Pages

Saturday 18 March 2017

දමිත් අසංක, බෞද්ධ දර්ශනය සහ කැළුම් ශ්‍රීමාල්..




සිංහල නාට් බැලීමට හෝ ගීත වලට සවන් දීමට වෙබ් අඩවි අද මෙන් සුලභ නොවූ කාලයේ හීනියට මධුවිතින් සැනසුණු සුන්දර සැඳෑවල අපගේ නොසිඳි ගී පිපාසාවට විසඳුම වූයේ ලංකාවෙන් ගෙන්වා ගන්නා එළිමහන් සංගීත සංදර්ශන සහිත ඩී වී ඩී පට නැරඹීම විය. ළබැඳි මිතුරන් කිහිප දෙනෙකු හා මගේම මස්සිනාලා සමඟින් ගෙවුණු සැඳෑවෝ මනසින් හදවතින් එකල අප කුඩා සංධියේදී නැරඹීමට ගිය සංගීත සංදර්ශන වෙත ගෙනගියේ නිතැතිනි. 

මේ ඩීවීඩී පට මඟින් මම නවමු සංගීත කණ්ඩායම් , නැටුම් කණ්ඩායම් මෙන්ම නව පරපුරේ එකල කරළියට ගායක ගායිකාවන්ද හඳුනා ගතිමි. අකාලයේ අපට අහිමි වූ සතිස් පෙරේරා, පොඩි ළමයා, ජොලි සීයා මගේ සිත් සතන් පැහැර ගත්තේ මා ගත කළ සුන්දර කුඩා කාලයේ මතක නැවත නැවතත් මා වෙත ගෙන එමිනි. ඔවුන් අතර මහා ගැඹුරු හඬින් ගී ගයන තවත් යොවුන් ගායකයකු වෙත අප සැමගේම අවධානය දිනෙක යොමු විය. ඔහුට තිබුණේම එකල අතිශය ජනප්රිය ගායකයකු වූ සේනානායක වේරලියද්දගේ හඬමය. "කවුද මේ හුරැබුහුටි කොල්ලා" එදින අප සැම තුළම වූ දැවෙන ප්රශ්නයයි. නිවේදක මහතා ඔහුව දමිත් අසංක කියා හඳුන්වා දුනි. එදා මා හඳුනාගත් දමිත් අසංකව මගේ හිතට කොතරම් තදින් බැඳුණාද යතොත් මා ඔහුගේ සීඩී පටයක් පවා මිලඳී ගතිමි. එහෙත් කාලයත් සමඟ මේ මධු සැඳෑවන්ද ටිකින් ටික අඩුවූ අතර සංගීත සංදර්ශන නැරඹීමේ පුරුද්දද මා අතින් ගිලිහිණි. 

එහෙත් යළිත් මට දමිත් අසංකව සිහිවූයේ පසුගිය මාර්තු 10 වෙනිදා දෙරණ නාලාකාවේ " මා නොවන මම" වැඩ සටහනේ ගී ගැයීමට ඔහු පැමිණ සිට වග දුටු විටයි. 

වසර ගණනාවකට පසුව මා දුටුවේ අමුතුම දමිත් අසංකයෙකි. ඔහු මහා සබකෝලයකින් මෙන්ම මහා කලකිරීමකින් සිටින බව මට හැඟිණි. සියල්ල අත හැර දමා ඉතා සැහැල්ලුවෙන් ජීවත්වන්නට වෙහෙසෙන බව මට සිතිණි. ඔහුගේ වයසේ බොහෝ රුනන්ගෙන් සිහිනයෙන් හෝ පැතිය නොහැකි මානයක ඔහුගේ හද සන්තානය රැඳී තිබිණි. 

ඔහු බුද්ධ දර්ශනයේ මැදුම් පිළිවෙතට අවතීර්ණව සිටියේය. එදා ගමේ පංසලේ ඔහු දුටු ගෞතම බුදුන් ඔහුගේ කලණ මිතුරා , මඟ පෙන්වන්නා බව වැඩසටහන ආරම්භයේදීම ප්රකාශ කළේය. ඔහු වැඩසටහනේ ගැයූ ප්රථම ගීතයද ෂෙල්ටන් පෙරේරා සූරීන් ගැයූ " බුදුනේ" ගීතය විය. ඔහුගේ මනරම් ගැඹුරු පිරිමි හඬින් එය අපූරුවටම ගායනා කළේය.

