Pages

Friday 3 April 2015

ආදරණීය කපූගේ..........


 
මෙම සිතුවම මා වෙත ලබා දුන් චානක ඩයස් සොයුරාට මගේ ස්තූතිය!!


රැවක් ඇදෙන තුරැ බලා සිටිමි මම 
කොවුලන් නද දෙන බක් මාසේ
පැලක් නොමැති හේනක තනිවී ඇත ගී ගයනා හඬ නම් නෑසේ
රැයක් ගෙවුණි නින්දත් අහලක නැත අති දරැනුයි සසරෙහි වාසේ
දැයක් අවදි කළ පොදු ජන මිතුරකු සිහිවී එයි කඳුළක් දෑසේ

මුදලට බලයට නොනැමුණු හදවත පොඩි මිනිසා ළඟ උනුවූවා
කිසිවිට තමුනගෙ අගයක් නොදැනම කුරැලකුසේ දිවි ගතවූවා
පවුලට කන්නට බත්පත නැතිවුව අනුනගෙ කුස ගිනි පිරවූවා
රජරට සේවෙට ලද ඒ මාරැව රජ ගමනක්සේ සැලකූවා

දම් පාටින් ලා සඳ බැස යද්දී මිලිනවු නුබ කුස මට සිහිවේ
තනිවී ඇති එක්ටැම්ගෙයි එළියෙන් අඳුර මකාලනු නම් බැරිවේ
උල ලේනකූගේ ශෝකී රාවෙන් සවනඟ දුක් ගීයක් මතුවේ
නින්දෙන් පිබිදී එනු මැන කොවුලනි පෙම් බැඳි හද තවමත් ලතවේ

චන්දන ගුණසේකර - එක්සත් රාජධානිය

11 comments:

  1. මළ හිරු එළියෙන් කොක්කු ගියාදෝ
    මිහින්තලා ගල පැත්තේ..
    පිරුවට ඇඳ පෙට්ටියක තියාලා
    පාන් දෙකක එළි මැද්දේ..
    මදටිය වැටෙද්දි සඳ කැලතෙන ඇල
    ඒදණ්ඩේ ඉස්මත්තේ...
    .......................
    උඹ ඇයි නැත්තේ.............../////

    සංසාරේ හැටි තමයි වියෝග ඇති වන්නේ..

    ReplyDelete
    Replies
    1. පබලු නගේ නාමල් තිලකේ පුංචි ඔසරි මැණිකේ
      සුමනෝ.......නුඹ ඇයි නැතතේ........

      වැවේ දියේ ඇති නිකින්නි නිල්ලේ අඩ හඳ යායට කෙකටිය පිපිලා
      වැව් කනදේ බෝ ගස් හෙවනේ..... මම අද තනියෙම ඔළිඳ ගනිනවා
      වෙනදා වාගේම තලමල පිපිලා තිබුනට ඇළ ලඟ වත්තේ........

      සුමනෝ.......නුඹ ඇයි නැත්තේ.......

      මළ හිරු එළියෙන් කොක්කු ගියාදෝ ... මිහින්තලා ගල පැත්තේ...
      පිරුවට හැන්ද පෙත් දියක තියාලා..... පහන් දෙකක එළිමැද්දේ....
      මදටිය වැටත්දි හඳ කෙලතෙන ඇල..... ඒදණ්ඩේ හිස් මත්තේ......
      සුමනෝ.......නුඹ ඇයි නැත්තේ.....
      සුමනෝ.......නුඹ ඇයි නැත්තේ.....
      සුමනෝ.......නුඹ ඇයි නැත්තේ.....
      සුමනෝ.......නුඹ ඇයි නැත්තේ.....

      Delete
    2. http://masandumal.blogspot.com/2014/05/blog-post_13.html?m=1

      Delete
    3. //පිරුවට හැන්ද පෙත් දියක තියාලා....// මොකක්ද බං ඒ කුණුහරුපේ? //පිරුවට ඇඳ පෙට්ටියක තියාලා// මිනිය මිනිය..

      මලක් ගහල උපරිම ආතල් එකෙන් ඉන්න වෙලාවට කියන සින්දු දෙකෙන් එකක්.. අනික උලලේනෝ.. ආයි නෑ අදිනව ලොවෙත්.. විනාඩි බර ගානක්.. හැක්..

      Delete
    4. පිරුවට අන්දල ඒ කියන්නෙ සුදු අන්දලා පෙට්ටියක තියලා,ධර්මපාල ජාතකයනෙ මේ කියන්නෙ ඒ මිනිස්සු මරණය ගැන දන්නෙ නෑ ඉතින් ඔවුන්ට මේ ගේන විදිය නුහුරුයි,අකුරු වෙනස් වෙලා ඇති ටයිපින් වැරදීමකින්,ඒකයි වෙලා තියෙන්නෙ පෙත් දියක නෙවෙයි පෙට්ටියක

      Delete
  2. බ්ලොග් එක අපේ බ්ලොග් දර්ශකේටත් දාන්න. පහතින් අපේ සින්ඩියට පැමිණ ලින්ක් එක අපට මේල් කරන්න.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
  3. සබඳ අපි කඳු නොවෙමු
    උනුන් පරයා නැ‍ඟෙන
    සුනිල දිය දහර වෙමු
    එකම ගඟකට වැටෙන...

    ReplyDelete
  4. ඒ මතකයෙන් නම් මිදෙන්න හරිම අමාරුයි. නිවන් සුව පතනවා.

    ReplyDelete
  5. කපු ගේ ශුරින් මමත් කැමතිම ගායකයා ..එතුමා ගේ ගිත අමරණීයයි ..........
    නිවන් සුව පතමි ....

    ReplyDelete
  6. කපුගේ වෙනුවෙන් අමරණීය උපහාර ගීයක්. විශිෂ්ඨයි. මෙයට තනුවක් යොදල ගායනා කරන්න තිබුනනම්..

    ReplyDelete
  7. හදවත හූරගෙන මොලේ නහර ගැටගහන දුප්පත් අපේ හඬ... කපුගේ...
    අමතක නොවන හඬ අවදි කළ ඔබට තුති..

    ReplyDelete