Pages

Sunday 17 May 2015

බොරදිය පොකුණ නැරඹුවෙමි........



හය හතර තේරෙන වයසේ සිටම චිත්රපට බැලීමේ පිස්සකුවූ මා ඒ කාලයේ නිකුත්වූ සිංහල චිත්රපටයක් නොබැලුවානම් ඒ ඉතාමත්ම කලාතුරකිනි. පස්වැනි මංඩලයේ සම්භාව්ය සිනමා පටයක් නම් අතහැරියේම නැත. 

චිත්රපට බැලුවා පමණක් නොව සෑම සති අන්තයකම ඒවා පිළිබඳව ගුවන්විදුලියේ ප්රචාරය වූ ප්රචාරක වැඩ සටහන් වලටද නැවත නැවත සවන් දීමටද ඇබ්බැහි වී සිටියෙමි. මේ හේතුව නිසා චිත්රපටවල බොහෝ දෙබස් කාණ්ඩ හා සිනමාහල් වල නම්ද මට ගිරවකුසේ කිව හැකි විය. 

ලංකාවෙන් පිටවූ පසු මේ පුරැද්ද කරගන යාමට නොහැකිවු නමුදු ලංකාවට නිවාඩුවට ගියවිටදී ඒ දිනවල ප්රදර්ශනයවූ චිත්රපට නැරඹුවත් බොහෝ හොඳ චිත්රපට මට ගිලිහී ගොස් තිබිණි. 

මේ කාලයේ නම් අන්තර් ජාලයේ හෝ සංගත තැටි මාර්ගයෙන් පැරණි චිත්රපට නැරඹිය හැකිවුවත් සිනමා ශාලාවකට ගොස් අඳුරේ ඉඳගෙන කඩල ඇටයක රස බලමින් විසල් තිරයක එය නරඹනවා වැනි ගතියක් ඉන් නොලැබුණි. 

මෑතකදී සිට එක් එක් සංවිධානයන්ට පිං සිදුවන්නට ලංඩනයේදී සිංහල සිනමා පට නැරඹීමේ අවස්ථාව සිනමා සාංකාවෙන් පෙළෙන මා වැනිම වූ ලංඩන් වාසී සහෘදයනට උදා වුණි. 

මේ ආකාරයෙන් අගෝරා කලා කවය විසින් සංවිධානය කොට ලංඩනයේ තිරගත කළ සත්යජිත් මාඉටිපේගේ බොරදිය පොකුණ නැරඹීමේ වාසනාව අද හැන්දෑ යාමයේ මට උදාවිය. 

මාඉටිපේ නාමය දකිනවිට මගේ සිතට නිතැතින්ම එන එක චරිතයක් ඇත. ඒ නම් අනුරාධපුරයේදී අපට ඉංග්රීසි ඉගැන්වූ මාඉටිපේ සර්ය. එතුමාවත් මම මේ අවස්ථාවේ ගෞරවයෙන් සිහිපත් කරමි. 

බොරදිය පොකුණ. කුමක්ද මේ බොරදිය පොකුණ. ඇයි එය ලංකාවේ ප්රදර්ශනය තහනම් කළේ. ප්රශ්න වැළකි. මා මේ සැම හිතේ තබාගෙන ශාලාවට ඇතුළු වුණෙමි. 

බියගම නිදහස් වෙළඳ කලාපයේ ජීවිතය මසන යුවතියන් තිදෙනෙකු හා ගුවන් හමුදා සෙබළකු වටා ගෙතුණු කථාවේ එම යුවතියන් ගෙවන සැබෑ කටුක දිවිය මොනවට ප්රදර්ශනය වූණි. කලාපයේ පාලකයන්ගෙන් වන හිරිහැර මෙන්ම පළාතේ සල්ලාල තරැනයන්ගෙන් සිදුවන අඩම්තේට්ටම්වලටද මුහුණ දෙමින් ඔවුන් ගත කරන අපා දිවිය ප්රේක්ෂක හදවත් කම්පා කිරීමට සමත් විය. 



