Pages

Saturday 10 January 2015

මොළය හමුවේ හදවත පැරදීම........



පසුගිය මාස කිහිපයේ මහා සුළි සුළඟක්ව හැමූ ඡන්ද මාරුතය දැන් නතර වී හැම අත ඉතා සන්සුන් බවක් පෙනෙන්නට තිබේ. මඩ ගැසීම් හා කඩෙි යෑම් ඛෙහෙතකට නැත.

මේ ඡන්දය දෙස බැලීමේදී ප්‍රජාතන්ත්‍රවාදය ජයගත් බව නම් පැහැදිලිය. එනම් බහුතරයක් ජනතාවගේ කැමැත්තට ඉඩ ලැබී ඇත. මෙතුවක් කල් පැවති ඡන්ද වලදී බොහෙ` විට සිදුවූයේ මෙහි අනෙක් පැත්තයි. මේ වෙනුවෙන් ඡන්ද කොමසාරිස්තුමන්ට අපගේ
ප්‍රණාමය.

මට යම්කිසි පැහැදිලි මතකයක් තිඛෙන පළමු ඡන්දය නම් 1977 පැවති මහා මැතිවරණයයි. එවර ජේ ආර් ජයවර්ධන මහතා හමුවේ සිරිමාවෙ` බංඩාරනායක මැතිණියට අත්වූයේ ඉතාමත්ම අන්ත පරාජයකි.

එතුමිය බලයට පත්වූයේ 1970 දී පැවති මහා මැතිවරණයෙනි. එම ඡන්දයේදී එතුමිය ඝාතනයට ලක්වූ තම සැමියා එනම් දිවංගත බංඩාරනායක මහතාගේ වියෙ`ව ගැන පවසා කඳුˆ සලමින් ඡන්දය ඉල්ලූ බව වැඩිහිටියන්ගෙන් මා අසා ඇත්තෙමි. එදා ඇයගේ කඳුˆ හමුවේ ජනතාවගේ සිත් සසල විය. හැගුම්බර විය. හදවත ඉස්සර වී බුද්ධිය පැරදුණි.

ඉන්පසු ජනතාවට අවුරුදු හතක් ඉවසා සිටින්නට සිදු වූයේ මේ වරදිනි. එතුමියගේ පාලන සමය පිලිබඳ මට එතරම් මතකයක් නැතත් පිටරටින් කිසිම දෙයක් නොගෙන්වා දේශීයව සෑම දෙයක්ම නිෂ්පාදනය කරගැනීමට ජනතාව පෙලැඹවීම මා ඉතාමත්ම අගය කරමි. එදා පරිප්පු වෙනුවට කඩල හෙ` මුං ඇට කා අල වෙනුවට බතල හෙ` මඤ්ඤොක්කා කෑවා නම් අදවනවිට අපේ රටේ අපට අවශ්‍ය කෑම අපටම හදා ගැනීමට සුදුසු වටපිටාවක් උවමනාවක් හා හැකියාවක් වර්ධනය වීමට ඉඩ තිබිණි. ඒත් සිදුවූයේ කුමක්ද? 1977 දී ජේ ආර් ජයවර්ධන මහතාගේ පොරොන්දු වලට රැවටී එතුමියව විපක්ෂයෙනුත් ඈතට ජනතාව විසින් තල්ලූකර දැමීමයි.

සුද්දන්ගේ පාලනයෙන් පසුව පිටරටින් එනදේම දෙ`තින්ම වැළඳ ගැනීමට පුරුදු වූ අපේ උදවියට විවෘත ආර්ථිකය වෙස්වලා ගත් ආශීර්වදයක්ම විය. මෙහිදීද මිනිසුන් මෙළයෙන් නොව බඩ වඩා ගැනීමේ පටු හැගීමෙන් කි්‍රයා කලහ.

බලයට පත්වන තුරු ජනතාවට දෙන පොරොන්දු හැමවිටම වාගේ කඩවුණු පොරොන්දුම විය. හැමවිටම ජනතාවට උරුමවූයේ රැවටී පරාජය වී ජීවත් වීමටයි. දකුණේ පමණක් නොව උතුරේත් අරගල වලට මූලිකම හේතුව වූයේ මේ දේශපාලකයෙ` කඩකල පොරොන්දුය.

අපේ රටට ඡන්දබලය ලැබුණුදා සිට අද වන තුරු කෙතරම් නම් වාරයක් ඡන්ද පවත්වා ඇතිද? කෙතරම් නායකයෙ` ප්‍රමාණයක් බලයට පත්වී ඇතිද? එහෙත් සිදුවූයේ එකම සෙල්ලමය.

