Pages

Tuesday 10 March 2015

පාපෝච්චාරණය........


සීගිරි කැටපත් පවුර කොණ්ඩ කටුවෙන් සීරෑ වරඳට සිරගත කළ යුවතියගේ පාපෝච්චාරණය......

අනේ මහතුනි මගේ කරැමෙට රෑමතිය වී ඉපැදුනා
වනේ පළ වැල සොයා යනවිට නිරිඳු නෙතු අග රැඳවුනා
දිනේ මතකයි බලෙන් ගෙනආ කඳුළු ඇති තුරැ වැලැපුණා
හෙනේ ගෙනදුන් මගේ ඉඟ සුඟ පවුර මත්තෙහි බැබලුණා

වසර සිය ගණනකට පසුවුව පෙර බවය මට සිහිවුණා
එදා දැනි ඒ විලි බියම මට තවත් වැඩිවී ඇතිවුණා
ලොවම දකිනා මගේ පියයුරැ වැසීමට මා පෙලැබුණා
කියන් සකිසඳ කවුද නිවැරදි සිරගෙයට මා දැක්කුනා

-චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

8 comments:

  1. කුඩු කාරයෙක් ඇමති ගොට්ටෙක් උනා නම් නෑ මේ දුකක්
    පර්දාවාකින් ඔලුව වහගෙන හිටියනම් නෑ නීතියක්
    ගෙදර අඹුවගෙ ටොක්ක කාලද හිටියෙ අද නඩු කාරයත්
    අහිංසක දුප්පත් නිසා මම වැඩිම දඬුවම් විඳින්නෙම්

    ReplyDelete
  2. ඕකට ඉතින් කුරුටු ගාලා හරියනවාදායි........ මෙන්ඩියට කිව්වනම් අලිත් එකක් අන්ඳවන්න තිබ්බනේ

    ReplyDelete
    Replies
    1. @ මැලයා

      මෙන්ඩා සිගිරි ගියා නං එහාටත් බිසිනස් කරාවි බං..

      Delete
  3. ඇත්තමයි ලස්සනයි

    සිහ ගිරි වන පෙතේ නොනිමි ගීතය
    ගයන්නේ කිම ශෝකලාපය

    කල්පයක් නෙත් කෙවෙණි බොඳකර
    සීගිරි ළඳුන් ඇසු පැණය අභියස
    පිදුරංගලත් කිම රකිණු ගොළුවත

    දුහුළු සළුපට ඉනූ දෙනයන
    සිහිනිගෙහි රැළි මැවූ අතැගිලි
    සීගිරි ළඳුන් තෙළි තුඩඟ රැන්දූ
    සිතිතරාණනි කොහිද සැග වූ



    සබරේ ඇනෝ

    ReplyDelete
  4. ඉසුරුමුණි පෙම් යුවල දුටු ............විට
    කැරකුනා හිස මා ......................වට
    සෙවිමි සාළිය කුමරු ඔබමොබ කොට
    අමතකව බෑග්‍රවුන්ඩ් එක ..............මට

    ReplyDelete
  5. මිනීමැරුවා සේ වැඩ නොකලෙමි මේ ලිය
    ගොට්ටක් නැති නිසා ඇතුලෙම සිර විය
    හම්බ කෙනෙක් නම් මෙලහට ගෙට විය
    දුප්පත් නිසා සිර ගෙට යන්නට විය.

    ReplyDelete