Pages

Thursday 2 April 2015

උපාසකම්මා........



සසර කතරින් එතෙර වන්නට සිල් පුරපු පෝදා
බවුන් වැඩුවෙමි කෙලෙස් කුණු කඳ බුදු බණින් සෝදා
එහෙත් කෙලෙසක දමා යන්නද සිතට එයි බාධා
ගෙදර සිහිවී එන්ට හැරැනෙමි ඔවුන් සෙත සාදා


ලෙඩ ඇඳෙයි සැමියා ඔහු හට බෙහෙත් පෙව්වාද
පොඩි පුතා දඟයා බත් ටික හොඳින් කැව්වාද
රෙදි වැලේ දැම්මා වැස්සට කලින් ගත්තාද
කඩෙත් පොත පිරිලා හිඟ ණය ගිහින් දුන්නාද

මගේ පවුලම අනාථයි නොවැ ගියෝතින් වෙන්වී
සසර දුක් ගිනි නිවාලන්නේ කෙලෙසදෝ තනිවී
හිමියනේ නැත කිසිදු නිවනක් දිවිය ඇත සිරවී
ලබන පෝයෙත් නැවත එන තුරැ කමා කල මැනවී

චන්දන ගුණසේකර - එක්සත් රාජධානිය

3 comments:

  1. හිසේ සිය දෙයක් තව දහසකුත් ඇති හිතේ
    අතට ගත් නිවන හැරදා යලි ආමි පුතේ

    ReplyDelete
  2. බැදීම්...................... අපිව හැම වෙලාවෙම නවත්තන බැදීම්

    ReplyDelete
  3. රාහුලයෙක් උපන්නා.. බන්ධනයක් ඇති උනා...

    ReplyDelete