Pages

Thursday 22 January 2015

ජනවාරියේ ගතවූ සුන්දරම දිනයක්......







දිනය පසුගිය දහනම වෙනිදාඑදා යාන්තමට වඩින් ගොඩින් එළිය වැටෙන්නටත් කලින් කෑගල්ලේ වාසය කරන පිරිසක් යම්කිසි උතුම් සත් ක්රියාවකට යාම සඳහා ලහි ලහියේ සූදානම් වන අයුරැ දක්නට ලැබුණා.

සත් දෙනෙකුගෙන් යුක්තවූ මෙම කණ්ඩායමේ එක්තරා දිරිය කාන්තාවක් 
නායකත්වය ගෙන ඉතාමත්ම යුහුසුළුව හා ක්රියාශීලීව කටයුතු කිරීම විශේෂිතවූ කරැණක් වුණා.

එතුමිය ඊට පෙරදා අවමඟුල් ගෙදරක ගොස් හොඳටම හෙම්බත් වෙලයි පසුවූයේඑහෙත් පොරොන්දු වූ ලෙසම මේ සත් ක්රියාව සඳහා ඇය සූදානම්වූයේ තෙහෙට්ටුව තඹේකටවත් මායිම් නොකොටයි.

අසල්වාසීන්ගෙන් ඊට පෙරදා ඉලලාගත් තීන්ත ගාන බුරැසු කිහිපයකින් සන්නද්ධ වූ 
මේ පිරිස උදෑසන හයේ කාණිසම වදින්නටත් ප්රථම කෑගල්ල නගරයෙන් කැලණි පුරවරය බලා  සුන්දර ගමන ආරම්භ කළා.

මේ අතර කැලණියේ එක්තරා නිවසක වාසය කරන කලක් සිරිලක සංගීත ලෝලීන් 
තම මධුර හඬින් වශී කළ වයෝවෘධ ගායකයෙකු හා එතුමාගේ බිරිඳ තවත් ඒකාකාරී හා මහා පාළුවෙන් පිරි දිනකට අරැනළු නැගෙනු පුරැද්දට මෙන් බලාසිටියා.

වල් බිහිවී දුර්වර්ණ වී තිබූ නිවස ඉදිරිපිට තිබූ අඹ ගසට ඉහළින් වෙනදා මෙන්ම 
හිරැ මෝදු වෙද්දී ගසේ වසා සිටි කපුටෙකු කරව් කරන හඬක්  දෙපළටම ඇසුණා.

ගායකයාගේ බිරිඳගේ යටි සිත අද 
නම් කවුරැන් හෝ අමුත්තකු නිවසට එයිදෝයි කියා මිමිනුවත් වචනයක් හෝ පිටකරගත නොහැකි අපේ මේ අසහාය ගායකයා නම් කළේ හිස් අහස දෙස බලා සිටීම පමණයිකොවුලන් අමතක කර දමන මේ සමාජයේ වැජඹෙන්නේ කපුටන් පමණක්ම බව එතුමා දැන සිටියා.

දැන් මා තවත් අටුවා ටිකා ලියා ඔබව වෙහෙස කරන්නේ නෑටික ටිකකැලණිපුරවරයට ළඟාවූ අප නඩයේ ගුරා 
වූයේත් කල්යාණියක මයිඑතුමිය වෙන කවුරැවත් නොව අප සැවොම දන්නා කල්යාණි ගොඩමුල්ල මැතිණියයි.

මීට මාස තුනකට පෙර පසුගිය වසරේ ඉල් මහේ විසිපස් වෙනිදා අප ආරම්භ කළ 
අප සමාජය අමතක කොට දමා තිබූ ප්රවීණ ගායක හරැන් ලන්ත්රා මහතාට සරණ වීමේ සත්ක්රියාවේ තෙවැනි කටයුත්තටයි අපේ කල්යාණි සොයුරිය සහ පිරිස මේ ගමන් කරමින් සිටියෙ.

අප සංවේදී පිංවතුන් කිහිපදෙනෙකුගේ නොමසුරැ ආධාරයෙන් තමයි අපට හරැන්  
මහත්තයට සරණ වීමට වාසනාව ලැබුණෙ

අප පළමු මාසයේ හරැන් මහතා සහ එම මැතිනියට අවශ්ය වියළි ආහාර ලබාදුන්නා.

