උදා හිරැ කිරණයෙන් නැහැවිලා මුඵ        ලොවම
කුරැඵ කිචි බිචි නදින් නැලවිලා සැම         දෙනම
මල් පිපී හිනැහිලා සුවඳ දෙයි දස               අතම
ඇයිද මේ කිසි දෙයක් නොම දැනෙන්නේ       මටම
දිය පොදක් බීවේ මා මොහොතකට          පෙරදියි
එහෙත් පිපාසය නම් තවමත්ම                එලෙසයි
මුවට ගත් බත් පිඩෙත් කිසිඳු රසයක්       නොවෙයි
මට මාම ගැටඵවකි පිළිතුරක් නොම         පෙනෙයි
වෙනදා ගේ පුරව ලන ලාම්පුවේ එලිය            නැත
කතර තනිවූ විලස කිසිදු හඩකුඳුද                නැත
ලිපේ නැති බත් හැලිය ලිප් බොක්කෙ වැතිර    ඇත
ඊයෙ අමනාප වූ ඔබ තවම මිතුරැ                  නැත...........
09/09/13
ලන්ඩන් නුවරදී....

 
අගේට ලියලා නොවැ .. ඔහොම යන් ඔහොම යන් !!. ඕකට පුංචි පින්තුරෙකුත් එකතු කරහන්කෝ ඔන්නොහෙ
ReplyDelete