මේ තරැණියන් ඇඳුම් මසමින් සිටින අතරතුර එකියක විසින් කටක් කා අතින් අත යවන අම්බරැල්ලා ගැටයක් තලු මරමින් අනුභව කරන තරැණියන්ගෙන් ඔවුන් ඉන්නා තත්වය ගැන ඉඟියක් ඉතා සාර්ථකව ප්රේක්ෂකයාට ලබාදීමට අධ්යක්ෂකවරයා සමත්වී තිබිණි. 

එමෙන්ම බාහිර පෙනුමින් තරැනයන්ගේ ආකර්ෂණයට හසු නොවූ ගෝතමීගේ ( කෞෂල්යා ප්රනාන්දු) මානසික තත්වය මනාවටම පිළිඹිබු කෙරිණි. 

සුන්දර පෙනුමින් යුතු යුවතියක වූ මංගලා ( ඩිලානි අබේවර්ධන) හා විපුල අතර ආදර සම්බන්ධය නවතින තැනටම වැඩ සිද්ධ කළ ගෝතමී විපුලට ආදරය කළාය. ඒත් අවංක තරැණයකු වූ විපුල ආදරය කළේ මංගලාට පමණි. 



වරක් මේ තරැණියන් පිරිස විපුල ඇතුළු තරැනයන් සමඟ විනෝද චාරිකාවක් ගිය අතර එහිදී මංගලා හා විපූල අතර ඇතිවන ප්රාථමික ලිංගික ඇසුරක් ගෝතමීගේ ඇසට අසුවිය.

මෙහිදී තව දුරටත් එහි යෙදීම ප්රතික්ෂේප කළ මංගලා ඉවතට ගියපසු ස්වයං වින්දනයෙන් තම හැගීම පිටකරගන්නා විපුලගේ ඉරියව් බලා ගෝතමීද සැගවී සිට ස්වයං වින්දනයෙන් සුරතාන්තයට පත්වූවාය.  මේ අවස්ථාවේදී ඔවුන්ගේ මානසික තත්වය පිළිබඳ මනා පණිවුඩයක් අධ්යක්ෂකවරයා පේක්ෂකයාට ලබාදෙන අතර පසුතල රෑප සහ සංගීතයද එයට දුන්නේ අනගි සහයකි. මෙවැනිදේ සිදුවිය නොහැකිද? 


මෙතැන් සිට විපුලගේ ආදරය ලබාගැනීමට වෙහෙසෙන ගෝතමී සහ විපුලගෙන් වෙන්වීමට උත්සහ දරන මංගලාගෙත් මානසික අරගලය නිරෑපනය කෙරැනි. 

විපුල හා මංගලා බිඳවීමට කටයුතු කරන ගෝතමී මංගලා ගමේ ගියපසු විපුලට ළංවී ඔහු සමඟ යහන්ගතවීමට ඔහුව පොළඹවාගන්නීය.  මේ සම්බන්ධයෙන් ගෝතමීගේ කුසට දරැවකු පිළිසිඳ ගැනෙන අතර නැවත මංගලා හා විපුල සම්බන්ධ විය. ඉන්පසු ගෝතමී විපුල පසුපස ගියද විපුල විසින් ඇයව ප්රතික්ෂේප කරනු ලැබුණු අතර විපුලගේ මිතුන්ගේ ඇනුම් බැනුම් හා ගැරවුම් හමුවේ ගෝතමීට තම දරැවා සහ තම දිවිය රැකගෙන පලා යාමට සිදු වුණි. 

මෙහිදී ඇය වැටෙන මානසික තත්වය සහ විපුලගේ මානසික තත්වයත් ඉන්පසු හම්බන්තොට ප්රදේශයේ තමන්ගේ සොයුරියක ළඟ නවතින ගෝතමි හේන් වැඩ වල නිරත වෙමින් සිට දරැවා බිහිකරන අන්දමත් ඉන්පසු ඔවුන්ගේ ජීවිත ගෙවියන අන්දමත් තිරයේ දිග හැරැනි. 

