Pages

Monday 13 April 2015

එලැඹෙන අවුරැද්ද.........

ලබන්නා වූ සිංහල හා දමිළ අලුත් අවුරැද්ද මගේ සහෘද මිතුරැ හා නෑදෑ කැළ  ඇතුලු ශ්රී ලාංකිකයින් සියලුම දෙනාටම සුබම සුබ අලුත් අවුරැද්දක් වේවා!!




දස අතම සුවඳ දෙන මලින් තුරැ   වැසුණා
සවන් යුග පිනා යන කොවුල් නඳ  ඇසුණා
කැවුම් අතිරස බැදෙන දසුන් හිඟ  නොවුණා
බක් මහේ ජය මඟුල ළඟම බව දැනුණා

කෙතේ බැත නෙළා ගත් ගොවිඳු අටු පිරැනා
කජු ගසේ පුහුලමින් අතු බිමට නැමුණා
කෙසෙල් කඳ කැන පුදා පොලවටම වැටුණා
මුල්ලෙ සිටි රබානත් කරළියට  ඇඳුණා

කොහේ සිටියත් ගමට යන කලයි එලැඹුණේ
අතේ මලු පුරවගෙන නිවසටයි ගොඩවුණේ
නැතේ කවුරැත් නුවර පාළුවයි රජවුණේ
ගමේ හැම ගෙදරකම සිනහවයි පැතිරැනේ

සැම අතම සමගියේ සඳ කිරණ විහිදුනේ
අරෝවක ලකුණකුදු කොහෙත් නැත දිස්වුණේ
ඇයි මෙලෙස හැම දිනම වසන්නට බැරිවුණේ
සිත පෙලන එම පැනය මෙවරදිත් මතුවුණේ

මෙම නිර්මාණය එතෙර මිතූරැ කවි පන්හිඳේ පද්යාවලිය වැඩසටහන සඳහා ඉදිරිපත් කරන ලදී. 

චන්දන ගුණසේකර - එක්සත් රාජධානිය

5 comments:

  1. දුරු රට සිටින ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා!

    මව්බිමේ අලුත් අවුරුදු සුවඳ දැනේවා!

    ReplyDelete
  2. ඔබටත් පවුලේ සැමටත් සියළු පැතුම් ඉටුවන සුභම සුභ නව වසරක් චන්දන අයියේ! :)

    ReplyDelete
  3. දිවියම සුභ වේවා..!!!
    ජයවේවා..!!

    ReplyDelete
  4. සුබ නව වසරක් චන්දන.

    ReplyDelete
  5. ඔබටත් පවුලේ සැමටත් සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete