Pages

Friday 22 May 2015

සමාවෙයං දුවේ..........



නිය පිටින් පහරක් නොගහ අප මලක්සේ දැඩිකල දුවේ
බියක් නොමවී පුංචි කාලේ මගේ තුරැලේ උන් දුවේ
හය හතර දන්නා වියේ සිට 'අප්ප' පසු පස ආ දුවේ
මිය ගියේ උඹ නොවේ මම අද දිවිය පුපුරා යයි දුවේ

උඹට දසවද දෙද්දි තනිකර කොහොමදෝ ඉවසුවෙ දුවේ
අප්පා කියලා කෙඳිරි ගෑවද අනේ ඇහුණේ නෑ දුවේ
මලක් පොඩිකර උන් කෙරෑ දෙය දෙවියොවත් නොදුටිද දුවේ
අම්ම එක්කල සිද්දවුණු දෙය කියන්නේ කෙලෙසද දුවේ

ඕන දෙයකට මගේ ළඟටයි දුවං ආවේ උඹ දුවේ
පේන නොපෙනෙන මානයේ මට ඉන්න බැරිවුනෙ ඇයි දුවේ
හීනයකි මෙය කෙලෙස මේ ගැන හිතන්නද මං සුදු දුවේ
බේරගනු බැරි වුණා අප්පට සමාවක් දෙනවද දුවේ

චන්දන ගුණසේකර - එක්සත් රාජධානිය

7 comments:

  1. ම්ලේච්චයන් ද සමාජයේ සිටින බැවින් දුවා දරුවන් තනියෙන් යැවීම අනතුරු දායකය.

    ReplyDelete
  2. මෙහෙවු කරුමක්කාර ලෝකයක උඹව එක මොහොතකට මග හැරුන මේ අසරණ අම්මටයි අප්පටයි සමාව දීපන් දුවේ.ජාති ජාතිත් මෙහෙම අකල් මරණ වලට මුහුණ නොදී මේ කුරිරු ලෝකයෙන් නිදහස් ව සාමයෙන් සැතපෙන්න දුවේ

    ReplyDelete
  3. සමා වෙයන් දුවේ ...!!

    ReplyDelete
  4. මරණ දඬුවම ම්ලේච්ඡයි කියන මහත්වරුණී, මේ ජාතියේ අමන පාහරයන්ට දිය යුතු දඬුවම කියාපල්ලා.....!!

    ReplyDelete
  5. මේ වගේ අකටයුතුකම් නවත්වන්න ආවේගශීලීව බෑ. සැලසුම්සහගත සමාජීය මනෝවිද්‍යාත්මක පරිනාමයක් වෙන්න ඕනේ. ඒකට ආදර්ශය අපේම අතීත සමාජයෙන් උනත් ගන්න පුළුවන්. වෙන්න ඕන එකම දේ ස්ත්‍රී පුරුෂ වශයෙන් එකිනෙකාගේ විශේෂ හැඩගැසීම් වලට නිසි ගෞරවය ලබාදී ස්ත්‍රීත්වය යන්න සමාජයක යහ පැවැත්මටත් ලිංගිකත්වය අනුව පැවතියයුතු සමබරතාවය තබාගැනීමටත් අනිවාර්ය වශයෙන් අවශ්‍යයි කියන එක ඒත්තුගන්වමින් ස්ත්‍රී පාර්ශවයට රැකවරනය ලබාදීමයි. එහිදී කාන්තාවන් හෝ ගැහැනු ළමුන්ට බටහිර කාන්තා විමුක්තිවාදය සියළු ප්‍රශ්න වලට විසඳුම ලෙස පෙන්වාදෙන මිත්‍යාව නොදියයුතුයි. ඔවුන් පිරිමින් නොවන බව හා ස්ත්‍රීත්වය අනුව ජීවිත හැඩගසාගතයුතු බවද ඔවුන්ට ඒත්තුගැන්වෙන ආකාරයට ඔවුන් සමාජය විසින් රැකියයුතුයි. එසේ නොමැතිව මේ වගේ සිද්ධි වලට මුවා වී බටහිර කාන්තා විමුක්ති උමතුවට හිස ඔසවන්න ඉඩදීමත් යාපනේ සිද්ධිය අල්ලගෙන කොටි නැටුම් පටන්ගන්නත් ඉඩ නොදියයුතුයි

    ReplyDelete
  6. මේ වගේ මිලේඡ්ච සමාජයක අපිත් ඉන්නවනෙ කියල හිතෙනවා. හරිම සංවේදී සටහනක් චන්දන.

    ReplyDelete