Pages

Wednesday 13 April 2016

විදෙස්ගත ඉංජිනේරුවාගේ අවුරුද්ද.........



නොනගතය කියා මම වැඩ වරන්නේ කෙලෙස
වැඩපොළේ අනික් අය නහිනවා
මගෙ උදව් ගන්න මග බලනවා

මුහුදු හතකින් එහා කැවුම් සුවඳක් කොහිද
කොන්කිරිට් ගඳට ඉව කරනවා
ගමේ අවුරුදු සුවඳ දැනෙනවා

බිල්ඩිමේ දොඹකරයෙ හිතක් පපුවක් ඇතිද
නොනැවතී බඩු උඩට යැවෙනවා
හිතින් මම මව්බිමට දුවනවා

කැන්ටිමේ කොනට වී දිවා භෝජන බුදිමි
ලක්බිමේ නැකත් සිරි දැනෙනවා
කිරිබතේ රස මවන් ගිලිනවා

ගොඩනැඟිලි පිරි බිමේ ගස් කොළන් කොතැන වෙද
කජු ගහේ සිරි සිතේ මැවෙනවා
පුහුලමේ රස දිවට දැනෙනවා

සියලු දේ හැර දමා අම්මෙ මට ගම එන්න
ඔබෙ සුවඳ දැනී මට හිතෙනවා
දිවියෙ බර මග හරස් කරනවා......

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

11 comments:

  1. ඔබ හදවතින් වෙසෙන්නේ මව්බිමේ බව අපි දන්නවා.. නිදුක් නිරෝගී සුවපත් නව වසරක් ම වේවා..!

    ReplyDelete
  2. යන එක හිටින එක තෝරා ගත යුතුය
    ඉන් පසු එකක් විඳ අන් එක හල යුතුය
    නැත්තං එකක් වත් අවසන විඳ නැතිය
    රැවුලයි කැඳයි බැරි බව දැන් දත යුතුය

    ReplyDelete
  3. උඹට නම් විශේෂයෙන් සුබ පතන්න ඕන.... වෙන දේකට නෙම්යි මනුස්ස කමට.. මම දැක්කා සුනිල් මාධවගේ වැඩේටත් මූලිකත්වය ගත්තේ උඹ කියලා... වැඩි වැඩියෙන් ලැබේවා...!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං! අපේ යුතුකම ඒක. උඹේ ලිවීම් පංකාදුයි! ජය!!

      Delete
  4. ලංකාවෙ හිටියා කියලා අපිටත් ඉතින් වැඩි වෙනසක් නෑ.. ඔක්කොම කෘතිම වෙච්ච වටපිටාවක අවුරුදු සිරිය කොහොම මවන්නද ? ගෙදර කැවුම් පිච්චුවත්, අනිත් කැවිලි හැදුවත්, ඒ ඔක්කොම හරි කෘතිමයි..ගෑස් ලිපේ තෙල් තාච්චිය තියලා, මෝලෙන් කොටන් ආපු පිටි වලින් හදන කැවුම් වලට වඩා, දාඩිය දාගෙන වංගෙඩියෙ පිටිකොටලා, සතිගානක්, පොල් කොළ හනසු එකතු කරලා හදන කැවුම් වල ලොකු වෙනසක් තියනවා..

    සුබ අලුත් අවුරුද්දක් වේවා !!

    ReplyDelete
  5. චන්දන,අලුත් අවුරුද්දට ලංකාවට යන්න බැරි වීම හිතට ගෙන්නේ දුකක් උනත් ඒ හා බැඳුනු යටින් දිවෙන අපේ හිත් වලට ඉතාම ලඟ ළබැඳි අයගේ සොඳුරු මතකයන් යලිත් විඳින්න මුදූ හතකින් එහා ඇත රටක තනි විමත් මහඟු අවස්ථාවක් , මේ සැරේ මං හිතුවේ එහෙම...:) නිදුක් නිරෝගී නව වසරක් ම වේවා..!

    ReplyDelete
  6. විප්‍රවාසියෙකුගෙන් විප්‍රවාසියෙකුට.... සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා පතනවා චන්දන.

    ReplyDelete
  7. සුභ අළුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  8. සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete