමාණය වැනි ටෙලි නාට්යද ජනතාවගේ සිත් සතන්වලට කිදා බැස්සේ විශාල ඊයම් බරැ මෙනි.
මේවායිනුත් සුදු හාමිනේ හා වීරසේකර යන චරිත තිබූ යශෝරාවය , රසිකයන්ද එහිම වැටී හුස්ම ගන්න හා ජීවත්වන තරමට ඔවුනට සමීප වූ ටෙලි නාට්යක් විය. ඒ තරමටම ඒ චරිත ජීවමාන විය. තාත්වික විය.
යශෝරාවයේ , පවුලේ ලොකු පුතා බලදාස( ලකී ඩයස්) තමා උගන්වන පාසලේම ගුරැවරියකවූ සුවිමාලි( ගීත කාන්ති) සමග විවාහ වෙයි. සුවිමාලි මුඩුක්කු ගෙදරක හැදී වැඩුනත් උගත් හා සංවර තරැනියකි. ඇයගේ පියා ' ලොකු තුවක්කු' නම් විය. රැවුල වවා වුන් ඉතාමත් කෙට්ටු හිනෑදෑරි ලොකු තුවක්කුට තිබුණේ තට්ට හිසකි. බැලූ බැල්මට විකට පෙනුමක් වූවත් යශෝරාවයේ ලොකු තුවක්කු මදක් වගකීම් සහිත බැරෑරැම් චරිතයකි. මෙයට පණ දුන්නේ සුනිල් හෙට්ටිආරච්චිය. නැතිනම් අපේ ආදරණීය සුනිල් අයියාය. එතුමා ගැන මගේ මතකය ඇරඹෙන්නේ යශෝරාවයේ මේ චරිතයෙනි.
ඉන්පසු මගේ මතකයට එන්නේ "බෝඩිම" නම්වූ හාස්ය රසයෙන් පිරි නාටකයයි. එහි තේමා ගීතය පවා තුඩ තුඩ රැව්දුන්නේ එහෙයිනි.
බෝඩිමේ සුනිල් අයියාගේ චරිතය වූයේ තම බිරිඳට පණ බය ඒත් බය නැති ආකාරයට හැසිරෙන මහා හාස්ය රසයෙන් අනූන චරිතයකි. එය ඔහු කෙතරම් අපූරැවට කළේද යත් ඉන් පසු ඔහු නිකන් දකිනවිටත් අපට සිනහව නවතා ගත නොහැකි විය. එතුමා ටෙලි නාට්ය රාශියකට තම රංගන දායකත්වය සැපයීය.
මෑතකදී , එතුමා මහත් ජනප්රියට පත්වූ " පබා" ටෙලි නාට්යයේද රඟ පෑවේය.
එතුමාගේ ටෙලි නාට්ය දායකත්වය මෙසේ තිබෙද්දී එතුමාගෙන් විශාල දායකත්වයක් ලැබුණේ රිදී තිරයටය. 1982 වසරේදී නිර්මාණය කෙරැනු කඩවුණු පොරොන්දුව නව නිපැයුමේ සේවකයකුගේ චරිතයට පණ පොවමින් තම සිනමා චාරිකාවට අත් පොත තැබූ එතුමා සිනමාපට රාශියක නානාවිධ චරිතයන් නිරෑපනය කළේය.
සුනිල් අයියාට බොහෝ විට ලැබුණේ වාණිජ චිත්රපටවල සුළු විකට චරිතය. එතුමා ඒවාට හොඳින් පණ දුන් බවට එම චිත්රපට නැරඹූ සුවහසක් සිනමා ලෝලීන් සාක්ෂි දරනු ඇත.
එතුමා රඟපෑ වාණිජ චිත්රපට නාමාවලිය ගතහොත් එය මෙසේ දිස්වේ.
