Pages

Wednesday 18 March 2015

මයියා සහ සංගා සමු ගත්හ.......



ඔබ සමුගත් දින
අහසත් වැලපුණි
ඒ දුක ඉවසා ගනූ බැරිවී.......

ක්රීඩා පිටියම අඳුරේ
සැඟැවුණි
සඳ තරැ කඳුලැලි මත සිරවී......

ඔබගෙන් හිස්වූ පිටියේ සැම අත
හද පෙලු සුසුමක හඬ ඇසුනී.......

බලා සිටිමි මම අසරණ දෑසින්
හිරැ සඳු සමු ගෙන යනු දුකිණී...........

ආදරණීය මයියා සහ සංගා ඔබ දෙදෙන අද ක්රීඩා පිටියෙන් සමු ගත්තද අපේ හදවත් තුළින් කෙදිනකවත් සමු නොගනු ඇත. ඔබ දෙපළ රටට ගෙනදුන් කීර්තියට අප සදා ණයගැතියි. .......



-චන්දන ගුණසේකර-එක්සත් රාජධානිය

5 comments:

  1. හැම සාර්ථක කතාවකම වගේ මේකෙත් අවසානය දුකයි.. මහත්වරුන්ගේ ක්‍රීඩාවේ ජීව ගුණය ඉදිරියටත් රැකගෙන රටට වැඩදායි සේවයක් කිරීමට ඔබ දෙපලටම ආසිරි!

    ReplyDelete
  2. Replies
    1. ඩුඩ්.. මාත් හිතුවේ මේකට නියමෙට ගැලපෙනවා කියලයි..

      Delete
    2. බොරු කියන්න එපා බං.. හොදට ලයිට් තිබුනා...

      Delete
  3. ඔව් ... මයියා සහ සංගාට රටක් විදිහට අපි හැමදාටම ණය ගැතියි.

    ReplyDelete