සේයා රුව මා හිත මිත්ර සිවානන්දන් ඉලන්දීරන් ගෙනි.......
| එකම ඉරක උණුසුම | විඳිමින්නේ |
| හැමටම පොඳු සඳෙන් සිසිල | ගන්නේ |
| අන් හැම මෙන් පොලොවෙනි මතු | වන්නේ |
| එහෙත් කිමද වෙනසක් | පවතින්නේ |
| සුවඳෙහි කිසිම අඩුවක් හෙම | දැනුණාද |
| පැහැයෙහි වෙනස්කම් වත් ඇස | ගැටුණාද |
| පෙති ටික සිනිඳු නැති බව වත් | හැඟුණාද |
| ඉපැඳුණු දේසේ නුඟුණක් වත් | ඇසුණාද |
| සිදාධියේ මල් ගැන මැත | දොඩවන්නා |
| මහා ඉහලින් නැති ගුණ කඳ | වපුරන්නා |
| ගම්මානය වල පල්ලට | දක්කන්නා |
| කැළෑ මලව උපන් ගෙයිම | වනසන්නා |
| කැළෑ මල් සුවඳ විඳිණට කෙනෙකු | නැත |
| පෙති වල පැහැය දැක්මට කවුරුවත් | නැත |
| සිනිඳු සුමුඳු බව කවුරුත් වින්ඳෙ | නැත |
| කාටත් හොරෙන් කැළයෙම පරවෙලා | යත |
| රට කරවන මහතුනි මෙය දැන | ගන්න |
| හැකිකම් සඟව මිලිණට ඉඩ | නොතබන්න |
| කැළයේ මල් සොයා වන්නිය වෙත | එන්න |
| නිසි තැන ලබාදී ඒ මල් රැක | ගන්න |
Very nice.......I like the idea.
ReplyDelete