Pages

Thursday 1 January 2015

උදාවූ නව වසර.....




හැරී බැලු විට මෙතෙක් ආ දුර කුමක් කර ඇතිදැයි සිතේ
සැවොම සැරසෙයි අළුත් වසකට හිරැට නම් අරැමය නැතේ
වෙනද වාගෙම සියොත් කැල බඹරැන්ද සමගින් දස අතේ
දවස අරඹා තිබෙයි කදිමට කිසිදු වෙනසක් නොම වෙතේ

වසරෙ තිබෙනා දිනත් මදිවෙයි තිබෙන වැඩ ටික කෙරැමටා
හොඳින් විමසා බැලුවොතින් වැඩි දිනක් ගතවී බොරැවටා
තබයි කාරිය හෙටට බැර කොට කරනු හැකිවුව එදිනටා
නවමු වසරක් ඇරඹි දිනයේ සිතයි නොකරමි මතුවටා

වසර ඇරඹී දිනක් යන තැන පරණ පුරැදුම මතු වෙතේ
පමාවූ කල අපව පසුකර සැවොම පෙරටම යනු ඇතේ
ලැබුණු මිනිසත් බවින් කිසිවිට වැඩක් ගන්නා හැඩ නැතේ
මළත් නාමය ලොව රඳන්නට තබමු අදිටන අද සිතේ

-චන්දන ගුණසේකර-එක්සත් රාජධනිය

2 comments:

  1. ඔබටත් සුබ නව වසරක් ප්‍රාර්ථනා කරනවා !

    ReplyDelete
  2. සුබ නව වසරක් වේවා !

    ReplyDelete