දෙවැනි මාසයේ එනම් පසුගිය නත්තල් දිනයේ අපේ කල්යාණි සොයුරිය 
ඇයගේ ඥාති පුතණුවන්ද කැටුව හරැන් දෙපළට අළුත් ඇඳුම් සහ ආහාරපාන රැගෙනගියාඑදා ඔවුන් කොතරම් සතුටුවූවා දැයි ගිය මාසයේ මා  ගැන ලියූ සටහන සහ පිංතූර බැලූවිට ඔබට වැටහේවි.

 අතර අප ඔවුනගේ වටිනා කියන ලියකියවිලි සහ වියළි ආහාර තබා ගැනීමට 
කබඩයක් රැගෙන දුන්නා.



ඔවුනට පොරොන්දු වූ පරිදි ගරා  
වැටී වල්බිහිවී තිබෙන නිවස එළිපෙහෙළි කොට නැවුම් තීන්තයෙන් එය කල එළි කිරීම තුන්වන මාසය වන ජනේරැවේ කිරීමටයි අප යොදා ගත්තේ.

ඉතිං කල්යාණි සොයුරිය  වූ පොරොන්දුව අකුරටම ඉටුකරමින් ඇයගේ ගමේ 
තවත් හිතවතුන් හය දෙනෙකුත් එකතුකරගෙන හරැන් මහත්තයලගේ නිවසට එදා උදේ සේන්දු වුණා.

හරැන් මහතාගේ අසල්වාසී විපුල සොයුරා තමයි පසුගිය දෙවතාවෙම අපේ 
වැඩවලට උදව් කළේහරැන් මහත්තයලට අවශ්ය වූ  කබඩය අරන් දෙන්නත් අප මුදල් යැව්වේ විපුලට.

එදත් විපුල සොයුරා ඔහු අදුනන තීන්ත කඩයකට ගොස් මිලදී ගත්තු තීන්ත වලටරැපියල් 900  වට්ටමක් පවා ලබා දෙන්නට කටයුතු කොට තිබුණා.



මා එදා උදයේ විපුල සොයුරාට දුරකථනයෙන් කතා කළාඑතුමා පැවසුවේ මෙවන්සත් කාරියක් මෙතුවක් කාලයකට කවුරැන් හෝ
හරැන් මහතාට ඉටු කොට නැති බවයි.

කල්යාණි සොයුරිය තීන්ත ගෙනා පසු අපේ කණ්ඩායමට තිබූ අභියෝගය වුයේතීන්ත ගෑමට පෙර ජරාවාසවී මකුළුවන්ගේ රජදහනක්ව පැවති බිත්තී,සිවිලිම,ජනෙල් සහ දොරවල් ශුද්ධ පවිත්ර කිරීමයි.



 සොයුරන් හය දෙනා සහ කල්යාණි සොයුරිය එකා මෙන් මේ වැඩ වල 
නිරත වෙද්දී විපුලත් බොහෝ මහන්සි වී ඔවුනට උදව් කළ බව කල්යාණි සොයුරිය මට පැවසුවා.

උදේ දහයට පමණ තේ,කෙසෙල් හා කේක් සංග්රහයක් විපුල සොයුරාගේ ප්රිය බිරිඳ 
විසින් අපේ කණ්ඩායමට පසුගිය වාර දෙකේදිම මෙන් මෙවරත් පිළිගන්වා තිබුණා.



තීන්ත ගාන රෝලක් සහ තීන්ත දිය කර ගැනීමට බාල්දි පවා විපුල සොයුරා විසින් 
සපයා දුන්බව කල්යාණි සොයුරිය මට පැවසුවා.

දිවා ආහාරය,සවස තේ පානය හා රාත්රි කෑමට පමණක් වැඩ නැවැත්වූ අපේ 
උදවිය මුළු නිවසේම තීන්ත ගා අවසාන වන විට රාත්රි අටත් පසුවී තිබුණා.

සවස තේත් පිරිසට සපයලා තිබුණේ විපුල සොයුරාගේ නිවසින්තවත් අසල්වාසී 
නැගෙණියක  විසින් සිසිල් පැන් සංග්රහයකින් අප පිරිසේ මහන්සිය හා පවස නිවීමටද අමතක කොට තිබුණේ නෑ.

