සීගිරි කැටපත් පවුර කොණ්ඩ කටුවෙන් සීරෑ වරඳට සිරගත කළ යුවතියගේ පාපෝච්චාරණය......
අනේ මහතුනි මගේ කරැමෙට රෑමතිය වී ඉපැදුනා
වනේ පළ වැල සොයා යනවිට නිරිඳු නෙතු අග රැඳවුනා
දිනේ මතකයි බලෙන් ගෙනආ කඳුළු ඇති තුරැ වැලැපුණා
හෙනේ ගෙනදුන් මගේ ඉඟ සුඟ පවුර මත්තෙහි බැබලුණා
වසර සිය ගණනකට පසුවුව පෙර බවය මට සිහිවුණා
එදා දැනි ඒ විලි බියම මට තවත් වැඩිවී ඇතිවුණා
ලොවම දකිනා මගේ පියයුරැ වැසීමට මා පෙලැබුණා
කියන් සකිසඳ කවුද නිවැරදි සිරගෙයට මා දැක්කුනා
-චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය
niyama sithiwillak
ReplyDeleteකුඩු කාරයෙක් ඇමති ගොට්ටෙක් උනා නම් නෑ මේ දුකක්
ReplyDeleteපර්දාවාකින් ඔලුව වහගෙන හිටියනම් නෑ නීතියක්
ගෙදර අඹුවගෙ ටොක්ක කාලද හිටියෙ අද නඩු කාරයත්
අහිංසක දුප්පත් නිසා මම වැඩිම දඬුවම් විඳින්නෙම්
ඕකට ඉතින් කුරුටු ගාලා හරියනවාදායි........ මෙන්ඩියට කිව්වනම් අලිත් එකක් අන්ඳවන්න තිබ්බනේ
ReplyDelete++++++++++++++++++++++++
Delete@ මැලයා
Deleteමෙන්ඩා සිගිරි ගියා නං එහාටත් බිසිනස් කරාවි බං..
ඇත්තමයි ලස්සනයි
ReplyDeleteසිහ ගිරි වන පෙතේ නොනිමි ගීතය
ගයන්නේ කිම ශෝකලාපය
කල්පයක් නෙත් කෙවෙණි බොඳකර
සීගිරි ළඳුන් ඇසු පැණය අභියස
පිදුරංගලත් කිම රකිණු ගොළුවත
දුහුළු සළුපට ඉනූ දෙනයන
සිහිනිගෙහි රැළි මැවූ අතැගිලි
සීගිරි ළඳුන් තෙළි තුඩඟ රැන්දූ
සිතිතරාණනි කොහිද සැග වූ
සබරේ ඇනෝ
ඉසුරුමුණි පෙම් යුවල දුටු ............විට
ReplyDeleteකැරකුනා හිස මා ......................වට
සෙවිමි සාළිය කුමරු ඔබමොබ කොට
අමතකව බෑග්‍රවුන්ඩ් එක ..............මට
මිනීමැරුවා සේ වැඩ නොකලෙමි මේ ලිය
ReplyDeleteගොට්ටක් නැති නිසා ඇතුලෙම සිර විය
හම්බ කෙනෙක් නම් මෙලහට ගෙට විය
දුප්පත් නිසා සිර ගෙට යන්නට විය.