Pages

Monday 29 February 2016

ආදරණීය අජන්තා රණසිංහයනී,



සොඳුරු කවියානණේ, නිසල වී අද නිදන
ඔබ ලියූ ගී වලින් සැනසුනෙමු අප නිතින
සොහොන් ගැබ සිසාර හමා ආ මද නලින
දුක්බරිත පද පෙළක් හදිසියේ මට ඇසිණ

දහස් ගනනක් සෙනඟ සුසුම්ලන හඬ මැදින
චිතකයේ ධවල තිර දුකින් මිරිකී වැටින
දුම් කැරළි මතුවෙමින් අපෙන් ඈතට නැගින
සොහොන් කොත් අතර මට මහා තනියක් දැනිණ

යොමාවුන් නෙතු අගින් කඳුළු ගංඟා හැලින
අතරමං කොඩි වැලක් අසල පඳුරක රැඳින
එකා දෙන්නා බැගින් අපෙන් ඈතට ඇදින
හුදෙකලා වලාවක ඇඳුණු ඔබ රුව පෙනින

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය


1 comment:

  1. අජන්තා රණසිංහයින්ගේ අභාවය පිලිඹඳ පුවත ප්‍රමාණවත් ලෙස සමාජ ගත වුනේ නැති බවයි මට හිතෙන්නෙ...

    මට නම් ඔහු තවම මිය ගිහින් නෑ...!

    ReplyDelete