මේ වැඩකළ පිරිස අතර මදක් වයස්ගත එක් අතක ආබාධයක් ඇති 
සහෝදරයෙකුද සිටියාඑතුමා  ආබාධය නොසලකා තනි අතින් තීන්ත ගෑමේ වැඩවලට උදව් වූ බැව් කල්යාණි සොයුරිය පවසන විට මගේ ඇස් වලට හදවතට  දැණුනු දුක තවත් දරාගෙන ඉන්න බැරිබව මට තේරැණා.

කල්යාණි සොයුරියත් සමගින් කිසිදු ලාභ ප්රයෝජනයක් බලාපොරොත්තු නොවී මේ 
සත් ක්රියාව සාර්ථක කරගන්නට ගිය අයගේ නාමයන්.
=======================

ඩබ්ලිවු සුනිල් ප්රේම්ජයන්ත්.
කේ.ඩි ජයන්ත අනුර කුමාර.
කේ.ආර්.ජගත් චමින්ද බණ්ඩාර.
.කේලලිත් ලක්ෂ්මන් අලුත්ගම.
ඩබ්ලිවු .සිසිර කුමාර විජේරත්න.
ඩබ්ලිවු.විජේරත්න.

මෙවරත් කල්යාණි සොයුරිය හරැන් මහත්තයලට කෑම බීම අරගෙන යෑමට 
අමතක කළේ නෑ

රාත්රි අඳුර කෙමෙන් කෙමෙන් ගලා එද්දී මුළු ලොවම අඳුරෙන් ගිලගත්තත් නව 
තීන්තෙන් කල එළිවූ නිවස සහ හරැන් යුවළගේ මුහුණු පමණක් උදෑසන ලොව බබලවන උදා හිරැ මෙන් පැහැපත්ව බැබළෙමින් පැවතුණු බව කල්යාණි  සොයුරිය මට වැඩි දුරටත් පැවසුවා.

මුළු දවසක් පුරා මහන්සිවී මුළු ගෙදරම ශුද්ධ කොට තීන්ත ගෑ කල්යාණිසොයුරිය ප්රමුඛ අපේ කට්ටිය ඉතාමත්ම ප්රබෝධමත් හරැන් 
යුවලගෙන් සමුගෙන නැවත කෑගල්ලට ළඟාවන විට බොහෝ රෑ බෝවී තිබුණ 
බව මා  දැනගත්තේ  මොහතේ කල්යාණි සොයුරිය එවු කෙටි පණිවුඩයකින් .

මා කුමක් කියන්නදකියන්නට ඇත්තේ එක් දෙයකිඔබ සැමගේ ආධාරයෙන් අප 
ඇරඹි මේ සත් ක්රියාව මෙසේ සාර්ථකව හා ඵලදායී අන්දමින් කරගෙන යෑම කල්යාණි සොයුරියගේ කැපවීම නොවන්නට හීනයක් හෝ සිතිවිල්ලක්ම පමණක්වන බව පමණි.

කල්යාණි සොයුරියනී මට ඔබට ස්තූති කිරීමට සුදුසු වචනයක් නැත සඳහා 
තිබෙන වචන යොදා ඔබගේ සේවය අංශු මාත්රයකින් හෝ අඩුවේයැයි මට තිබෙන බිය එයට හේතුවයි.

ඔබතුමිය ඇතුළු  සොයුරන් හය දෙනා සහ විපුල සොයුරාට අපගේ ප්රණාමය පුදකරමින් මා නවතින්නේ තවමත් අප අතර සැබෑ මිනිසුන් සිටිනවා නේදැයි කියා 
සිතීමෙන් ඇතිවූ මහා සන්තෘප්තියකින් යුක්තවයි.

මේ සත් ක්රියාවට තම ශක්ති ප්රමාණයෙන් දායකවූ ඔබ සැමටම නැවතත් ස්තූතියි.


-
චන්දන ගුණසේකර-එක්සත් රාජධානිය

1 comment:

  1. අනේ වාසනාවන් රත්තරං වැඩක් , ( කලින් දැම්ම පෝස්ට් එක කෝ )

    ReplyDelete