Pages

Saturday 8 April 2017

අප හැර ගිය මහා සිනමාවේදී වසන්ත ඔබේසේකරයන් වෙනුවෙනි...




ඉපැදුණු කෙනෙකු දිනයෙක මියැදෙයි කියන
අනියත දහම නැවතත් සිහිකොට දෙමිණ
සිනමා අඹර දිදුලුණු පුන් සඳ පහන
සදහට නිවුණු බව දැනගන්නට ලැබිණ

ඔබ තැනු " දියමන්ති" සදහට දිස්නෙ දෙවයි
කවුරුත් කතා කෙරුවේ  " වෙස්ගත්තො" ගැනයි
" දඩයම" කටුක සත්‍යයකි ඉන් මහද දැවෙයි
" කැඩපත" මවන " ඡායා" වෙන් ඔබව පෙනෙයි

සිනමා රූපයෙන් පළකොට තම මතය
ඔබ පෑ විකුම් වින්ඳේ නැරඹූ නෙතය
වියදම් කොට දමා සතුවූ හැම සතය
නිමැවූ ඔබේ කෘති මියයන්නේ නැතය

ඔබ අද ගොසිනි අප දිනයක යන ගමන
අමතක වෙලා වාගෙයි නාමය මෙදින
නෙතු අග කඳුළු බේරෙයි මහදින් තැවුණ
පතනෙමි සුබ ගමන් සිත සනසා ගමිණ


අද වසන යොවුන් පරපුර ඔබ ගැන නොදන්නා නමුදු ඔබ අපේ ලොවේ නම් සදහටම මහා වීරයෙකි. ඉතිං මහා සිනමාවේදියාණෙනි, ඔබට සුබ ගමන්!



6 comments:

  1. මිය යන්නට පෙර ඇගයිය යුතු චරිත ලිපි පෙළ නැවතුණාද?

    කවි පෙළ ලස්සනයි

    ReplyDelete
    Replies
    1. තාවකාලිකව නැවතුනා නංගී. ඒත් ඉක්මනින්ම ආයෙත් ලියන්න පටන් ගන්න ඕනෙ. ඇගයියය යුතු බොහෝ දෙනෙකු සිටිනවා. ස්තූතියි නංගිට. කවි ඇගැයූවාටත් ස්තූතියි !!

      Delete
  2. ලස්සන් කවි පෙළ චන්දන

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අජිත් ඔබට!

      Delete
  3. Thanks Chandana,

    In my opinion he is the greatest film maker of Sri Lanka..Yeah, even greater than Lester....

    BTW ..Do you know that Prof. Gananath Obeyesekere is his elder brother?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රවී අයියා.

      මම දන්නෙ නැහැ අයියෙ ඒ බව.

      Delete