Pages

Sunday 17 November 2013

අම්මා.......

අද උපන් දිනය සමරණ මගේ ආදරණී අම්මාට ඉතාමත් ආදරයෙන් හා කෘතගුණ පූර්වකව පිළිගන්වමි. මේ කවි ටිකින් සාගරයක් බඳු වූ ඔබ ගුණ කඳත් අහස් තලය සේ අනේක දුක් උසුළමින් අප හදා වඩා මේ තත්වයට අප පත්කළ ආකාරයත් එළිදැක්වීම කිසිසේත් ප්රායෝගික කටයුක්තක් නොවන බව මම දනිමි. එහෙත් එයින් අල්ප මාත්රයක් හෝ පිළිඹිබු වේනම් මාගේ උත්සහය යම්තරමකට සාර්ථකවී යැයි මා විශ්වාස කරමි.
ඔබ අපෙත් ආයුෂ ලැබ යහතින් හා සංතෝෂයෙන් ජීවත්ව සසර කෙළවර
මෛත්රී බුදුන් දැක නිවන් දකිත්වායි මා එක සිතින් ප්රාර්ථනා කරමි!!!

අම්මා......

සඳ එළිය සමඟ ඔබෙ සිසිල මටදැනෙනවා
හමන මඳ පවනේ ඔබෙ හඬ නිතරඇහෙනවා
මල් සුවඳ පරයමින් ඔබෙ සුවඳහමනවා
යොඳුන් දහසක් දුරින් ඔබේ ගුණවැයෙනවා
   
මරු කතරෙ පිපාසෙට අමා දිය දහරඔබ
ඉඩෝරය නිමකරන් වැටුණු මල් වැස්සඔබ
ගිලන් වූ දිවි මඟට සදාතන ඔසුවඔබ
මම කියා කෙනෙකු අද ඉන්නේ සිටි නිසයිඔබ
   
දස මසක් කුස හොවා මා හැදූඅම්මේ
ඇඟේ ලේ කිරි පොවා මා වැඩූඅම්මේ
ඔබ නොකා මගේ කුස පිරෙව්වාඅම්මේ
ඔබේ ගුණ ගයන්නට වචන මදිඅම්මේ
   
ඔබ මට පෙන්වා දුන් පාරේඅම්මේ
පිය මැන ගියා අදටත් යනවාඅම්මේ
ඔබෙන් උගත දේ දරුවන්ටත්අම්මේ
කියලා දෙනවා හැම පින ඔබටයි අම්මේ
   
ඔබේ හිස සුදු වෙලා ගතේ සම රැලිවෙලා
කුළුණු බර දෙනෙත් ඔබෙ කාලයෙන්මැලවිලා
ගතින් මහළුව ගියත් සිතින් තිරිහංවෙලා
සොම්නසින් හිඳිනු මැන දරු පැටව් සිහිවෙලා
   
හැම දේ අනියතයි බියකරු ලෝතලයේ
ඔබගේ සෙනෙහේ පමණයි නොවෙනස්වූයේ
කරුණා ගුණ කඳත් එක්වූ විටආයේ
මහා ගුණ සයුරකිය දරුවන් වෙතපෑයේ
   
අම්මේ අද දිනේ ඔබගේ ජන්මදිනයි
ඔබ පෙව් කිරි සුවඳ මටනම් තවමදැනෙයි
නිදුක් නිරෝගිව ඔබෙ දිවි ගතවෙන්නයි
පැතුමන් පතමි අම්මේ ඉටුවනු නියතයි
   

20 comments:

  1. මේ පද ටික හරිම ලස්සනයි චන්දන... ඔබේ මවට දීර්ඝායුෂ පතනවා මම ...

    ReplyDelete
  2. මාතෘ ප්‍රේමය පිරුණු හිතකින් ලියවෙන ඕනෑම වදනක් ලස්සනයි. ඔබේ අම්මාට නිදුක් නිරෝගීව සුව පතනවා

    ReplyDelete
    Replies
    1. උඹට ස්තූතියි තිලකේ!!

      Delete
  3. ලස්සන කවි පෙලක් අයියේ.. අම්මට සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
    Replies
    1. ඔබට ස්තූතියි දිනේශ් මල්ලි!!!

      Delete
  4. මම සාමාන්‍යයෙන් කවි වලට ආස කෙනෙක් නෙවෙයි නමුත් මේ හැඟීම් බර කවි පෙළ ආසාවෙන් කියෙව්වා අයියගේ අම්මට සුභ උපන් දිනයක් වගේම නිරෝගිමත් බව සහ දීර්ගායුෂ ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. උඹට ස්තූතියි කෝරලේ මහත්තයා මලේ! මේ පැත්තේ හක්කලං කොලාටත් ස්තූතියි!! කවි වලට ආසා වෙන්නත් එක්ක ආයිත් මේ පැත්තේ එමුකෝ එහෙනං.......

      Delete
  5. අම්මට නිදුන් නිරෝගී චිර ජීවනය පතන්නෙමි !

    ReplyDelete
    Replies
    1. උඹට ස්තූතියි මධූ මල්ලී!!!

      Delete
  6. ඔබ ගේ මවට දුක් කරදර නොමැති සුබදායක ජීවිතයක් පතමි!

    ReplyDelete
    Replies
    1. ඔයාට ගොඩක් ස්තූතියි දිලිනි!!!

      Delete
  7. ඔබේ සත් පැතුම සමගින් මමද එකතු වෙමි...අම්මාට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා...චිරං ජයතු !

    ReplyDelete
    Replies
    1. උඹට ස්තූතියි සිරා මලේ!!!

      Delete
  8. බොහොම අපූරුයි පද පෙළ.. අම්මාට සුබ උපන්දිනක් හා සුබ අනාවක් පතමි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චතුර ප්‍රාර්ථනාවට, මාව ඇඟැයීමට හා මගේ බ්ලොගයට පිවිසුනාට. නැවත එන්න. ඔබට ජය!!!!

      Delete
  9. අම්මට සුබ උපන්දිනයක් සඳුන් අයියේ ....
    http://aluth-malli.blogspot.com/2012/10/9.html
    මෙන්න මේකේ තියෙන විදිහට කොරලා ඔය කවිටික කෙලින් කරහන් අයියේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පව්ලූෂා මලේ!! මම ඒ ටික කෙලින් කොරන්නම්. මේ පැත්තේ ආවටත් ස්තූතියි!!

      Delete
  10. මම එන්න පරක්කුවුනා චන්දන...ආදරණීය අම්මාට සුභ උපන් දිනයක් සහ නිදුක් නිරෝගි සුවය පතමි. ලස්සන කවි පෙලක්!!!!!!

    මචෝ තරහ නැතිව අකුරු පොඩ්ඩක් ලොකු කරපන්. මම තාම කන්නාඩි දාන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං!! මම මචං ෆෝන් එකේ සිංහල කී බෝර්ඩ් එකෙන් අකුරැ කොටන්නේ. අකුරැ ලොකු කරන එක අල්ල ගන්න බැරි උනා තාම. ඉක්මනටම කරන්නම්.

      Delete