ඔහුට බොහෝදේ පැවසීමට ඇතිබව මට හැඟුණි. ඔහු විශිෂ්ට ලෙස ගැයූවද අදහස් ප්රකාශ කිරීමේ ශූරයකු නොවුණි. ඔහු ගායකයකු විනා පද රචකයකුවත් නිවේදකයකුවත් නොවූ නිසාවෙනි. 

ප්රේමය පිළිබඳව නිවේදක කැළුම් ශ්රීමාල් ඔහුගෙන් ඇසූවිට බුදු සිරිතේ භවයෙන් බවය පුරා දිවෙන යසෝදරා සහ සිදුහත් කුමරුන්ගේ පිරිසිදු ප්රේම පුරාණය සැබෑ ප්රේමයට හොඳම උදාහරණය බව ඔහුගේ පිළිතුර විය. භාවනාව හා සත් සොයා යෑමේ පිළිවෙත ඔහුගේ ඉදිරි දැක්ම හා ගමන් මඟ විය. 

දමිත් අසංක තටම තටමා ඉතාමත්ම අපහසුවෙන් තමාට කීමට ඇති දහසකුත් දෑ කීමට උත්සහ කළේය. එහෙත් එයට රුකුලක් හෝ සහයක් කතාවට දක්ෂ , වාග් මාලාවෙන් සන්නද්ධ නිවේදක මහතා දුන්නේද යන්න මට ඇති ගැටලුවකි. මෙවන් වැඩසටහන්වල ගුවන් කාලය සීමිත බවත් එය ඉතා මිල අධික බවත් මම දනිමි. එහෙත් මීට වැඩි සහයක් ඔහුට දීමට හැකියාව තිබිණි. මෙම වාතාවරණයම ජාතික රූපවාහිනියේ සිහිනයක් රෑ වැඩසටහන මෙහෙයවන මහේෂ් නිශ්ශංකට ලැබුණානම් , ඔහුගෙන් මහා අනඟි සහයක් දමිත් අසංකට ලැබෙන බව මට විශ්වාසය. 

ඉතාමත්ම නිහතමානීව හැම ප්රශ්නයකටම ගෞරවාන්විත ස්වරයෙන් ඔහු " ඔව් අයියේ ! ඔව් අයියේ " කියූවේ නිවට කමකට නොවේ. මහත්මාකමටය. වචන කටට ආවේ ,ඔහු ප්රගුණ කර ඇති අතහැරීම, පිදිය යුත්තන් පිදීම හා වැඩිහිටියන්ට රු කිරීම වැනි ගුණයන් නිසාය.

ඔහු සංගීතයේ තවම අයන්න ආයන්න කියවන බව ඉකාමත්ම නිහතමානිව පැවසීය. එමෙන්ම සියලුම ප්රවීණ ගායකයිනට හා ඔහුගේ පාසල් ගුරැවරුනට ඉතාමත්ම බැතිබරිතව ආමන්ත්රණය කළේය. සිහිපත් කළේය. එය බොහෝ දෙනෙකු කැමරාව ඉදිරියේදී පමණක් කරන රඟපෑමක් නම් නොවීය. හැසිරීම ආවේ හදවතින්මය.

එපමණක් නොව වැඩසටහන අවසානභාගයේ කැළුම් ශ්රීමාල් " ඔබට තවම ලබා ගන්න බැරි වූ දෙයක් තිබෙනවාදැයි" ඇසූ පැනයට දමිත් දුන්නේ ඔබ අප කවුරැත් නොසිතනා අන්දමේ පිළිතුරකි. එම පිළිතුර අප බොහෝ දෙනෙකුට පොදු වුවද කවුරුවත් ප්රසිද්ධියේ නම් නොකියන බව ඉර හඳ මෙන් විශ්වාසය. එහෙත් දමිත් අසංක එය අව්යාජව ඉදිරිපත් කළේය. " මට අයියේ මම කියන්න උත්සහ කරනදේ අසන කෙනෙක් අපේ ගෙදරින්වත් සොයා ගන්න බැරිවුණා" යැයි ඔහු පැවසුවේ ඉතාමත්ම හැඟුම්බරවය. එය ඇසූ මට ඇතිවූයේ හද කකියවන තරමේ දුකකි. කණගාටුවකි. එහෙත් මම දමිත් අසංකට එක් දෙයක් කීමට කැමැත්තෙමි. 