කඩවුණු පොරොන්දුව- වික්ටර්ගේ සේවකයා (1982), හිතවතිය- සිරිල් (1984), හිත හොඳ චණ්ඩියා- සුද්දා( 1987), නැව ගිලුණත් බෑන් චූන්- මඟුල් කපුවා( 1988), රජ දරැවෝ- මරතේලිස්( 1992), වැලි සුළඟ- බට්ටා (1993), කම් ඕ ගෝ චිකාගෝ- බාසුන්නැහේ( 1993), දෙමෝදර පාලම- කවි කොලකාරයා(1995), චණ්ඩියගෙ පුතා- චුට්ටිගේ තාත්තා( 1995), චෙරියෝ කැප්ටන් -ටාසන්( 1995), නරලොව හොල්මං- ෆ්රැන්ක්ලීන් සල්ගාදු ( 1996), ඇය ඔබට බාරයි- බොරැල්ල කනත්තෙ පිස්සා, ජූලියස්( 1998), කොලොම්පූර්- ඕපාත( 1999), හායි හූයි බභි ආච්චි- පුස්සාලි( 2001), ජොන්සන් ඇන්ඩ් ගොන්සන්( 2001), සොමි බෝයිස්( 2002), වැලා ඉන් ලංඩන්- වැලාගේ තාත්තා( 2003), ක්ලීන් අවුට්- රොසලින්ගෙ තාත්තා( 2004), ඔහොම හරිද- වීරසිංහ මුදලාලි( 2004), වැඩ බැරි ටාසන්- සිල්වා(2007) හා මචං- ආමොස්( 2008)
එමෙන්ම සුනිල් අයියාගේ රංඟන ප්රතිභාව දුටු තිස්ස අබේසේකර හා එච් ඩී ප්රේමරත්න වැනි සම්භාව්ය සිනමා අධ්යකවරැන් ඔවුන්ගේ උසස් සිනමා කෘතීන්වූ පිළිවෙලින් විරාගය ( 1987) හා කුලගෙය ( 1992) යන සිනමා පටවල සුළු එහෙත් වැදගත් චරිත වලට සුනිල් හෙට්ටිආරච්චිව යොදා ගත්හ.
තවත් එතුමා රංගන දායකත්වය සැපයූ සම්භාව්ය සිනමා පට වූයේ ලින්ටන් සේමගේගේ මී හරකා( 1994) සහ අශෝක හඳගමයන්ගේ මේ මගේ සඳයි( 2001) යන චිත්ර පටයි.
මෙයින්ද නොනැවතුණු එතුමා The jungle book two හා Mother Theresa. යන බටහිර සිනමාපටවල රඟපාමින් අන්තර් ජාතික සිනමාවටද එක්විය.
ලංකාවේ විකට තුන් කට්ටුව වූ ඇනස්ලි, බර්ටි හා සැමුවෙල් සමග එක්ව විනෝද සමය විකට වැඩසටහනේද එතුමා කටයුතු කළේය.
සිනමාවේ හා පුංචි තිරයේ විකටයෙකු වූවත් එතුමා සැබෑ ජීවන රඟමඩලේ සිය දරැවන්ට ඉතාමත් වගකීම් සහිත ආදරණීය පියෙකු විය. අන්යන්ට හිතවත් වූ ඉතාම සරල මිනිසෙකු විය. තම ආදරණීය බිරිඳගේ වියෝවින් එතුමාගේ තනි කර මත පැටවුණු දරැවන්ගේ වගකීම් හා යුතුකම් අකුරටම ඉටු කළේය.
එහෙත් රටක් හිනැස්සූ මේ සොඳුරැ මිනිසාට දෛවය එතරම් කාරැනික වූයේ නැත. කලක් පාකින්සන් රෝගයෙන් පෙළුණු එතුමාගේ තත්වය අද දවසේ බොහොමත්ම අබලන්ය. එතුමාට මතකයක් නැත. දරැවන්ව පවා හඳුනාගත නොහැක. අංශභාගය නිසා ශරීරයෙ පැත්තක කිසිදු ප්රාණයක් නොමැත. කතා කිරීමටද පවා නොහැකි එතුමා දැන් ඉතාමත්ම අසරණය.
මිනිසුන් හඬවන්නට ඉතාම පහසුය. එහෙත් හිනැස්සීම ඉතාම අසීරැ කාරියකි. එතුමා එය අපූරැවටම කළේය. එහෙත් අද සිනහසෙනවා පවා හඬන්නටවත් එතුමාට කඳුළු නැත.
කලෙක අපව සැනසූ ඒ සුන්දර කලාකරැවා අසරණවී සිටින අද දින එතුමාව අමතක නොකිරීම කළගුණ දන්නා අපගේ පරම යුතුකමක් නොවන්නේද? එතුමාට කෙනෙකු හඳුනාගත නොහැකි වුවත් ඔබ දුටු විට එතුමාගේ යටි සිත සතුටු වේවි. එතුමා තනි වී නැති බැව් සිහියට නැගේවි.
