Pages

Saturday 15 November 2014

ඔබ සැමටම ස්තූතියි...!!



සුළං කුරැල්ලෝ, මගෙ නාමලී වැනි හැටේ සහ හැත්තෑවේ දශකයේ ඉතාමත්ම ජනප්රියවූ ගීත ගැයූ ඒ අසහාය ගායක හරැන් ලන්ත්රා මහතාගේ දැන් තත්වය පිළිබඳව වීඩියෝ පටයක් මාහට දැකගන්නට ලැබුණේ මීට සති කිහිපයකට පෙරය. එය දුටු මට ඇතිවූ සංවේගය වචනයෙන් කෙසේ නම් විස්තර කරන්නද?


මා එවෙලේම එතුමාට යම් උදව්වක් කරන්නෙමි යැයි අදිටන් කර ගතිමි. මුහුණු පොතින් හඳුනාගත් හා ලංඩනයේ වෙසෙන මගේ මිතුරැ මිතුරියන්ට පණිවුඩ මගින් මේ පිළිබඳව දැනුවත් කොට යම් උදව්වක් කල හැකිදැයි විමසා සිටියෙමි. 


එසැනින්ම බොහෝ දෙනෙකු මාහා එක්වූහ. පහත දැක්වෙන්නේ ඒ උදව් කළ පිංවතුන්ගේ නාම ලේඛනයයි.


අප සැමටම කරදර ඇතිබව මම දනිමි. සමහරැ ඒ අයට ඇති කරදර මට පැවසූහ. පසුව උදව්කරන බවටද පොරොන්දු වූහ. සමහරැ උපදෙස් හා අනුශාසනා වලින් මට උදව් විය. එහෙත් මේ අතර සමහරෙක් එවැනි පණිවුඩයක් ලදබවවත් නොහඟවා මුනිවත අනුගමනය කළහ. මා ඔවුන් සමඟ අමනාප නැත. හැමගේම හදවත් එකසේම උනුනොවන බව මම දනිමි. එසේ වූවානම් මේ ලෝකය කෙතරම් නම් ලස්සන තැනක් වනු ඇතිද?


මේ මාහා එක්වූ පිරිසයි.


පහන් තරැව සොයුරිය රැ 10,000

සිෆ්නි ෆාතිමා ෆාරැක් රැ 20,000

නයනසේන වන්නිනායක රැ 10,000

මාර්ක් ඇන්තනී කුමාරගේ රැ 5,000

අශෝකා විජේසූරිය රැ 2500

අරැන නිරංජන් රැ 3000

චන්දන ගුණසේකර රැ 10,000

තරංග සිල්වා රැ 9,900

ඇනට් ෆොන්සේකා රැ 10,000

මොනිකා බංඩාරනායක රැ 500

රත්න ජයසේකර රැ 4118.27

බුද්ධි ප්රියානි රැ 2500

අනූෂා නිලන්තිකා රැ 5,000

හිමාලි ද අල්විස් £20/-

ගොඩ්ෆ්රි ද සිල්වා £25/-

රේණුකා විමලරත්න £25/-

මංජුලා මහානාම £50/-

ජයන්ත හේරත් £50/-

සන්ධ්යා සේනාරත්න £50/-

රැශාන්ත ජයසේකර £25/-

ශාන්ත ඉලංදාරිදේව £20/-


සම්පූර්ණ එකතුවූ මුදල රැ 149,360.27


මේ මස 25 වෙනිදා අප පහත සඳහන් වියළි ආහාර( රැපියල් 10,000 වටිනා) හරැන් ලන්ත්රා මහතාට ප්රදානය කරන්නෙමු. ඉන්පසුව මාස්පතා රැපියල් 10,000 වටිනා අත්යාවශ්ය ආහාර ද්රව්ය සපයන්නටද බලාපොරොත්තු වෙමු.


වියළි ආහාර ලැයිස්තුව


2 X සස්ටජන් = Rs 1650 x2 = Rs 3300

2 X මාමයිට් ලොකු =Rs 465X 2= Rs 930

අරලිය සම්බා කිලෝ 10ක් = Rs 880. 