ඔබට අද ඇහුම්කන් නොදෙන අය සත් වටහාගත් දිනෙක ඔබට ඇහුම්කන් දෙනු ඇත. ඔබට පමණක් නොව බුදුන් වහන්සේ, ක්රිස්තුස් වහන්සේ හා බොහෝ දාර්ශනිකයින් වැනි විශිෂ්ටයින්ටද සමහර මිනිසුන් ඇහුම්කන් නොදුන්නෝය. බොහෝ අයට තම මත පළ කිරීමට ගොස් දිවිය පවා අහිමි විය. එහෙයින් නොසැලෙන්න. ඔබ විශිෂ්ට දස්කම් දක්වන ගීතය ඔබගේ අදහස් ප්රකාශ කිරීමේ මාධ් කරගන්න. ගැඹුරු හඬට එය කළ හැකිය. ඔබට සඳහා අවැසි වන්නේ ගුණාත්මක හා හැඟුම්බර පද රචනා සහ විශිෂ්ට තනු රචනා පමණි. අනාගතයේදී ඔබට ඒවා ලැබී එමගින් ඔබට රටට සේවයක් කොට වැඩදායි ඵලදායී පණිවුඩයක්ද රසික ජනතාවට දීමට හැකිවේවායි සමුගැන්මට පෙර මම ප්රාර්ථනා කරමි. දමිත් අසංක, ඔබට ජය!

දමිත් අසංක සහභාගී වූ, මා නොවන මම වැඩසටහන   https://youtu.be/7c6NPF03jS4



27 comments:

  1. කාලෙකට පස්සේ චන්දන...
    දමිත් අසංක මම නිතර රස විඳින ගායකයෙක් නොවේ. මම මින් ටික දොහකට පෙර ඔහු පිලිබඳ කියෙව්වා. ඔහු යමක් සොයමින් සිටිනා බව මට හැඟුනා. දමිත් වටහා ගත යුතු දෙයක් තියෙනවා. තමන් තමන් පිලිබඳ මුලින්ම සොයා ගත යුතුයි. තමන් අධ්‍යයනය කර ගත යුතුයි. තමන් සොයා ගත් තවකෙකු පිලිබඳ ගෙදර ගැණිට තියා මොකාට කිව්වත් වැඩක් නැහැ. තමා පිලිබඳ නිවැරදි තක්සේරුවක් නොමැතිව අනුන් සොයාගත් ධර්ම හෝ දර්ශණ උදේ හවා මන්ත්‍රනය කරත් ඒවාගෙන් ජීවිතයට සත පහක වැඩක් නැහැ. මේ මම විඳිනා ආත්මිය සුවයයි. මම මේක කාටවත් මෙහෙම කරපන් කියන්න යන්නේ නැහැ. එය අති මිහිරි ස්වයං වින්දනයක් සේ රස විඳීමම සුවයක්. මම මගේ ජීවිතය තවකෙකුගේ කොක්කෙ එල්ලන ජාතියේ මිනිහෙක් නෙමේ. දමිත් ඔබ ඔබව සොයාගන්න. එය රස විඳින්න. ජිවීතය කියන්නේ මාර ජොලි ස්පොට් එකක්. ඉන්න තුරාවට එය රස විඳින්න. බහුභූත ඔලුවට දාගන්න එපා. දමිත්ලා බ්ලොග්ස් කියවනවා නම් මෙය වටහාගන්න. හරි හමන් කොමිඩි එකක වඩාත් වැදගත් යටි පෙළ මිස රංගන ශිල්පියා නෙමේ කියා මම විශ්වාස කරනවා.

    ReplyDelete
    Replies
    1. ජිවීතය කියන්නේ මාර ජොලි ස්පොට් එකක්. ඉන්න තුරාවට එය රස විඳින්න. 👍 👍 👍 👍

      Delete
    2. අරෑ මචං මුළින්ම එදා මට උඹව හමු වීම ගැන මට තියෙන්නේ පුදුම සතුටක්. ඒ ගැන වෙනම කතා කරන්න ඕනේ.

      දමිත් ගැන උඹ කියන කතාව හරි. ජීවිතයේ මහා කළකිරීමක ඔහු ඉන්නෙ. ඒ වෙලාවට දෙවියන් බුදුන් සිහිවීම ස්වභාවිකයි. මේ වගේ අවස්ථාවකට පත් වුනාම ජීවිතය ගත කරනවා කියන්නෙ දැළි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. මිනිහා තව තවත් අගාධයට නොයා මෙවන් මඟක්‍ තෝරා ගැනීම ගැන මට නම් සතුටුයි. ඒ මඟේ ගමන් කරද්දී ඔහුට ඔහුව සොයා ගැනීමට හැකි වේවි. ඔහුව විනාශවීමට නොදී රැකගැනීම අපේ සමාජයේ යුතුකමක්. මට ඕනවුනේ ඒ ගැන පණිවුඩය ජනතාව වෙත ගෙනියන්න. උඹට ස්තූතියි මේ හරවත් අදහස් දැක්වීමට! ජීවිතය මාර ජොලි ස්පොට් එකක් තමයි ඒක රස විඳිනකොට. ජය වේවා!!

