සිහින් සුලඟින් බෝධියේ පත් තාලයට                 සෙලවේ
දසත පැතිරෙණ සියුම් සිලි සිලි නද සවන්           නැලැවේ
දෙනෙත පියැවී රසය විඳිනට මුළු ගතම             හැඩවේ
සුමුදු වැල්ලේ බවුන් වැඬුමට මගේ සිත                නතුවේ
ගාථා නාදය මිහිරි ගීයක් විලස පැතිරී                      යයි
සුවඳ දුම් හා පිඳු මල් වල සුවඳ ලැම                  පුරවයි
සිහින් ඝන්ඨා හඬක් ඈතින් ලඹ සවන්                 සනසයි
මගේ ගත සිත සමඟ යාවී කොහේදෝ                 පියඹයි
දෙනෙත පිසඳා හැර බැලූයෙමි ඒ ඔබේ                  රැවමයි
කුළුණු ගුණයෙන් පිරැණු නෙතු යුඟ මා දෙසට      යොමුවෙයි
සිනා බර ඔබ වත කමල දුටු හදේ ගිනි                  නිමවෙයි
සියළු දුක් මිඳ නිවන් යන්නට ඔබ සරණ                පමණයි
විඳින සැප හා දුකද හැමවිට තාවකාලික                     වේ
සියළු බන්දන හා බැඳුණ හැම දමා යායුතු                  වේ
ලොවෙහි සිඳුවන එකම නියතය අපේ මරණය               වේ
සියළු අකුසල් ඉවත ලා වහා සත්ය සොය යුතු              වේ
 
No comments:
Post a Comment