Pages

Friday 12 December 2014

එම්බා මධුවිත....



මධුවිත ඇයි නුඹ 
කුරිරැ වූයේ මෙතරම්
නුඹට පෙම් කල මිනිසුන්ට
උරැම කෙරැවේ ගැරහුම්....?

මත් කරවා ඔවුන්
ඉන්දවා පොළවට උඩින්
සැනසුවේ බොරැවටද 
දැන්වත් කියන්....

තබා ගුවනේ මොහොතක්
කරකවා බොරැවට වටයක්
බිමට වට්ටා මරා දැමුවේ
නොමැතිව කිසිදු බුරැලක්....

අවුල් කරවා පවුල් හැම
උරැම කෙරැවේ සෝ තැවුල් කිම
නුඹට මිනිසුන් පුද කරන පෙම
විහිළුවට ගත්තෙහිද කිව මැන....

-චන්දන ගුණසේකර-එක්සත් රාජධානිය

5 comments:

  1. සුපිරි.. මටත් අහන්ඩම තිබුණු ප්‍රශ්ණයක්

    ReplyDelete
  2. එල ද බ්‍රා..අමුතු විදිහක සිතුවිල්ලක්.

    ReplyDelete
  3. ගී පොතයි මී විතයි
    ඒ දෙකම මට එපා
    ගී පොතයි මී විතයි
    ඒ දෙකම මට එපා

    යුග නයන ගී පොතයි...
    යුග නයන ගී පොතයි
    ගත දවන මී විතයි
    මා පතන ගී පොතයි
    මී විතයි ඔබ සතුයි
    ගී පොතයි මී විතයි

    අවන්හල නැති සුරා
    ලවන් විත උර උරා
    වහස් බැල්මෙන් නුරා
    රහස් ගී කිය කියා
    ගී පොතයි මී විතයි

    මගේ හදවත එයින්
    සදාකල් මත් කරන්
    කිසිම ගීයක් නොවේ
    ඒ තරම් රස නොවේ

    ගායනය- ඩබ්. ඩී. අමරදේව
    ගී පද - මහගමසේකර

    ReplyDelete
  4. මධුවිත මිනිහාට මොනවා කරත් මිනිහා තාමත් මධුවිත සමගයි......... ඒකත් මාර තර්කයක් නොවැ........

    ReplyDelete
  5. ඒ උනාට ඉතිං ඉදලා හිටලා චුට්ටක් ගත්තට වරදක් නෑ මං හිතන්නේ.. :)

    ReplyDelete