මීට වසර 30-35 කට පෙර අනුරාධපුර ශාන්ත ජෝසෆ් මව් තුරුලේ ඉගෙනුම ලබද්දී ලද විවේක කාලයේ අයිස් පලමක් කෑමට මහා ගිනි අව්වේ දිව ගිය අපට, ඉතාමත්ම ලෙංගතුව අයිස් ක්රීම් අලෙවි කළ අයිස් ක්රීම් මාමාගේ පිංතූරයක් අප පාසල් පිටුවේ තිබී පසුගිය සතියේ මගේ ඇස ගැටිණි. එයින් උපන් සිතිවිල්ල මම මෙසේ අකුරැ කළෙමි.
දුහුවිලිත් ගිනි ගන්න
මද්දහන අව්වේ
හිම කිරම සිසිල පිරි
සිනහ මල දිලුණේ
පාසලේ කඩුලු දොර
ඔබේ රජ දහනේ
අපේ දාහය නිවන
දිව ඔසුව තිබුණේ...
ගල් ගෙඩිත් දියවෙනා රස්නෙ මැඳ
හිම කිරම සිසිලසේ සිනා පොඳ
අයිස් පලමක් ලොවින අතරතුර
දැක ගතිමි වසර ගණනකට පෙර....
අද දුටිමි ඔබේ වත
පුරුදු සිනහවම රැඳුන
සපථ විය වෙනස් නොවන වග
නර කෙස් ගසකින් පැහුණ
පුරුදු ලෙංගතුකමම
හදවතේ පෙළ ගැහිණ
එදා කෑ හිම කිරමෙ
සිසිලසින් දිව පෙඟිණ.....
නොස්ටැල්ජික කවි පොකුරු
ReplyDeleteසමහර දේවල් දිහ හැරිල බලද්දි ඒ දේවල් වල සාපේක්ෂව අපි කොච්චර වෙනස් වෙලාද කියල හිතෙනව
අපරුයි චන්දන අයියා
ලස්සණ කවි පදයක්. තමන්ගේ විඩාව නොතකා පුංචි අපේ දඟකාරකම් සිනාවෙන් ඉවසා අපේ විඩාව නිවූ ඔවුන්ට ඔබේ කවිපද පෙළ උපහාරයක්ම වේවා.
ReplyDelete