අද උපන් දිනය සමරණ මගේ ආදරණී අම්මාට ඉතාමත් ආදරයෙන් හා කෘතගුණ පූර්වකව පිළිගන්වමි. මේ කවි ටිකින් සාගරයක් බඳු වූ ඔබ ගුණ කඳත් අහස් තලය සේ අනේක දුක් උසුළමින් අප හදා වඩා මේ තත්වයට අප පත්කළ ආකාරයත් එළිදැක්වීම කිසිසේත් ප්‍රායෝගික කටයුක්තක් නොවන බව මම දනිමි. එහෙත් එයින් අල්ප මාත්‍රයක් හෝ පිළිඹිබු වේනම් මාගේ උත්සහය යම්තරමකට සාර්ථකවී යැයි මා විශ්වාස කරමි.
ඔබ අපෙත් ආයුෂ ලැබ යහතින් හා සංතෝෂයෙන් ජීවත්ව සසර කෙළවර
මෛත්‍රී බුදුන් දැක නිවන් දකිත්වායි මා එක සිතින් ප්‍රාර්ථනා කරමි!!!
අම්මා......
සඳ එළිය සමඟ ඔබෙ සිසිල මට | දැනෙනවා |
හමන මඳ පවනේ ඔබෙ හඬ නිතර | ඇහෙනවා |
මල් සුවඳ පරයමින් ඔබෙ සුවඳ | හමනවා |
යොඳුන් දහසක් දුරින් ඔබේ ගුණ | වැයෙනවා |
මරු කතරෙ පිපාසෙට අමා දිය දහර | ඔබ |
ඉඩෝරය නිමකරන් වැටුණු මල් වැස්ස | ඔබ |
ගිලන් වූ දිවි මඟට සදාතන ඔසුව | ඔබ |
මම කියා කෙනෙකු අද ඉන්නේ සිටි නිසයි | ඔබ |
දස මසක් කුස හොවා මා හැදූ | අම්මේ |
ඇඟේ ලේ කිරි පොවා මා වැඩූ | අම්මේ |
ඔබ නොකා මගේ කුස පිරෙව්වා | අම්මේ |
ඔබේ ගුණ ගයන්නට වචන මදි | අම්මේ |
ඔබ මට පෙන්වා දුන් පාරේ | අම්මේ |
පිය මැන ගියා අදටත් යනවා | අම්මේ |
ඔබෙන් උගත දේ දරුවන්ටත් | අම්මේ |
කියලා දෙනවා හැම පින ඔබටයි | අම්මේ |
ඔබේ හිස සුදු වෙලා ගතේ සම රැලි | වෙලා |
කුළුණු බර දෙනෙත් ඔබෙ කාලයෙන් | මැලවිලා |
ගතින් මහළුව ගියත් සිතින් තිරිහං | වෙලා |
සොම්නසින් හිඳිනු මැන දරු පැටව් සිහි | වෙලා |
හැම දේ අනියතයි බියකරු ලෝ | තලයේ |
ඔබගේ සෙනෙහේ පමණයි නොවෙනස් | වූයේ |
කරුණා ගුණ කඳත් එක්වූ විට | ආයේ |
මහා ගුණ සයුරකිය දරුවන් වෙත | පෑයේ |
අම්මේ අද දිනේ ඔබගේ ජන්ම | දිනයි |
ඔබ පෙව් කිරි සුවඳ මටනම් තවම | දැනෙයි |
නිදුක් නිරෝගිව ඔබෙ දිවි ගත | වෙන්නයි |
පැතුමන් පතමි අම්මේ ඉටුවනු | නියතයි |
මේ පද ටික හරිම ලස්සනයි චන්දන... ඔබේ මවට දීර්ඝායුෂ පතනවා මම ...
ReplyDeleteස්තූතියි ශාන්!!!
Deleteමාතෘ ප්‍රේමය පිරුණු හිතකින් ලියවෙන ඕනෑම වදනක් ලස්සනයි. ඔබේ අම්මාට නිදුක් නිරෝගීව සුව පතනවා
ReplyDeleteඋඹට ස්තූතියි තිලකේ!!
Deleteලස්සන කවි පෙලක් අයියේ.. අම්මට සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා..
ReplyDeleteඔබට ස්තූතියි දිනේශ් මල්ලි!!!
Deleteමම සාමාන්‍යයෙන් කවි වලට ආස කෙනෙක් නෙවෙයි නමුත් මේ හැඟීම් බර කවි පෙළ ආසාවෙන් කියෙව්වා අයියගේ අම්මට සුභ උපන් දිනයක් වගේම නිරෝගිමත් බව සහ දීර්ගායුෂ ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteඋඹට ස්තූතියි කෝරලේ මහත්තයා මලේ! මේ පැත්තේ හක්කලං කොලාටත් ස්තූතියි!! කවි වලට ආසා වෙන්නත් එක්ක ආයිත් මේ පැත්තේ එමුකෝ එහෙනං.......
Deleteඅම්මට නිදුන් නිරෝගී චිර ජීවනය පතන්නෙමි !
ReplyDeleteඋඹට ස්තූතියි මධූ මල්ලී!!!
Deleteඔබ ගේ මවට දුක් කරදර නොමැති සුබදායක ජීවිතයක් පතමි!
ReplyDeleteඔයාට ගොඩක් ස්තූතියි දිලිනි!!!
Deleteඔබේ සත් පැතුම සමගින් මමද එකතු වෙමි...අම්මාට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා...චිරං ජයතු !
ReplyDeleteඋඹට ස්තූතියි සිරා මලේ!!!
Deleteබොහොම අපූරුයි පද පෙළ.. අම්මාට සුබ උපන්දිනක් හා සුබ අනාවක් පතමි..
ReplyDeleteස්තූතියි චතුර ප්‍රාර්ථනාවට, මාව ඇඟැයීමට හා මගේ බ්ලොගයට පිවිසුනාට. නැවත එන්න. ඔබට ජය!!!!
Deleteඅම්මට සුබ උපන්දිනයක් සඳුන් අයියේ ....
ReplyDeletehttp://aluth-malli.blogspot.com/2012/10/9.html
මෙන්න මේකේ තියෙන විදිහට කොරලා ඔය කවිටික කෙලින් කරහන් අයියේ
ස්තූතියි පව්ලූෂා මලේ!! මම ඒ ටික කෙලින් කොරන්නම්. මේ පැත්තේ ආවටත් ස්තූතියි!!
Deleteමම එන්න පරක්කුවුනා චන්දන...ආදරණීය අම්මාට සුභ උපන් දිනයක් සහ නිදුක් නිරෝගි සුවය පතමි. ලස්සන කවි පෙලක්!!!!!!
ReplyDeleteමචෝ තරහ නැතිව අකුරු පොඩ්ඩක් ලොකු කරපන්. මම තාම කන්නාඩි දාන්නේ නැහැ.
ස්තූතියි මචං!! මම මචං ෆෝන් එකේ සිංහල කී බෝර්ඩ් එකෙන් අකුරැ කොටන්නේ. අකුරැ ලොකු කරන එක අල්ල ගන්න බැරි උනා තාම. ඉක්මනටම කරන්නම්.
Delete