Pages

Thursday 10 December 2015

අප වෙනුවෙන් පන්හිඳ මෙහෙයවූ ඒ සැබෑ සත්‍යවාදියාට කළගුණ සැලකීමේ අවස්ථාවයි මේ.....



ඔහු එදා කොළඹ යුගයේ වුන් මහා කවි මීමන ප්රේමතිලකයන්ගේ පුතුන් තිදෙනාගෙන් එක් පුතෙකි. ඒත් අප ඔහුව දැනගත්තේ එවකට ඉරිදා දිවයින සංග්රහයේ පළවූ ඔහුගේ තීරු ලිපියකින් මිස මීමන ප්රේමතිලකයන්ගේ පුත්රයා හැටියට නෙවේ. එය " සත්යවාදියෙකුගේ දිනපොතයි". භීෂණය හා කැලෑ නීතිය රජකළ ඒ යුගයේ , පවතින ක්රමයට විරුද්ධව කෙළ පිඩක් හෙළීම පවා මරණට අත වැනීමක් වූවත් ඉන්ද්රඛීලයක්සේ නොසැලී නොබියව තම පන්හිඳ මෙහෙයවූයේ ඔහුයි. සුනිල් මාධව ප්රේමතිලක නම්වූ ඒ සැබෑ සත්යවාදියා ලියූවේ ඔහුගේම ආත්මයයි. අව්යාජව ලියන්නෙකුට ලියැවෙන්නේ ඔහුගේ ආත්මයම පමණක්ම බව මම අත්දැකීමෙන්ම දනිමි. ඔහුගේ ලිවීම අප සැමගේම ලිවීම වූයේ එහෙයිනි. ඔහු ලියුවේ අපගේ කථාවය. දුක් විඳින පීඩිත පංතියේ විලාපයය. වෙඩි උණ්ඩයට , පොලිස් කූඩුවට හෝ පාලකයන්ගේ අදිසි හස්තයට හෝ පා පහරට එතුමා බිය වූයේ නැත. එතුමා සිරබත් කෑවෙත්, රස්සාවෙන් එළියට වීසී වූයේත් අප වෙනුවෙන් කතා කිරීමට යාමෙනි. එතුමා තම දිවියට කියා කරගත් දෙයක් නැත. කිසිවක් කර ගැනීමට කවුරුන් හෝ පිටුපස ගියේද නැත. සැමවිටම සිටියේ දුක් විඳින පීඩිත පංතිය පැත්තේය. 

එමෙන්ම , හඬණුමැන නිදහස හා කරොලිනාගේ දිනපොත-අන්ධකාරයේ දරුවා යන ශ්රේෂ්ඨ කෘති අනුවාදය කළෙත් එතූමාමය. 

එදා අප වෙනුවෙන් තම පන්හිඳ , අසිපතකටත් වඩා ප්රබලව මෙහෙයවූ එතුමා අද අසරණය. වයසට යාම නම් අපට වැළැක්විය නොහැක. එමෙන්ම අසනීපද එන්නේ අපට දන්වා නොවේ. ඒ අතරම ආර්ථිකය අඩාලවීමද මේවායේම ප්රතිඵලය. නමුත් අපට එය නගා සිටුවීමට සහය විය හැකිය. 

මසක් පමණ බොරැල්ලේ ආයූර්වේද රෝහලේ නේවාසිකව ප්රතිකාරගත් එතුමා දැන් නිවසට පැමිණ ඇත. මගේ දයාබර මිතුරියක් පසුගිය සතියේ දිනතුනකට ලංකාවට ගිය ඇසිල්ලේ එතුමාගේ සුවදුක් බැලීමට ගොස් තිබුණාය. 

එතුමාට දැන් කවුරුන්ගේ හෝ සහයක් නොමැතිව ඇවිදීමට නොහැක. අත්වල ඇඟිලි පන්හිඳ අල්ලා ගැනීමට පවා නිකමටවත් තමන්ට උවමනා ආකාරයට හැසිරවිය නොහැක. ලේඛකයෙකුට තම සිතෙහි උතුරන අදහස් ලියාගැනීමට බැරිවීම ගායකයකුට තම කටහඬ නැතිවූවාක් වැනිය. අප වෙනුවෙන් හඬක් නැගූ, ජනතාවගේ දුක් සුසුම් වචනවලට පෙරළු ඔහු මෙවැනි තත්වයක පසුවෙද්දී කළගුණ දන්නා එමෙන්ම කළගුණ සැලකීමේ ශ්රේෂ්ඨ අතීතයක් ඇති රටක පුරවැසියන් වශයෙන් අපට ඇස් කන් වසා සිටිය හැකිද?

