Pages

Friday 22 April 2016

ඩී බී නිහාල්සිංහයනුත් අප හැර ගිහින්......



රිදී සිනමා කැණි මඩල
බර දරා වුන් කුළුණු පෙළ
එකින් එක ඉවත්වී යන සඳ
දුක දරන්නේ කොහොම

අතු පතර විදාලූ 
විසල් තුරු පියස ලෙස
සෙවණ සහ රැකවරණ 
සැලසුවා ඔවුන් යටි පෙළට

එහෙත් උන් ඉසිඹුලන අද දින 
නිරාවරණය වේය යටි පෙළ 
ඉන් ලබා හිරු එළිය යහමින
දිනෙක මහ ගස් වී හැදෙන බව
සිතා සිත සනසගමි මම

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය



5 comments:

  1. සිනමාවට විතරක් නෙමෙයි රටටම වෙච්ච අහිමිවීමක් නේද???

    ReplyDelete
  2. මා හිතුවා ඔබ මේ ගැන සටහනක් තබයි කියා. අගනා වටිනා ජීවිත මෙසේ කෙලවර වනු දැකීම අපමණ දුකක්. මෙවැනි මිනිසුන්, මෙවැනි සිනමාවේදීන්, බිහිවන්නේ කල්ප කාලාන්තරයකට වරක් පමණයි.

    ReplyDelete
  3. වැලි කතරෙ කවුරුවත් දැන් නෑ වගේ. ගාමිණී, ජෝ. දැන් නිහාල්සිංහ.

    ReplyDelete
    Replies
    1. සුවිනීතා වීරසිංහ ඉන්නවා. පොඩි කොටස් කරපු කීප දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි, ඒ චිත්‍රපටියේ, 'ටාසන්' කියන මැරයාගේ චරිතය රඟපෑ, අද ටෙලිනාට්‍ය බොහොමයක ඉන්න, ජී.ආර්.පෙරේරා. (අර සුදුපාට ලොකු රැවුලක් තියන එක්කෙනා)

      Delete
  4. All has gone. Still we here with suffering

    ReplyDelete