Pages

Monday 3 April 2017

කපුගේ සූරීන් නික්ම ගොස් වසර 14 පිරීම නිමිත්තෙනි.



ආදරණීය කපුගේ.....

රත් පැහැ මලින් වැසෙනා එරබදු යායේ
හිත් නොහොඳින්ද කොවුලා නැත හඬ ගෑයේ
සත් සර අසන්නට දෙසවන හැර වූයේ
පැත්තක වැටුණු වෙන තත කඳුළුය පෑයේ

කපුටන් රජව ඇත කොවුලන් නැති වාරේ
පිහිටෙන් ආපු අය ආරේ ගති නෑරේ
සතුටින් සිහිකරමි එනමුදු සිත පෑරේ
සඟවන් ලියමි දෙනෙතින් කඳුලැලි බේරේ

ගුවන් තොටින් මව් බිම වෙත ආ සබඳ
පවන් රොදේ වෙලිලා වෙනතක ගියෙද
සවන් රිදෙයි නොඇසෙන සඳ ගී නිබද
නිවන් පුරට වැඩියෙද සසරෙහි නොඉඳ...?

11 comments:

  1. මානුෂීය ගතිගුණයෙන් බුදුට ළඟ
    නිහතමානි කම නෑ වෙන කෙනකු ළඟ
    හිත නැවතුණේ නිරතුරම මීවිතම ළඟ
    ඔබෙ ගැඹුරු හඬ නෑ කිසි කෙනෙකු ළඟ

    ReplyDelete
    Replies
    1. ඔබ හරියටම හරි දිල්රුක් !

      Delete
    2. මේකේ තුන්වෙනි පදයේ "නිරතුරුවම" වෙනුවට "නිරතුරු වෙන්න ඕනේ"

      Delete
    3. ඔව් නැතිනම් මාත්‍රා ගණන අසමාන වෙනවා තමයි.

      Delete
  2. කඩු තුඩු මතින් යන්න කුර ගාව ගාවා..
    හිනැහී දෙතොල් ඉරි තලා..
    රෑ පුන් සඳක් නිසරු අහසේ පිපේවා..
    කටු වැට උඩින් පායලා!!!

    අපේ අවාසනාව...

    ReplyDelete
    Replies
    1. අපේ අවාසනාවම තමයි කල්‍යාණ මිත්‍ර....

      Delete
  3. http://kalahitha.blogspot.com/2017/04/who-says-kapuge-died.html

    ReplyDelete
  4. මම ආසම ගායකයෙක්. ස්තූතියි

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔව් අජිත්. එතුමා අමරණ‍යයි!

      Delete