ඒ 1982 වසරයි. රෑපවාහිනිය ලංකාවට හඳුන්වා දී තම නිවසේ සිටම ශ්රව්ය දුශ්ය මාධ්යක රස පහස
විඳින්නට ලාංකීය ජනතාවට ඉඩ ප්රස්තාව ලබා දුන් වසරයි. ඒත් සමගම ක්රම ක්රමයෙන් එතෙක් කලක් සිනමා ශාලාවකට ගොස් සිනමා පටයක් නරඹා සතුටක් ලැබූ ප්රේක්ෂක ප්රජාව සිනමා හලෙන් ඈත්වීමේ ප්රවණතාවය ආරම්භ වූවත් ඒ දශකයේ නිර්මාණය වූ අපූරැ චිත්රපට කිහිපයක් ඔවුන්ව සිනමා ශාලාවලම රඳවා තබා ගැනීමට සමත් විය. ඒවා අතුරින් ඔබගේ අවධානය සිනමා පට දෙකකට යොමුකරන්නට කැමැත්තෙමි. " මලට නොඑන බඹරැ(1982)" සහ " තුන්වෙනි යාමය(1983)" නම් එම චිත්රපට දෙකයි.
වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ තිරගතවූ මෙම චිත්රපට දෙකම පිටවූ සැනින්ම සිනමා ශාලාවකට ගොස් නැරඹීමේ භාග්ය එවකට මට නොහැකිවූවත් රෑපවාහිනියේ විකාෂණයවූ ප්රචාරක වැඩසටහන්වලින් හා පුවත්පත්වල පළවූ ලිපි වලින් සිනමා පට ගැන මනා අධ්යනයක් ලැබීමට මම සමත් වූ අතර පසු කලෙක රෑපවාහිනියේ විකාශනය වෙද්දී නැරඹීමටද අවස්ථාව උදාකර ගතිමි.
මේ අතරින් " මලට නොඑන බඹරැ " සිනමාපටයේ නමින්ම එහි අන්තර්ගතය පිළිබඳ යම් අවබෝධයක් ප්රේක්ෂකයාට ලැබුණත් " තුන් වෙනි යාමය" එහි නාමයේ පටන්ම යම් ගුප්තභාවයක් ඉසිලීය.
මහා සිනමාවේදී ධර්මසිරි බංඩාරනායකයන්ගේ දැවැන්ත අධ්යක්ෂණයක් වූ තුන් වෙනි යාමයට ආචාර්ය ප්රේමසිරි කේමදාසයන් එක්කල ඒ අද්විතීය සංගීතය , වසර 30 කට පමණ පෙර නිර්මාණය වුවත් අදට වඩා කෙතරම් නම් ඉදිරියෙන් තිබුණාදැයි ඔබට වැටහෙනු ඇත.
එහි අපූරැ කතා තේමාවක් තිබූ අතර සංගීතයෙන් එය තව තවත් තීර්ව කෙරිණි. කතාව සැකෙවින් වූයේ මෙසේයි. තම මව සහ පියා ලිංගික කාර්යයේ යෙදී සිටියදී මහ රෑ හදිසියේම ඔවුන්ගේ කාමරයට යන කුඩා පුතණුවන්ට එම සංසිද්ධිය අහම්බෙන් දකින්නට ලැබේ. එයින් වියරැ වැටෙන පියා දරැවාට ඉතා දරැනු ලෙස පහර දෙන අතර දරැවා වැඩිහිටියෙකුබවට පත්ව විවාහවූ දිනයේ මෙම සිද්ධිය දෝංකාර දෙමින් ඔහුගේ සිත දෙවනත් කර සිය බිරිඳ හා ලිංගිකව එක්වීම කරගත නොහැකිව දරැනු මානසික අවුලකට පත්වන අතර අවසානයේ ඔවුන් සියල්ලන්ගේම ජීවිත කාලකණ්ණි වී දිවිය පවා නැතිකර ගන්න තත්වයට වැඩ සිද්ධ වෙයි.
