Pages

Thursday 9 April 2015

අවුරැදූ සිහිනය.......



වසන්ත සමයත් උදාවෙලා ඇත එරඹදු මල් නම් නෑ දැක්කේ
මලක් පිපෙන්නට ගසක් තිබේවිද ඒ හැම දර වලටයි වික්කේ
වෙනදට නද දෙන කොවුලා නිදිවද කූජනයත් නැහැ අරැමැක්කේ
කැවුමේ කොණ්ඩය ගන්න කෙනෙකු ගැන උඹවත් කියපං මැගි අක්කේ 

කජු ගස් මැරිලා වැහි නැති සමයෙදි පුහුලං කොයින්ද ඒ අකුලේ
රබාන ඇඳ යට දුහුවිලි නාගෙන කිසි කළ එළියක් නෑ ගෙපැලේ
රස්සාවක් නැත අග හිඟ ඉහ උඩ අවුරැදු කොයින්ද මගෙ පවුලේ
මීන රාසියෙන් මේෂ රාසියට හිරැ යද්දී දුරැවෙද අපලේ

අටු කොටු පිරිලා අත මිට සරැ විට සැමදා අවුරැදු ඒ පැත්තේ
බක් මී යායෙම මල් වැහි වැහැලා බඹරැන් රඟ දෙයි හැම අත්තේ
ගස් හා වැල් ඵල බරින් පිරී ඇත වතු පිටි දෙව් ලොව සිරි ගත්තේ
රෑ දුටු සිහිනෙන් අවදිව බැලු සඳ පැදුරින් බිම වැටිලයි ඇත්තේ

මෙම නිර්මාණය සඳස සිය හඬ ගුවන් විදුලියේ අවූරැදු මතක වැඩ සටහන සඳහා ඉදිරිපත් කරන ලද්දකි. 

චන්දන ගුණසේකර - එක්සත් රාජධානිය

7 comments:

  1. අවුරැදු - අවුරුදු

    ReplyDelete
  2. අවුරැදු - අවුරුදු
    එරඹදු - එරබදු
    අරැමක්කේ - අරුමැක්කේ
    හිරැ - හිරු
    දුරැවෙද - දුරුවෙද
    සරැ - සරු
    බඹරැන් - බඹරුන්

    ReplyDelete
  3. ඇත්තෙන්ම මේ වාගෙ තමා දැන් අපේ රටේ.

    ReplyDelete
  4. අවුරුද්දට ගිය කලක්

    ReplyDelete
  5. දැන් ඉතින් හැමදේම වෙනස් වෙලා .. :(

    ReplyDelete
  6. අවුරුදු දැන් නමට පමණක් සීමා වෙලා..

    ReplyDelete
  7. අගෙයි චන්දන.... මේක තමයි අැත්ත

    ReplyDelete