Pages

Sunday 15 March 2015

අම්මා...........

අදට යෙදී ඇති මව් වරැන්ගේ දිනය වෙනුවෙනි.......



සැමටම කලින් අලුයම පිබිදෙන්නීය
කාටත් පසුව නිදි ලොව වෙත යන්නීය
පවුලක සියලු බර කර මත ගන්නීය
නිවසේ පහන විලසින් බැබලෙන්නීය

දස මස කුස හොවා බර උසුලන්නීය
මුළු දිවි පුරාවෙම බිම නොතබන්නීය
ගත ලේ පොවා දරැ කුස් පූරවන්නීය
දුක් ගිනි සිත රඳන් මදහස දෙන්නීය

නව ලොව තනන්නට දර දිය ඇද්දාය
දරැවන් නිසා නින්ඳා හැම වින්ඳාය
ඔවුනට එකම විලසට පෙම් බැන්ඳාය
සෙනෙහස පොවා වෛරයෙ මුල් සින්දාය

හිරැගේ එළිය ගෙන සිසිලස බෙදන්නී
නිවසේ වහල උසුලාගෙන සිටින්නී
පවුලේ මුඳුන් මුල වී සවි දෙවන්නී
අම්මා නුඹයි අප හැම දුක් දරන්නී

එක්සත් රාජධානියේ අද සමරණ මව් වරැන්ගේ දිනය හරියටම පාස්කු ඉරිදාවට සති තුනකට පෙරාතුව සැමරෙයි. අද දිනයට Mothering Sunday කියාද කියනු ලැබේ. 

චන්දන ගුණසේකරඑක්සත් රාජධානිය

4 comments:

  1. ලස්සනයි.. මවකගේ ගුණ කොහොම විස්තර කරන්නද..

    ReplyDelete
  2. ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
    ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා
    ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
    කලා වැවේ නිල් දියවර අපෙ අම්මා

    රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු
    සිත නෑ නිවන් දකින්නේ...
    රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත්
    නෙත නෑ නිදි විඳ ගන්නේ...
    හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන
    නින්දේ සිහින දකින්නේ...
    මහමායාවෙනි කවදාදෝ ඔය නෙත්
    දරු සෙනෙහසින් මිදෙන්නේ...

    වෙල් දෙණි වල ඇවිදින දෙපා රිදෙන විට
    විහඟ ගීත බණ පද වේවා...
    බෝ මළුවක ඇවිලෙන පහන් වැටක් සේ
    තුන් සිත නිවී සැදේවා...
    මතු උපදින සසරේ විසාකාව වී
    මෙත් මග නෙත් හමු වේවා...
    ඇත් රැජිණියනේ ඔබෙ නැලැවිළි ගීතය
    ලොවම නිවන කවියක් වේවා...

    ගමට කලින් හිරු...........

    Title : Gamata Kalin Hiru Mulutan Geta Wadina
    Singer : Karunarathna Divulgane
    Lyrics : Sunil Dayananda Konara
    Music : Sunil Dayananda Konara

    ReplyDelete
  3. පට්ට ම පට්ට...

    ReplyDelete
  4. අම්මා.. ලියල ඉවරයක් කරන්න බැරි මාතෘකාවක්.. අගෙයි කවි ටික.. ජය ශ්‍රී!

    ReplyDelete