අවුරැදු ගණනකට පසු වුවත් බොරදිය පිරි පොකුණු මෙන් අපහැදිලිවූ ඔවුන්ගේ ජීවිතවල ඉරණම කුමක්ද? ඒ බොහෝ දිවිමංවල ඇත්තේ මතුපිට සතුටින් වැසුණු අඳුරැ පැත්තක්ද? මේ ඛේදවාචකයේ අවසානය කුමක්ද? 
මෙය දස දහසක් ගෝතමීලා, මංගලාලා හා විපුලලාගේ කතාව නොවේද?



මේ සඳහා පිළිතුරැ මා විස්තර කරනවාට වඩා සිනමා පටය නරඹාම ඔබට දැනගත හැකිය. මා සියල්ලම කියන්නට ගියහොත් ඔබට මෙහි නරඹන්නට දෙයක් ඉතිරි නොවනූ ඇත. ඒ නිසා චිත්රපට විස්තරය මෙතැනින් නවතා මෙම සිනමා පටය ලංකාවේ ප්රදර්ශනය කරන්නට යෑමේදී මතුවූ ගැටලු කිහිපයක් ගෙනහැර දක්වන්නට සිතුවෙමි. 

මේ චිත්රපටය වාරණය කළේ ඇයි? 

මෙහි තිබෙන ලිංගික දර්ශන සහ සමහර තැන්වලදී භාවිතා කරන භාෂාව බාලවයස්කාර පොඩි දරැවන්ටනම් යෝග්ය නැත. එමෙන්ම අප හැදී වැඩී ඇති සංස්කෘතිය අනුව මුලු පවුලටම එකට සිට නැරඹියද නොහැක. එය මා පිළිගනිමි. මේ චිත්රපටය වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ ආවේ ඒ හෙයිනි. එවිට පොඩි ළමුන්ට මෙය නැරඹීමට ඉඩක් නැත. ප්රශ්නය ඉවරය. 

එහෙත් අසභ්යයි කියා මෙය තහනම් කොට චිත්රපටය නිර්මාණය කළ අධ්යක්ෂකවරයාව අධෛර්ය කොට විනාශ කිරීමේ තැතක්වත් තිබුණාද කියා සාධාරණ සැකයක් මට ඇතිවේ. 

මේ ආකාරයට කලාකරැවන් කී දෙනෙකු නම් ජීවත්ව සිටියදීම ඝාතනය කළෝද? 

සුනිල් ශාන්තයන්ගේ සිට බොහෝ ගායකයින්, නිවේදකයින් , රචකයන්, නළු නිළියන් හා චිත්රපට අධ්යක්ෂකවරැ කීදෙනෙකුට නම් ශ්රේත්රය හා ලංකාවම එපාවන තැනට වැඩ සිද්ධකරේ නැතිද?

මෙය අසභ්යයි කීවේ කුමන සභ්යත්වයේ රාමුවක සිටද? ප්රශ්න වැලකි. 

ඒ කෙසේ වෙතත් සම්භාවනීය සිනමා පටයක් නම් නැරඹීමි. හැම රංගනයකදීම මෙන්ම කෞෂල්යා ප්රානාන්දුගේ රංගනය අති විශිෂ්ටය. අනෙක් නළු නිලියන්ද විශාල සාධාරණයක් ඉෂ්ට කර ඇත. බොහෝ කලකට පසු ධර්මසිරි බංඩාරනායකයන් දැකීමද සතුටකි. එතුමා ගෝතමීගේ සැමියා ලෙස අපූරැ රංගනරක යෙදුණි. එතුමා දකිද්දී මගේ සිහියට ආවේ එතුමාගේ හංස විලක් චිත්ර පටයයි. 

බොරදිය පොකුණ නරඹා හොඳ සිනමා පටයක් නැරඹුවා කියා තෘප්තිමත්ව ඉන්නා මේ මොහොතේ එයට අවස්ථාව සපයා දුන් අගෝරා කලාකවය පිළිබඳවත් වචනයක් සඳහන් නොකොළොත් එය මහා ගුණමකු කමක යැයි මට හැගේ. 

