Pages

Tuesday 31 March 2015

කුණාටුව.....



හිරැත් සැඟවිලා අඳුරැ අහස් කුස වැහි බීරැම දස අත පැතිරී
තවත් දවසකට අරැනළු දෙන්නට බලා හිඳියි අලසව වැතිරී
කොළත් හැලී ගිය හරිතය වියැකුණු ගස් වැල් හැම තැනකම විසිරී
මටත් හොරා ඉකි බිඳුමට සැරසෙයි මහා දුකින් හදවත ඇහිරී

වැස්ස මුදාහල බරකින් නිදහස් වළා රොදේ සිනහව උතුරයි
දස්ස කමක් කළ පොඩි දරැවකු මෙන් සුළඟේ එතෙමින් ගී මුමුණයි
කෙස්ස වනාගත් ළඳකගෙ හැඩයට වැල් කොළ වැහි වතුරේ සෙලැවෙයි
ඉස්ස ර දවසක මාත් ඔවුන් මෙන් තුටුවූ සැටි සිහියට එළැඹෙයි

කුණාටුවට පෙර තිබුණු නිහඬ බව ඉන්පසුවත් ඉවරයක් නැතේ
වලාකුලට පෙම් බැඳි කවුරැන්වත් වැස්සෙන් පසු අහලකත් නැතේ
පිපාසයට දිය බිව් ගස් වැල් වල විඩාව නිමවූ  වගක් නැතේ
අරෝවකට මා හැරදා ගමගිය අඹුදරැ ළඟ එන හැඩක් නැතේ

-චන්දන ගුණසේකර-එක්සත් රාජධානිය

4 comments:

  1. කම්බු වැටේ එල්ලෙන වතුර බිංදු.. තෙමුන කුරුල්ල.. මන්දාරම.. මේ වචන..
    //කුණාටුවට පෙර තිබුණු නිහඬ බව ඉන්පසුවත් ඉවරයක් නැතේ//
    එකටම තියෙනවා.
    ජයවේවා..!!

    ReplyDelete
  2. ලස්සන අදහසක්..

    ReplyDelete
  3. ලස්සන පදවැල් මේ වගෙ අමුණා කියුවොත් දරු පවුලට ඔබගේ
    අස්සන නැතුවම එනව ශුවර් මට වියෝ ගැයුම් ඉවරයි ඔය ගේ :)

    ReplyDelete
  4. හැමදාමත් වගේ අපූරු නිර්මාණයක්

    ReplyDelete