එතුමා අසරණවී ඇති මේ අවස්ථාවේ එතුමාට ආර්ථික සවියක් වීමට, එතුමාගේ රෝගය ගැන පිළියම් යෙදීමට සහ රටක් වටිනා එතුමාගේ අදහස් පිටපත් කර පළ කිරීමට,  අප සුළුවෙන් ඇරඹූ අරමුදලේ වටිනාකම තවම රැපියල් අසූ දහසක් පමණි. එතුමාට මුදලින් රැපියල් ලක්ෂ දෙකක්වත් ලබා දීම මගේ අරමුණයි. එමෙන්ම අවශ්ය නම් රෝද පුටුවක් වුවත් එතුමාට ලෙඩ සුව වනතුරු අපට ලබා දිය හැක. 

මා ඇතුළු ඔබ අප සැමටම ආර්ථික අපහසුතා ඇති බව මම දනිමි. එහෙත් එසේයැයි කියා මෙවන් වටිනා මිනිසකු පසෙකට කර හැරදමා අපට කරබාගෙන සිටිය හැකිද? එතුමා කතා කළේ අප වෙනුවෙනි. කටයුතු කළේ අප වෙනුවෙනි. එතුමාට කියා කරගෙන ඇතිදෙයක් නැත. ඒ එතුමාගේ මහා මානවහිතවාදී ගුණය නිසාවෙනි. 

ඉතිං සහෘදයනී, මහා පරිමාණයෙන් උවමනා නැත. අප සැමගේම සුළු ආධාර එකතුවූ විට ලොකු උපකාරයක් අපට කළ හැකිවන බව මගේ විශ්වාසයයි. තමන්ට හැකි පමණින් රැපියල් සීයකින් හෝ සම්මාදම් වී මේ කටයුත්තට අප සමඟ එක්වන මෙන් අති උතුම් මානවහිතවාදයේ නාමයෙන් මම ඉල්ලා සිටිමි. මෙය ඔබට හිත හිතා නැවත සතුටු විය හැකි උදව්වක් වනු ඇත. 

දයාබර සුනිල් මාධවයනී, ආදර සුනිල් අයියේ අප ඔබව තනි නොකරන්නෙමු. අපට කළ හැකි උපරිමයෙන් සහය වී ඔබව නගා සිටුවන්නෙමු. ඒ සඳහා සහෘද ඔබ සැම අපට සහයවන බව මට ඒකාන්තයි. සැමටම ජය ශ්රී!
--///----////-----////


දින තුනක් වන් කෙටි කලකට ලංකාවට ගිය ගමනේදී එතුමා බැලීමට ගිය මා මිත්ර නිශාන්ත හා ලුම්බිනී යුවළ, එතුමා ගැන සැමවිටම සොයා බලන අසංගී විජේසූරිය නැගෙණිය සහ පීටර් පෙරේරා සොයුරාට මගේ ප්රණාමය පුදකරමි. 

එමෙන්ම මෙතෙක් අපට මුදලින් සහයවූ සැමටමත් ස්තූතියි. 

එතුමා වෙනුවෙන් බත්තරමුල්ල සෙලාන් බැංකුවේ ගිණුමක් ඇරඹීමට කටයුතු කළ චූලක බංඩාරවත්ත සහෝදරයාට මගේ ආචාරය. 

ගිණුම් අංකය :SM MR.Premathilake/ Mrs MP Premathilake


Battramulla Branch



දුරකථන අංකය

 නිවස : 0112789536

සුනිල් අය්යා: 071 - 1337557

මනෝරා අක්කා  : 071 - 8648866

ලිපිනය

සුනිල් මාධව ප්රේමතිලක
නො: 26, රිචර්ඩ් ද සොයිසා මාධ්ය නිවාස සංකීර්ණය, 
කොස්වත්ත, 
බත්තරමුල්ල.

සටහන - චන්දන ගුණසේකර එක්සත් රාජධානියේ සිට. 

4 comments:

  1. ඉතා වටිනා දෙයක් චන්දන......

    ReplyDelete
  2. හැරී ජයවර්ධනටත් පණිවිඩයක් යවන්න. එයාව පොහොසත් කරන්නත් සැහෙන මහන්සියක් දැරුවා මෙයා.

    ReplyDelete
  3. කළ හැකි යමක් කරන්නට උත්සාහ දරමු.. පාපතර දේශපාලනඥයන්ට සලකන රට මෙවන් මිනිසුන් වෙනුවෙන් යමක් නොකිරීම ගැන බොහොම කණගාටුයි. දැනුවත් කිරීමට ස්තූතියි

    ReplyDelete
  4. හොද පනිවිඩයක්.. හඩනු මැන නිදහස මතක තියෙන තාක් සුනිල් අයියව අමතක නෑ.. ස්තුතියි චන්දන..

    හැබැයි මොනා උනත් උදාර ජයසිංහ කිව්ව වගේ හැරීටත් පනිවිඩයක් දුන්න නං හොදා තමා.. හැක්..

    ReplyDelete