කලාවට හිතැති සහෘදයන් පිරිසකගෙන් සැඳුම්ලත් මේ කවයෙන් කලාවේ හා සාහිත්යයේ උන්නතිය සඳහා කෙරෙන සේවා රාශියකි. 

වරක් ඔවුන් ගීත විචාරාත්මක වැඩසටහනක් සංවිධානය කළහ. බොරදිය පොකුණ වැනි සම්භව්ය චිත්රපට ගෙන්වා ප්රදර්ශනය කළෝය. පාඨකයාගේ කියවීමේ රැචිය දියුණු කරනුවස් මෙතුවක් කලකට ලන්ඩනයේ සිදුනොවූ සාහිත්යමය කර්තව්යක්ද මේ වනවිට දියත් කොට ඇත. එනම් සිංහල නව කතා සහ පරිවර්තන කෘති ලංකාවෙන් ගෙන්වා ලංඩනයේ අලවි කිරීමයි. එමෙන්ම මුලු දවසක් පුරාවට පැවැත්වෙන කලා සහ සාහිත්ය දිනයක්ද මෙම වසරේ ජූලි 11 වෙනිදා පැවැත්වීමට කටයුතු යොදාගෙන ඇත. 

තව ඉදිරියට බොහෝදේ කලාවේ උන්නතියට ඔවුන් අතින් සිදුවන බැව් මට විශ්වාසය. එහෙයින් ඔවුනගේ මේ ව්යායාමයනට සහය වීම කලාවට ලැදි සහෘද සැමගේම යුතුකමකි. 

අවසාන වශයෙන් මෙම ලිපියේ මාතෘකාව වූ බොරදිය පොකුණ නැරඹීමට අපට අවස්ථාව උදාකළ අගෝරා කලාකවයට මගේ ප්රණාමය පුද කරන අතර මෙම සිනමා පටයේ අධ්යක්ෂක සත්යජිත් මාඉටිපේ මහතාට තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට අවශ්ය ශක්තිය හා ධෛර්ය නිරතුරැවම ලැබේවා යයිද කලාවේ නාමයෙන් ප්රාර්ථනා කරමි.. 

චන්දන ගුණසේකර - එක්සත් රාජධානිය

8 comments:

  1. බුකියේ කියවා මෙතනට ආවෙමි. කඩින් කඩ යූ ටියුබ් හරහා නරඹා තිබුනත් මුළු චිත්‍රපටයම නරඹා තිබුනේ නැත. යලිදු මුල සිටම නැරඹීමට සිත්විය. කුමනාකාරයෙන් හෝ කෙරෙන මාධ්‍ය වාරණයට ඉඳුරාම එරෙහි වෙමි.

    ReplyDelete
  2. ෂාහ්.......... ෆිලුම බලන්න හිතුනා මචෝ උබගේ විචාරය දැකලා

    ReplyDelete
  3. මේක කියවල ආයිපාරක් පිල්ම් එක බැලුවනම් හොදා..............

    ReplyDelete
  4. චිත්‍රපටිය බලන්න අවස්තාවක් ලැබුනේ නෑ තාමත්. විචාරය ආශාවෙන් කියෙව්වා . තැන්කිව් මචන්.

    ReplyDelete
  5. බුකියේ දාපු එක නං කියෙව්වත මෙතන පොටො දාලා තියෙනවා වැඩියි. හරියට නිෂ්පාදකගේ ඇඩ් එකක් වගේ..

    ReplyDelete
  6. තාම පික්චරේ බැලුවේ නැ. මේක කියෙව්වම අනිවා කොහොම හරි පික්චරේ බලන්න හිතුනා.

    ReplyDelete
  7. මාත් එදා බැලුව. මේ ලියන කොට ප්‍රා , ප්‍රචාරක අකුර හදන්න බැරිද? කලින් පොස්ට් එකෙත් එක එහෙමම තිබුන. පරක්කු වෙලා හරි චිත්‍රපටිය එලියට දැම්ම එක හොඳයි.
    http://nelumyaya.com/?p=2521

    ReplyDelete