මේ අවාසනාවන්ත සිඳුවීමේ ගොඳුරබවට පත්වූ එම දරැවාගේ තරැණ අවධිය ( පර්සි පීරිස්) නිරෑපනය කළේ හුරැබුහුටි නළුවෙකි. මේ චිත්රපටය අතිශය ජනප්රියවූ අතර මෙම තරැණ නළුවාද ඉතාමත් ප්රචලිත විය. කාලයාගේ ඇවෑමෙන් ඔහු තව චිත්රපට සඳහාද තම රංගන දායකත්වය සැපයූ අතර පුංචි තිරයේ දිගැරැනු චරිත තුනක් හා ගම්පෙරළිය ඇතුළු ටෙලි නාට්යන්ටද අවතීර්ණ විය.
චරිත තුනක්හී සහෝදරයන් තිදෙනා අතුරින් ඉගෙන ගන්නා බාලම මල්ලීගේ චරිතය හා ගම්පෙරළියේ පියල්ගේ චරිතය ජනතා සිත්සතණහී ජීවමාන වන ලෙස ඔහු රඟ දැක්වීය. ඔහුටම ආවේණික වූ කතා විලාසය සහ සිනහව ඔබ සැමට තවමත් මතක ඇතුවාට සැකයක් නැත.
මේ කාලයෙන් පසු පැවතියේ දිගු නිහඬතාවයකි. ඔහු කිසිදු කලාමාධ්යක හෝ ප්රසිද්ධ වේදිකාවේ දැක ගන්නට නොහැකි විය. එහෙත් ඊයේ රාත්රියේ අන්තර් ජාලයට පිංසිදු වන්නට මා නැරඹූ පසුගිය ඉරිදා ජාතික රෑපවාහිනියේ විකාශිත " සිහිනයකි රෑ" වැඩ සටහනට ඔහු පැමිණ සිටියේය. ඔහු ගීත දහය තේරීමටත් අනුරාධපුරයෙන් ගී අඹරට පායා ආ ක්රිශාන්ත එරන්දක ගී ගැයීමටත් පැමිණ වුන්හ.
මදක් වියපත් වූවත් අසූව දශකයේ අප දුටු ඒ පෞරසයම ඔහු සතුවිය. ඒ සිනහවම සහ කතාව ඇසුණු විට අසුරැ සැණින් මගේ සිත ඒ සොඳුරැ අතීතයට පියාඹිණි. මේ නම් වෙන කවුරැන් හෝ නොව අප එදා ආදරය කළ අදත් එලෙසම ආදරය කරන රංගවේදී වසන්ත කොටුවැල්ලයන්ය.
ඒ පැය දෙක මම සමාධියකට දැහැන්ගත වුණෙමි. එතුමා තෝරාගෙන පැමිණ තිබූ ගීතත් ක්රිශාන්ත එරන්ධකයන් ඒවා ගැයූ සුමියුරැ ආකාරයත් මැව්වේ සුයාමයක්මය.
ඒ ඒ ගීතය තේරීමට පාදක වූ කරැනු වසන්ත කොටුවැල්ලයෝ කිසිඳු පැකිලීමකින් තොරව අව්යාව ඉදිරිපත් කළ ආකාරය මා ඇතුළු එය නැරඹූ සුවහසක් ප්රේක්ෂක ප්රජාවේ ප්රශංසාවට හා ගෞරවයට පාත්රවිය.
අතීත ප්රේමයන් හා බිඳුණු ප්රේමයන් පිළිබඳව රචිත අමරණීය ගීත එතුමා ගෙනවිත් තිබුණා පමණක් නොව තම පැරණි පෙම්වතියන් හා පළමු පෙම්වතිය වෙනුවෙන් ඒවා තෝරාගත් බව අවංකවම පැවසීය. ඉතාමත්ම නිරහංකාරව හා ලෙංගතුව එම පැය කිහිපය එම වැඩසටහන වෙනුවෙන් කැප කළ එතුමා සාමාන්යයෙන් ප්රසිද්ධ පුද්ගලයකු නොකරන දෙයක්ද වැඩසටහන නිමවීමට පෙර කළේය. එනම් තම පෞද්ගලික ජංගම දුරකථන අංකය රෑපවාහිනී නාලිකාව ඔස්සේ ප්රකාශයට පත් කිරීමයි.
වැඩ සටහන අවසාන වී ඒ අතීත සිහිනයේම නින්දට ගිය මම අද උදෑසනම එතුමාට ඇමතුමක් ගතිමි. එවිට ලංකාවේ වෙලාව තුනට හතරට වන්නට ඇති. දුරකථන දෙතුන් විටක් නාද විය. අනෙක් කොනින් ගලා ආවේ ඒ හඬයි.
