Photo credit: agridept.gov.lk
| පසලොස්වක ගෙවී දෙදොහයි ගත | වූයේ |
| කිරි සඳ එළියේ අඩුවක් හෙම නෑ | ආයේ |
| එනමුත් මගේ හද තුල ඇති සිත් | යායේ |
| අමාවකයි නිතරම හොල්මන් | පෑයේ |
| කුරහං පීදිලා සුලඟේ ළෙල | දෙනවා |
| වට්ටක්කා වැලෙත් ලොකු ලොකු ගෙඩි | එනවා |
| වැටකොළු පතෝලත් මැහි වල | වැජඹෙනවා |
| මෙදා කන්නේ මගෙ අටු කොටු | ඉතිරෙනවා |
| දහවල භෝග පක්ෂින්ගෙන් රැක | ගන්න |
| රෑ තුන් යමේ වණ සතුනව | පන්නන්න |
| සීතල හිමේ මගේ මේ දුක දුරු | වෙන්න |
| මේ තනි හිතට කවි සිතිවිලි | පූදින්න |
| ඔබ කැන්දන් ඇවිදිල්ලා | සුන්දරියේ |
| මේ පෝයට එක සතියයි | ගතවුයේ |
| ගෙදර ඇඳේ ඉන්නා විට ඔබ | තනියේ |
| හේනේ පැලේ කෙලෙසක සැනසෙම්ද | රැයේ |
| කිසි දින නොදැණුනා මෙතරම් | සීතලයක් |
| ගිනි මැල ගසා ඇති මුත් එහි නෑ | අඩුවක් |
| ඔබ ළඟ යහනේ වැතිරී ඉන්නට | පිරියක් |
| ඇතිවී හිත හඬයි වෙන මා කරනු | කුමක් |
| හේනට නොආවොත් අටු කොටු හිස් | වෙනවා |
| ඔබේ ගෙල රනින් වැසුමට මට බැරි | වෙනවා |
| ආදර සිනා වා තලයට මුහු | වෙනවා |
| රැවුලයි කැඳයි රැකුමට පැල වෙත | එනවා |
| කුරහං කපන තුරු මැණිකේ | ඉවසන්න |
| එලවළු ටිකත් ළඟදිම හැක ගෙට | ගන්න |
| ඒ හැම විකුණලා මසුරං | උපයන්න |
| වණ සතුරනේ මෙහාට නෑවිත් | ඉන්න |
| ඩිංගිත්තක් මගේ ඇහැ පියැ වුන | විටදී |
| ඔබ මුව කමල සිහිනෙන් හද තුල | උපදී |
| දෙණියේ ලිඳෙන් නා ගෙන හෙට | දහවලදී |
| මා එමි පතිනියේ ඉනු හොඳැහින් | කන්දී |














Photo credit: abstravel.asia







