Pages

Thursday 2 January 2014

නව හිරු උදාව.......


Photo Credit: mikemesserli.blogspot.com

පෙරදිඟ අහසේ සුපුරුදු විලසට රත් පැහැ පලසක්

ඇතිරීලා
අදත් වෙනදා මෙන් හිරු එයි හිනැහී මුළු ලොව නින්දෙන්නැඟිටුවලා
මමත් අවදිවී බැලුවෙමි හිරු දෙස දුටුවෙමි වෙනසක්පැතිරීලා
සුපුරුදු අහසේ අළුත්ම ඉරකුයි බලා සිටියෙ මදහසපාලා
   
බැලුවෙමි වටපිට දිව්වෙමි තැන තැන වෙනස් කමක් ඇතිදෝසිතලා
ගඟ දිය නිසලයි සියොතුන් පියඹයි දවස වෙනදා මෙන්ඇරඹීලා
කෙතරම් සෙව්වත් දක්නට තිබුනේ හිරුගෙ අළුත් බවමයිපිරිලා
කවුරුද අප්පේ පහදා දෙන්නේ ඇයි අද මේ හිරු අළුත්වෙලා
   
ටික ටික හිරු රැස් දැඩි වී අහසේ මුඳුනට ඇත හිරු මෝදුවෙලා
උත්තරයක් නැති ගැටළුව සිතමින් මමත් සිටියෙ හිරු දෙසමබලා
තවත් මොහොතකින් නිකමට වාගේ අද කවදාදැයි මෙනෙහිකලා
දුරුතු මහේ පළවෙනිදා නොවෙදැයි නව හිරු කීවාහිනැහීලා
   

22 comments:

  1. අවුරුදු උදාව ගැන හොඳ නිර්මාණයක්. සුබ නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා! ස්තූතියි ඇඟැයීමට!! මමත් ඔබගේ ලිපි කියවන්න එන්නම්....

      Delete
  2. අළුත් අවුරුද්දට හුඟක් ලස්සන නිර්මාණයක්.. ඇත්තටම ලස්සනයි..

    සුභ නව වසරක් වේවා..

    ReplyDelete
    Replies
    1. උඹගේ ඇඟැයීමට දහස් වාරයක් ස්තූතියි දිනේෂ් මලේ!! උඹටත් සුභම සුභ නව වසරක් වේවා!!!

      Delete
  3. එල සිතිවිල්ල ...
    කවි වලට පෙරැළි ඇත...
    සුපිරි ලෙස....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෙන්ජි සහෝදරයා! උඹගේ ඇඟැයීම් මාගේ ශක්තියයි!!!

      Delete
  4. බොහොම අගෙයි ගුණේ.. මෙවැනි දිරිඝ පැදි සහිත සංකල්පනාවක් මං කාලෙකින් දැක්කේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දේශක තුමා! උඹගේ ඇඟැයීම මට විශාල ශකිතියක්. වෙලාවක් තිබුනොත් මම ගිය මාසේ පළකරපු ප්‍රේමයේ වියෝගය කවි පංතිය බලන්න. ඒකත් දීර්ඝ කවි පංතියක්..
      උඹට ජය!!!

      Delete
  5. සුබ අලුත් අවුරුද්දක් වේවා
    ලස්සනට කෑගහලා කියන්නත් පුළුවන් ඕනේ නම් මේ කවි ටික

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම ස්තූතියි ඔබගේ ඇඟැයීමට! එය මට විශාල ශක්තියක්!!!
      ඔබටත් සුභම සුභ අළුත් අවුරැද්දක් වේවා!!

      Delete
  6. ලස්සන කවි පංතියක්.. රස වින්දා... ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සිතිවිලි සිතූ ඔයාගේ ඇඟැයීමට!!
      ඔබටත් සුභම සුභ නව වසරකට ආසිරි!!!

      Delete
  7. සුබ ම සුබ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුභම සුභ නව වසරකට ආසිරි දිලිනි!!!

      Delete
  8. ලස්සන නිර්මාණයක්.
    ඒක නෙමේ හතරපද කවි වලින් ලස්සන කතාවක් ලියමු ද ? මම හතරපද කවි වලින් කියවලා තියෙන්නේ සුදෝසුදු පවි පන්තිය. අන්න ඒ වාගේ කතාවක් ලියමු. කෙටි කතාවක් උනත් කමන් නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මධූ මලේ ඇඟැයීමට!!
      ඔබගේ යෝජනාව හරිම හොඳයි!! මම කෙටි කථාවක් කරන්න උත්සහා කරන්නම්....
      උඹට සුභම සුභ නව වසරක් වේවා!!!

      Delete
  9. සඳුන් අයියට තරහා ගොහින් වගේ.....මගේ කොමෙන්ටුව නැත්තේ ....වරදක් වුනානම් සමාවෙන්න.විහිලුවට එවපු එකක් ඒක. සොරි හොඳේ.....

    ReplyDelete
    Replies
    1. පව්ලූෂා මලේ එහෙම හිතන්න එපා. මේ ටික කාලයට මම උඹව සෑහෙන දුරට හඳුනාගෙන ඉන්නේ. ඒක දැකපු ගමන් මට තේරැනා උඹගේ විහිළුවක් බව. මට කිසිම අයුරකින් තරහක් හිතට ආවේ නෑ. ඒත් මම ඒක පළනොකලේ නොදන්න අය මං ගැන වැරදි අවබෝධයක් ලබා ගනී කියලා.
      ඇත්තටම උඹ කියලා තිබුනේ කැම්පස් එකේදි මම කරපු වැඩ ගැන දන්නේ උඹනේ කියලා.
      මට හිතුනා ඒ වගන්තියෙන් මිනිස්සු වැරදි චින්තනයක් මා ගැන හදා ගනී කියලා.
      හිතේ කිසිම කහටක් නෑ මලේ! සහෝදර සෙනේහේ පෙර පරිදිමයි!!
      උඹට ජය!! සුභම සුභ නව වසරක් වේවා!!

      Delete
  10. දුරුත්තේ පළමු වැනිදා සිතට දැනුනු නැවුම් බව සතුට...වසර පුරාම එක සේ දැනේවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිරා මල්ලී! ඔබටත් එසේම වේවා!!!

      Delete
  11. ලස්සන අර්ථවත් කවි පෙළක් අයියේ.. අලුත් අවුරුදද ගැන , ඒ දැනිච්ච නැවුම් බව වසර පුරාම හිතේ තියාගෙන සතුටින් එදිනෙදා ජිවත් වෙන්න

    ReplyDelete
    Replies
    1. ඇඟැයීමට ස්තුතියි අපූර්වි නංගී! ඔයාටත් එසේම වෙන්න කියලා පතනවා!!!

      Delete