ලඳුනී.....
දස මසක් කුස දරන් දරු ගැබක් රකින්නී
දරුණුතම දුක විඳන් එය ලොවට වදන්නී
සියලු කරදර වසන් සිනහවම පුදන්නී
බැණුම් ගැරහුම් මැදින් පරපුරක් තනන්නී
අහස මෙන් අනන්තවු මව් තුමිය නුඹමවේ
සොයුරියයි සැමවිටම සෙනෙහෙ ගඟ නිමනොවේ
බිරිඳකිය සුයාමය යුඟදිවියෙ ඉඳිවුවේ
දියණියගෙ ආලයට ගල් කුළුද වෙඬරුවේ
රජුන් බිහි කළ නමුදු ගෞරවය පිදුණාද
පැතුම් පොදි සිරකරන් අඳ ගොලුව විසුවාද
උතුම් ගුණ ළඟ තියන් ගැරහුම්ම ලැබුවාද
විමුක්තිය එළැඹෙන්නෙ නුඹෙ ලොවට කවදාද....?
චන්දන ගුණසේකර
එල ද බ්රා
ReplyDelete