Pages

Friday 19 February 2016

අඳුරු පෙබරවාරියේ අපෙන් ඩැහැගත් තවත් එක් මිනිසකුගේ විසිහය වැනි සිහි(නො)කිරීම වෙනුවෙනි.



නිහඬ කෙරුවද රිදී සීනුව
මරා ගල් බැඳ හෙළා මුහුදට
සොඳුරු රළ පෙළ රැගෙන ආවා
හදින් පෙම් කළ කොරළ වැල්ලට

මිනිසුන් වෙනුවෙන් පන්හිඳ මෙහෙවා
මානව අයිතිය කතා කිරීමද
තරුණ පැඟිරි දිවියෙන් පුද දෙන්නට
ඔබ කළ බිහිසුණු වරදද කිව මැන

දැයට අහිමි කළ තම එඩිතර පුතු
වෙනුවෙන් ඒ අම්මා හෙලු කඳුළැලි
බිඳුවක් පාසා සාපය තොපටයි
සමනල දඩයම්කරුවණි සැඟැවුණු.   

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

4 comments:

  1. නිහඬ වූ (කල) ආදරණීය හඬ

    ReplyDelete
  2. මා දැන සිටි රිචඩ් සොයිසා

    http://transyl2014.blogspot.ca/2015/11/blog-post_15.html

    ReplyDelete
  3. රිච්ඩ් ද සොයිසා මට මතකයි යශෝරාවයේ ලොකු පුතාට රඟපෑවා...

    ReplyDelete
  4. 'අසා' ඇති දක්ශයෙක්.. සැමරුම් සඳහා සුදුසුකම් ඇතත් ඩොලර් නොලැබෙන නිසා සද්දයක් නෑ වගේ..
    ජයවේවා..!!

    ReplyDelete