      Delete
  2. එදා program එක නියමයි .. ජය!!

    ReplyDelete
    Replies
    1. නියම තමයි ධනුවා මචං... මේක හොඳ ලිපියක්.

      Delete
    2. ස්තූතියි ධනුවා ඒත් එතන සැඟවුනු පණිවුඩයක් ජනතාවට දෙන්න දමිත්ට උවමනාව තිබුණා. ඒත් එය හරියට කරගන්න බැරිවුණා කියලයි මට හිතෙන්නෙ

      Delete
  3. මට ඔහුව මුලින්මස් හම්බවෙන්නේ මගේ ප්‍රටහ්ම ආදරේ කැසට් ඒක කරලා ජනප්‍රියව ඉන්න කාලේ..එත් ෂෝ එකකදී ..එදා අඩු වයසේ කොල්ලෙකු විදයට සාමන්‍ය විදියට හිටියා ..එත් දැන් අවුරුද්දට කලින් දැක්කම නිහඩ චරිතයක් වෙලා ..

    ReplyDelete
    Replies
    1. සුමුදු.....මම උඹ දරුවාව දකින්නේ ගොඩාක් බ්ලොග්ස් ඇතුලේ නිතර සැරිසරන්නෙක් ලෙස. ඒක හොඳ දෙයක්. ඒ මදිවාට කමෙන්ට් එකකින් හරි උත්තේජනයක් දෙන එක ලොකු දෙයක් පුතා.

      Delete
    2. ස්තූතියි සුමුදු!

      Delete
  4. ලින්ක් එකට වගේම විස්තරයටත් ස්තූතියි.දමිත් අසංක කියන්නෙ මාත් ප්‍රිය කරන ගායකයෙක් (ඔහුගේ හැම ගීතයකටම නොවුනත්). මම ඔය වැඩසටහන නැරඹුවේ චාමර වීරසිංහ ආ දවසෙ විතරයි ඒකත් චාමර එන හින්දමයි. කැලුම් ශ්‍රීමාල්ගේ නිවේදනය ගැන මටනම් තියෙන්නෙ කණගාටුවක්.ඔහු චාමරව අපහසුතාවයට පත් කලා කියලයි මට හිතුණෙ. ඇත්තටම සිහිනයකි රෑ කරන මහේෂ් නිශ්ශංකට ඒ අවස්ථාව ලැබුණනම්. ඕනම හොඳ දෙයක් වැරදි අතකට ගියොත් අපරාධයක් කියලයි කියන්න තියෙන්නෙ. මෙන්න ඒ ලින්ක් එක ma nowana mama with chamara

    ReplyDelete
    Replies
    1. ඔබටත් ස්තූතියි හසිත! ඔව් මම චාමර ආපු වැඩසටහනත් නැරඹුවා. ඔහුත් හොඳ දක්ෂයෙක්. අපි මොවුන් රැක ගත යුතුයි

      Delete
  5. ස්තුතියි ලින්ක් එකට. අද රෑට හෙමිං සීරුවේ බලලම කොමෙන්ට් කරන්නං මචෝ.

    (මෙන්න මෙහෙම අනිත් බ්ලොගර් ලත් (ගොඩක් අය කරනවා) අදාළ මාතෘකාව සම්බන්ද යූ ටියුබ් ලින්ක් එකත් දානවනම් ඒක කියවන අපිට බොහොම හොඳයි, ඒ වගේම අතිශයින්ම වැදගත්)

    👊🏽

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ටික්කා උඹට! අදහස් දැනගන්න කැමතියි

      Delete
  6. මොකක් හරි හේතුවක් හින්දා දමිත්ට දමිත්ව නැතිවෙලා වගේ..

    ReplyDelete
    Replies
    1. හදවතේ තියාගන්න ඕන දේවල් බෙල්ලේ එල්ල ගත්තම ඔහොම වෙනවා සෙන්නා. අධ්‍යාත්මික වහල්ලු වෙනවා. ගිහිත් නැති,පැවිදිත් නැති ප්‍රදර්ශන භාන්ඩ. තරහක් නෙමේ දුකක් ඇතිවෙන්නේ.

      Delete
    2. 1000% එකඟයි අරූ...ආගම්වල වහල්ලු වුනාම, ආගම් වැරදියට අල්ල ගත්තම මිනිස්සු එලෝ, මෙලෝ දෙකේම අතරමං වෙලා නන්නත්තාර වෙනවා...

      Delete
    3. මටත් එහෙම හිතෙනවා සෙන්නා. ඔහුට අවශ්‍ය සමාජයේ උදව්ව. ඔහු අවතීර්ණ වෙලා ඉන්න මඟ හරියි කියලයි මට හිතෙන්නෙ. ඒත් අරෑ කිව්වා වගේ එහි වහලකු වී අන්තවාදී විය යුතු නෑ. ඔය මඟ යනවිට ඔහුට ඔහුව හමු වේවි.

      Delete
  7. දම්ත් අසංක වේරලියද්දගේ ශෛලියට ආවේ චාමර වීරසිංහගෙන් පසුවයි... අරූ කිව්ව වගේ අධ්‍යාත්මක වහලෙක් වෙලාද කියලත් සැකයි.. ඕනම දෙයක අන්තයට ගමන් කරන්නා අන්තාවදියෙක්

    ReplyDelete
    Replies
    1. ඇත්ත දේශකයා. මැදුම් පිළිවෙත තමයි ඔබින්නෙ

      Delete
  8. ඩිප්‍රෙශන්වලට බෙහෙත් තියෙනවා කියලා ගොඩක් අය දන්නේ නෑ.....

    ReplyDelete
    Replies
    1. බෙහෙත් වලට කල හැකි සීමාවක් තියෙනවා. ඔහුට මානසික රැකුලක්, ශක්තියක් සමාජයෙන් අවශ්‍යයි කියලයි මට හිතෙන්නෙ. ස්තූතියි මායා ඔබගේ අදහසට!

      Delete
  9. මන් දමිත් අසංකගේ මුල් පෙලේම රසිකයෙක් නොවුණත්.
    ඔහුගේ සමහර ගීත පට්ටයි..ඒ වගේම හොද හඩක් තියෙන ගායකයෙක්....

    ReplyDelete
    Replies
    1. ඔබ හරි රස්තියාදුකාරයා මල්ලී. ස්තූතියි සඳුන් සෙවනට ගොඩ වුනාට

      Delete
  10. මම ලියන්න හිටියේ මා නොවන මම ගැන. නමුත් මේ කාර්ය බහුලත්වය එය වලකුවා. මමත් නොවැරදීම බලන වැඩසටහනක්. දමිත්ව දැක්කම මට හිතුණේ, කුඩු ගහලා වත්ද කියලා. ඕනෑම කෙනෙක් යම් දෙයක හිනිපෙත්තට ගියාම, මේ අනිත්‍ය දකිනවා. නමුත් ඔහුට වෙනත් ප්‍රශ්ණයක් තිබෙන බව පැහැදිලියි. ඔවුන් මේ වදටසහන නොකලානම් කියලත් මට හිතෙනවා(දමිත්ගේ එක). චන්දන මේ ගැන ලිව්ව එක හොඳයි. අරූ බලන එකත් වටිනවා.

    ReplyDelete
    Replies
    1. දිල්රුක් කියනදේ හරියටම හරි. මම දමිත්ගේ phone no එක හොයා ගත්තා . call එකක් දීලා බලන්න ඕනේ. ස්තුතියි අදහස් දැක්කුවට. ජය!

      Delete
  11. ඔව් දමිත් අසංක එදා කතා කාලේ ලොකු කලකිරීමකින්.එය ලොකු අපේක්ෂා භංගත්වයට පත් වෙලා වගේ කතා කාලේ.... එත් ඕනෑම කෙනෙකුට ඔය වගේ කාල තරණයන් කරන්න සිදු වෙනවා.... මාත් විදේශ ගත උනේ ඔය වගේ කලෙක... ඊට පස්සේ තමයි තේරුනේ..."මට ඉන්නේ මම විතරයි.. මට කවුරුවත් නෑ.. එත් මට මම හිටියාම හොදටෝම ඇති කියලා" එදා ඉදන් තමයි මම ඔලුව ඉස්සුවේ... නැවත කාටවත් කවදාවත් මගේ ගමන නතර කරන්න බෑ... කවුරුවත් නිසා මම නවතින්නෙත් නෑ

    ReplyDelete
    Replies
    1. සමන් බොහොම අගෙයි ඔබගේ අදිෂ්ටානයේ ගමන. එය සැමටම ආදර්ශයක්ම වේවා! ජය!!

      Delete