Pages

Friday 2 January 2015

ඉවසන දනෝ එන්නේ කවදද පෙරට....??



වැට්ටුව සිසුන් හට පයිනුත් අනින්නා
මන්තිරි හඬට ගැතිවී උඩ පනින්නා
පට්ටම රකින්නට උන් පා ලොවන්නා
ලොක්කට බියේ නීතිය වල් කරන්නා

තම අදහසක් කියනට ඉඩ නොදෙන්නේ
පමණට වඩා ඉදිමී මැත දොඩන්නේ
හැම දෙන මරා පාගා කට වසන්නේ
කිම මේ ලෙසට සිරිලක් මව රකින්නේ

මොළ නැති චණ්ඩි පෙරමුණ ගෙන ආ කලට
සලමන් ඛාන්ලා වැජඹෙයි මහ ජයට
විල පිරි නෙළුම් මියයයි නොපිපී දුකට
ඉවසන දනෝ එන්නේ කවදද පෙරට...??

-චන්දන ගුණසේකර-එක්සත් රාජධානිය

5 comments:

  1. ඉවසන දනා රුපු යුධයට නැති කඩුව කොස් කොටන්නද

    ^ _ ^ සුභ අලුත් අවුරුද්දක්ම වේවා !!

    ReplyDelete
  2. //ඉවසන දනෝ එන්නේ කවදද පෙරට...??// දැන් ඉන්න කෙනාට වඩා එහෙම කෙනෙක්. ළඟකදී එන්න විදියක් නැහැ.
    නැගිටපු ශිෂ්‍ය බලවේග වල ක්‍රියාකාරිකයන්ගේ කනේ පරාල අණ ගහපු රනිල් ලොක්කා පත් වුනා වගේ තමා සිරිසේන උන්නැහේ ආවොත්.

    ReplyDelete
  3. ඉවසන දනෝ එන්නේ කවදද පෙරට.///

    මට නං පේන තැනක වත් එහෙම එකෙක් නෑ...
    අනික තමා මට හිතෙන විදියට මහින්ද වෙනුවට තියෙන එකම ආදේශකය වගේම හොදම ආදේශකයත් මෛත්‍රී නෙවී

    ReplyDelete
  4. මේ සැරේවත් පෙරට ආවා නම් තමා හොඳ.

    ReplyDelete
  5. හ්ම්.............. හ්ම්....................

    ReplyDelete