මගේ අංකය දුටු එතුමා දුරැ රටක සිට නේදැයි කතා කරන්නේ අසා කලක් තිස්සේ දැන හැදිණ වුන් මිතුරකුසේ ඉතාමත්ම ලෙංගතුව හා මහා සතුටකින් යුක්තව මාහා කතවට එක් වූයේය. ලංකාවට නැවත ආවිට හමුවෙමුයි කී එතුමාගෙන් මම දැනට එතුමා කුමක් කරන්නේදැයි විමසා සිටියෙමි. කලා කටයුතුවලින් තම පෞද්ගලික හේතුවක් නිසා හුදෙකලාවී සිටින බවත් එහෙත් ලිවීමෙහි ආදී කටයුතුවල නිරතවෙන බවත් පැවසීය. දැනට දකුණු ආසියානු සංස්කෘතික කේන්ද්රයේ අධ්යක්ෂකවරයා වශයෙන් කටයුතු කරන බව පැවසූ එතුමා එහි වෙබ් ලිපිනයද මා වෙත ලබා දුන්නේය. ( saarc cultural centre) එතුමා මගෙන් සමුගත්තේ ලංකාවට ආ දිනක අනිවාර්යයෙන්ම හමුවෙමුයි ඉතාමත්ම ලෙංගතුව පවසා මට ජයද ප්රාර්ථනා කරමිනි.
මේ අවස්ථාවේ අපට මෙවන් රස වින්ඳනයක් ලබා දෙමින් අපගේ සිහින අළුත් කරන ජාතික රෑපවාහිනියේ සිහිනයකි රෑ වැඩසටහනේ නිවේදකතුමා ඇතුළු කාර්ය මංඩලයට මුළු මහත් රසික ප්රජාව වෙනුවෙන් අපගේ කෘතඥතාවය පළ කරන අතර වසන්ත කොටුවැල්ල මහතාටද දීර්ඝායුෂද ප්රාර්ථනා කරමි. එමෙන්ම ළඟදීම හොඳ කලා නිර්මාණයක එතුමා දැකගන්නට ලැබේවායිද පතමි.
සිහිනයකි රෑ මෙතනින් නරඹන්න. http://youtu.be/BfDpgasleEg
චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය
සිහිනයකි රෑ බලන්නංකො..
ReplyDeleteඇත්තටම මේ කියන්නෙ කවුරු ගැනද කියල බැලුව. පස්සෙ ගම්පෙරලියෙ පියල් කියද්දි තමා කවුද කියල දන්නෙ.. ඔන්න අපේ හැටි...
ඒත් ඉතිං දැං දකින්න බැබෙන කෙනෙක් නොවෙන නිසත් පරණ පිලුම් වැඩිය නොබැලෙන නිසත් අපේ වරදකුත් නෑ වගේ හිතෙනව...
ටීවි නං බැලෙන්නෙ නැති හංද ඔය කියන වැඩසටහන දන්නෑ. ටියුබ් එකෙන් බලන්නංකො චන්දන අයිය කියල හින්දම
අැත්තට ම චන්දන කුඩා කළ සිත් ගත් චරිතයක් තමා... වැඩි සද්ද බද්ද නැති චරිතයක්...
ReplyDeleteචන්දන අයියේ කාලෙකින් මෙහෙම ඇවිත් කියවන්න ලැබුණේ..මේ මම කැමතිම රංගධරයෙක්..මගේ වයසේ හැටියට නම් ඔය චිත්‍රපටි දෙක ගැන මතකක නැතිවුණත් මට හොඳටම මතක සහ ආසම කතාවක් 'සුර අසුර' ටෙලිය.මේ වගේ සැඟවිච්ච මිනිස්සු ආයෙත් මතුකරලා අතීතයේ රස අපි අතරට ගේනවට ඔබට බොහොම පින්..මේ කටයුත්ත මේ තරම් සංයමයකින් කළ හැක්කේත් ඔබටම පමණයි කියා හිතෙන්නේ ලිපිවල සාර්ථකත්වය නිසාමයි..ජය වේවා!
ReplyDeletehttp://tharuwehi.blogspot.com/2015/10/blog-post_20.html
ReplyDelete