ඔවුන් අතරින් රටට සැබැවින්ම ආදරය කරන නායකයෙ` සිටියේ බොහොම අල්ප දෙනෙකි. බොහෙ` දෙනෙකු කළේ තම බඩ වඩා ගැනීම පමණකි.
චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය බලයට ආවේද ජනතාවගේ හදවත උණුවීමේ ප්‍රතිඵලයක් වශයෙනි. ඇයගේ සමයේදී රට එකතැනම පල් විය. එකල දරුණුවට පැවති යුද්ධය අවසන් වුනේවත් රට දියුණු උනේවත් නැත. ඇය බලයට පත්වනවිට පොරොන්දුවූ විධායක ජනපති ධුරය අවසන් කෙරුම පවා ඇයට අමතක විය.

ඉන්පසු බලයට පත්වූ මහින්ද රාජපක්ෂ මහතාත් ජනපති වූයේ ජනතාවට පොරොන්දු රාශියක් දීමෙනි. ඉන් වටිනාම සහ වැදගත්ම පොරොන්දුව වූ 30 වසරක දරුණු යුද්ධය දිනා කොටින් පරාජය කිරීම නම් එතුමා අකුරටම කළේය. එහිදී එතුමා අපේ දු රණවිරුවන්ද සමගින් කළ ඒ අභීත මෙහෙයුමට අප එතුමාට සදා ණයගැති වෙමු. එහි කිසිදු විවාදයක් හෙ` සැකයක් නැත. එතුමාගේ නාමය සදා අමරණීයය.

යුද්ධය දිනා එක්සේසත්වූ රටට ඉන්පසු සිදුවූයේ කුමක්ද? රට දියුණුවූ බව සැබෑය. එහෙත් එතුමා වටේ සිටි එතුමාගේම පුතුන් හා සහෙ`දරයන් ඇතුලූ පිරිස සංවර්ධනයට මුවා වී කළ ගසා කෑමනම් ලංකාවේ දේශපාලන ඉතිහාසයේ කෙදිනකවත් සිදු නොවුණු තරම් බලවත් විය. සාහසික විය. වෙන ආණ්ඩු සමයනිහිදීද මෙවැනි සොරකම් අකටයුතු සිදු විය. එහෙත් මෙහිදී වැඩිම කුට්ටිය රාජපක්ෂ නමටම බැරවීම නිසා එය වෙන කාල වලට වඩා කැපී පෙනුණි. මෙය තව කලක් පැවතිය හොත් වන විනාශය හා අවදානම බුද්ධිමත් ජනතාවට තේරුණි.

ජනතාව” තම රට බේරා දී මරණ බිය නැති කළ තැනැත්තාට පිටුපෑමේ හදවත දවන පැනයට බුද්ධියෙන් පිළිතුරු දීමට පසුගිය අටවැනිදා තීරණය කලේ එහෙයිනි.

නම වෙනිදා පරාජය පිළිගෙන අරළියගහ මන්දිරයෙන් නික්මුණු රාජපක්ෂ මහතා දැක දුක් වූයේත් ඒ ජනතාවමය. මේ මානසිකත්වය මත නම වෙනිදා නැවත ඡන්දය තිබුනා නම් ඡන්ද ප්‍රථ_ඵල වෙනස් වීමට පවා ඉඩ තිබුණි. ඒ අපේ හැටිය. මොළය හැමදාම හදවතට පැරදුණි.

දැන් වෙනස කොට හමාරය. නව ජනපති හා අගමැති පවා පත් වී අවසන්ය. බුද්ධිමත් ජනතාව සිටින්නේ බලාගෙනය.

-චන්දන ගුණසේකර-එක්සත් රාජධානිය.

5 comments:

  1. ජනතාව තමන්ගේ අභිලාෂයන් මුදුන්පත්වනතුරු සටන් වැඩිය යුතුය .

    ReplyDelete
  2. මම නම් හිතන්නේ බහුතරයකගේ මොළයත් පැරදුණා කියාය.

    ReplyDelete
  3. චන්දන.........................

    අපිත් ඉන්නවා... අපි බලාගෙන ඉන්නවා... ඒයාලා දන්නවා අපිට කරන්න පුළුවන් තරම... දැන් ඒයාලත් ඒ පිස්සුව ම නැටුවොත් අපි ඊටත් විරුද්ධ වෙනවා....

    ReplyDelete
  4. වැඩේ නාගන්නැතිව කලොත් හොදයි
    ඒත් පෙර මග ලකුනු නං සුභ නැති වේ?ගන යන්නෙ

    ReplyDelete
  5. බලමුකෝ නෙහ්.....

    ReplyDelete