අප සැවොම කාර්යබහුල බැව් මම හොඳින්ම දනිමි. එහෙත් සහෘද හිතවත , ඔබගේ වටිනා කාලයෙන් විනාඩියක් වැය කොට ඒ පවුලේ උදවියට කතා කරන්න. ඉඩක් ලැබුණු විට එතුමාව බලන්නට යන්න. එතුමාගේ රෝගී තත්වය නිසා මානසිකව පහළම අඩියට වැටී ඇති එතුමන්ගේ දූ දරැවන්ට එය විශාල ශක්තියක් වේවි.
මේ පිළිබඳ මඳක් සිතන්නට ඔබට ඉඩ දෙමින් මම නිහඬ වෙමි.
එතුමාගේ ලිපිනය: නො. 2 බී, රම්යා පෙදෙස,
මාලිගාවත්ත මහල් නිවාස,
කොළඹ 10
දුරකථන අංකය: 0112423473
සුනිල් හෙට්ටිආරච්චි කලාකරැවාගේ ලිපිනය හා දුරකථන අංකය මට සොයා දුන් මා හිතවත් උදිත ලක්මාල් සහෘදයාට මගේ ප්රණාමය.
මෙම සටහනෙහි එතුමා රඟපෑ සිනමාපට නාමාවලිය හා ඡායාරෑප ලබාගත්තේ අන්තර් ජාලයෙන් බවද කරැණාවෙන් සලකන්න.
චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය
බෝඩිම ගැන නම් අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ. ඒ බැක්ග්‍රවුන්ඩ් මියුසික් එක ඇහුණත් ඇති. ජාතියක් හිනස්සපු එතුමා අද ඉන්න තැන ඇත්තටම කනගාටු දායකයි
ReplyDeleteවයසට යන එක. ලෙඩ රෝග හැදෙන එක සාමාන්‍යයි. කලා කරුවනුත් මනුෂ්‍යයෝනෙ. ඒත් ලංකාවේ කලාකාරයන්ට වයසට ගියාම මිනිස්සුන්ගෙන් පිනට සල්ලි ඉල්ලන්න සිද්ධ වෙලා තියෙන එක ගැන නම් කතා කරන්න ඕන. එතන තියෙන්නේ ලංකාවේ කලාවට හිමි තැන පිළිබඳව, ලංකාවේ කලාවට නියමිත මිළ පිළිබඳ ප්‍රශ්නයක්. ඒක කතාකරන්න වටින, වෙනස් විය යුතු මාතෘකාවක්.
ReplyDeleteසුනිල් හෙට්ටිආරච්චි වියායම කරන දර්ශනයට හිනාකාලා මැරෙනවා. රජය මේ කලා කාරයන් ගැන සංවේදී විය යුතුයි
ReplyDeleteමේ වගේ පෝස්ට් එකක් චන්දන අය්යගෙන්ම තමයි ඉතිං
ReplyDeleteඇත්තටම රටක් වටින මිනිස්සුන්ට කරන සැලකීම නං අන්තිමයි...
ආයෙත් අර ලන්ත්‍රා මහත්මයට කලා වගේ ප්‍රොෙජක්ට් එකක් පටං ගන්නවද
එහෙනං දැනුවත් කරන්ඩෝ
සුනිල් හෙට්ටිආරච්චි ඉන්න ටෙලි නාට්‍ය බලනකොට හිතෙන එක දෙයක් තමයි ඔහු පෙනී ඉන්න රූපරාමු මදි බව. ඔහු ඉන්න රූපරාමුවක් පටන්ගන්නකොට මූනට පොඩි හිනාවක්, හිතට බලපොරොත්තුවක් ඇතිවෙනවා. පුටුවේ ආයෙම හරි බරි ගැහිලා ඉඳගන්නවා පොඩ්ඩක් හිනා වෙන්න. අවංකවම හිනාවෙන්න. අර සමහරුන්ගෙ විහිලු වලට වගේ කිති කවාගන්නේ නැතුව
ReplyDeleteඅැත්තට ම මේ දැන් යන චිත්‍රපටියක විමල් කුමාර ද කොස්තා රගපානවා නදීකා ගුණසේකර ඒක්ක.... දැන් හොදට ම වයසයි... ඒ දකිද්දි අපිත් කතා වුණා දැන් සුනිල් හෙට්ටිඅාරච්චි පේන්න නැත්තේ අැයි කියලා... අැත්තට ම වටිනා අවදි කිරීමක් චන්දන සහෝ
ReplyDeleteමේ වගේ අගනා ලිපියක් මගින් සුනිල් හෙට්ටිආරච්චිට උපහාර දැක්වුවට ස්තුතියි. ඔහු අපි හැමෝම රසවත් කළ කලා කරුවෙක්
ReplyDelete