පරිප්පු කිලෝ 1ක් = Rs176 . 

කරවල කීලන් කිලෝ 1ක් = Rs1000. උම්බලකඩ ගැරැම් 100ක් = Rs 180; 

2 X ඇන්කර් කිලෝ 1ක් =950 X 2 = Rs 1900

2 Xමල්ටි විටමින් සිරප් 1ක් =250 X 2 = Rs 500

13X මැගි නුඩ්ල්ස් පොඩි 1ක් =Rs 611

ඇන්කර් බටර් 100g = Rs235. හයිලන්ඩ් බටර් 200g = Rs 250


Total amount = Rs 9962/-


ආධාර කළ ඔබ සියලු දෙනාටම මගේ භක්ති ප්රණාමය. කෙදිනකවත් හමුවී හෝ දැකනැති මාගේ ඉල්ලීමකට ඇහුම්කන් දී මා සමඟ මේ සත් ක්රියාවට එක්වූ මුහුණු පොතේ සහෝදර සහෝදරියන් හා ලංඩනයේ මාහා දුක සැප බෙදාගන්නා මට සහයවූ සහෝදර සහෝදරියනී ඔබ සැමටම බොහොම පිං. 


මුදල් තමන්ගේ ගිණුමට බැරකිරීමට අවසර දුන් හා මාස් පතා හරැන් මහතා බැලීමට යාමේ වගකීම භාර ගත් කල්යාණි ගොඩමුල්ල සොයුරියට අප සැමගේම ප්රණාමය.


දයාබර සංවේදී හදවත් ඇති මිනිසුනේ ඔබ සැමටම ජය ශ්රී!!!!

15 comments:

  1. චන්දන.. මෙය ඉතාමත් වටිනා සද්ක්‍රියාවක්... හිතින් හරි ඔබ සමඟ එක් වෙන්න කැමතියි.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඔබට!

      Delete
  2. චන්දන.....................

    ඔබටත් මේ හැමදෙනාටත් අපගේ ස්තූතිය... ඇත්තට ම ස්තූතියි කියනවාට වඩා ඒ අගනා කාර්යයට දායක වීම සහ මගපෙන්වීම ගැන ඔබටත් ඒ හැමටත් අපේ ප්‍රණාමය පුද කර සිටින්නට කැමතියි... හැකි පළමු අවස්ථාවේ දී ඔබ සමග එකතු වන්නෙමු.............................

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඔබට!

      Delete
  3. සතුටුයි!! බොහොම සතුටුයි!! මේ වෙනුවෙන් මහන්සිවෙන උඹටත්, ගොඩමුල්ල සොයුරියටත් මගේ ගෞරවය. කොහොමද ගුණේ මගේ මැද නම හොයාගත්තේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං! සොයන්නාට සම්බ වේ...

      Delete
  4. මේවා තමයි පින් කියන්නේ... ආන්ඩුවෙනුත්, ජනාහිපතිතුමාගෙනුත් උදව් උපකාර ලැබුනා...

    ReplyDelete
  5. පට්ට වැඩක් කල්‍යාණි අක්ක මටත් කතා කලා 25 එන්ට කියල ඒත් පොඩි පොඩි ගැටලු වගයක් තියෙන නිසා ඒව මගෑරුනොත් පමණයි එන්ට වන්නෙ බලමු

    ReplyDelete
  6. චන්දන, මේ දෙන්නට බෙහෙත් එහෙම අවශ්‍ය නැද්ද? ඒවටත් කීයක් හරි දෙන්න පුලුවන්නම් හොඳයි. අර 10000 න්ම. ඒ වගේම මේ දෙන්නට ගැලපෙන ආහාර මොනවද කියලා වෛද්‍ය උපදෙසක් අරගෙන ආහාර ද්‍රව්‍ය ගන්න ක්‍රමයක් තියනවනම් හොඳයි නේද?

    ReplyDelete
    Replies
    1. හොඳ අදහසක් විචාරක තුමා. ඇරඹුම මෙහෙම කරලා තව ටික ටික වැඩ පිළිවෙල දියුණු කරමු.

      Delete