Pages

Tuesday 25 August 2015

සංගා........



තරගෙක ලැබෙන ජය පැරඳුම එක විලස
විඳගනු නොහැක සැමටම කැළැඹෙයි මනස
අදිටන සිත දරන් රැක ගනිමින් සිරස
ඔබ පෑ විකුම් අමතක කරනුයෙ කෙලෙස

පිත්තෙන් කඩුලු රැක්මෙන් ලොව දන ගස්සා
සුන්දර ලෙසින් ගැහුවා පන්දුව උස්සා
හරිනා විටදී යහමින් රැපුනගෙ රිස්සා
නරඹන දනෝ තුටු වී ජය පැන් ඉස්සා


ලංකා ධජය ලෝකයෙ සිරසට නංඟා
පැරඳුම කියන වචනය වහරින් හංඟා
කිසිදින දේශපාලනයට නොම රිංඟා
අප හා එකතුවී මැච් බලමුද සංගා



ආදරණීය සංගා, ඔබට ස්තූතියි! ඔබ අප රට වෙනුවෙන් කළ සේවය සදා අමරණීයයි. 

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

5 comments:

  1. ඔබ පෑ විකුම් අමතක කරනුයෙ කෙලෙස..........

    ReplyDelete
  2. ඔයාලයි රටට තමයි මෙයා එන්න ඉන්නෙ නේද? එංගලන්තෙ හරියාවි ලංකාවට වඩා.. ඇඩ් වලටත් වැඩිපුර ගෙවයි එංගලන්තෙ නම්..

    ReplyDelete
  3. ආදරණිය සංගා. ඔබට ස්තූතියි. අපේ කාලයේ වීරයෙක් ඔබ..

    ReplyDelete
  4. සුබ අනාගතයක් සංගා

    ReplyDelete